Author: LANKA24X7

මහරගම අපේක්‍ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා දෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කීපයක් රෝහලේ නොමැතිකම හේතුවෙන් එම ඖෂධ පිටත ඖෂධ අලවිසල්වලින් අධික මුදලක් ගෙවා මිලදී ගැනීමට සිදුව ඇතැයි රෝගීහු පවසති. මේ අතර ඇතැම් ඖෂධ පිටත ඔසුසල්වල ද නොමැති බව රෝගීහු කියති. පිළිකා රෝගීන්ට ශරීරයේ සුදු රුධිරාණු නැවත නිෂ්පාදනයවීම සදහා නයිට්‍රජන් එන්නත පිටත ඖෂධ වෙළෙදසල්වලින් ලබාගැනීමට රුපියල් 16,000 ක් පමණ මුදලක් වැය වන නමුත් එන්නත පිටතින් මිලදී ගැනීමටවත් නොමැති නිසා එම රෝගීහු අන්ත අසරණ වී සිටිති. මේ පිළිබඳව ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සිය අවධානය කඩිනමින් යොමු කර ඖෂධ නොමැතිව අන්ත අසරණ වී ජීවිතයත් මරණයත් අතර පොර බදමින් සිටින තමන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි…

Read More

රේගුවට හොර රහසේ ආනයනය කළ එක් සුඛෝපභෝගී මෝටර් රථකින් රජයට රුපියල් කෝටි තුනකට අධික පාඩුවක් වී ඇතිි බවත්, එවන් සුඛෝපභෝගී වාහන 178ක් 2015 වසරෙන් පසුව මෙරටට අනයනය කර කෝටි ගණනක පාඩුවක් සිදුකර ඇති බවත් අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කරුණු දැක්වමින් පැවැසීය මෙලෙස රජයට රේගු බදු හා ලියාපදිංචි ගාස්තු අහිමි කරමින් ගෙන්වා ඇත්තේ ටොයෝටා වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථ, මොන්ටේරෝ හා ප්‍රාඩෝ රථ බව පැවසූ අල්ලස් කොමිසම අදාළ වාහන ආනයනය කළ ව්‍යාපාරිකයන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය සමග එක්ව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බවද සඳහන් කළේය. 2018 වර්ෂයේ ජපානයේ නිෂ්පාදනය කර 2019 වර්ෂයේ රේගුවට හොර රහසේ මෙරටට…

Read More

කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග කළ දුරකතන සංවාදයක් හේතුවෙන් ඉල්ලා අස්වන ලෙසට දැඩි බලපෑමකට ලක්වුණු තායිලන්ත අගමැතිනී පේටොංටාර්න් ෂිනවාත්‍රාගේ ධූරය අත්හිටුවිණි. පේටොංටාර්න් ෂිනවාත්‍රා, කාම්බෝජ හිටපු නායක හුන් ට ඉතා ලෙංගතුව, හිතවත්කමින්, ‘අංකල්’ යනුවෙන් ආමන්ත්‍රණය කරමින්, තායිලන්තය සහ කාම්බෝජය අතරේ හටගෙන ඇති දේශසීමා අර්බුදය විසඳීමට මැදිහත් වෙන්නැයි කරන ඉල්ලීම ඒම දුරකතන සංවාදයට ඇතුළත් වෙයි. එම දුරකතන සන්වාදයේ දී, තායිලන්ත අගමැතිනිය, තායි හමුදා ප්‍රධානීන් විවේචනය කරන අතර, ඇගේ සන්ධාන රජයේ හවුල්කාර පක්ෂ හෑල්ලු කරමින් කතා කරයි. මෙම දුරකතන සන්වාද හඬ පටය ප්‍රසිද්ධියට පත් වෙද්දී, අගමැතිනී පේටොංටාර්න්ගේ සන්ධාන රජය ද දෙදරා ගියේය. ජනතා විරෝධයක් ද ඉස්මතු විය. ඉන්පසු අග්‍රාමාත්‍යවරිය සේවයෙන් පහ කරන…

Read More

බස්නාහිර,සබරගමුව, සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවඑ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ සිට බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටිනවට තරමක තද සුළං ඇති වේ.

Read More

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවත් එහි නිෂ්පාදන කටයුතු ඇනහිට ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එවැනි වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය නිවේදනය කරයි. සමාගමේ කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය බඩඉරිඟු සපයා ගැනීම සඳහා ඍජු සහ විනිවිදභාවයෙන් යුතුව තීරණ ගෙන සැපයුම් යථාවත් කර ඇති බවත් ත්‍රිපෝෂ සමාගමේ යන්ත්‍රසූත්‍ර පූර්ණ ධාරිතාවයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ පිරිවිතරයන්ට අනුව අදාල ප්‍රතිලාභීන්ට වෙත දිවයින පුරා බෙදාහැරීමේ කටයුතුද සියලු බාධාවකින් තොරව සිදුවන බවද ත්‍රිපෝෂ සමාගම තහවුරු කරයි. යන්ත්‍ර සූත්‍ර උපරිමයෙන් ක්‍රියාත්මක වීම මත අතිරික්ත නිෂ්පාදන වෙළදපොළ උදෙසා සුපෝෂ නිෂ්පාදනය දිවයින පුරා බෙදා…

Read More

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට සමගාමිව මේ අවස්ථාවේ බස් ගාස්තුවේ වෙනසක් අවශ්‍ය නොවන බව පෞද්ගලික බස් රථ සංගම් පවසයි. ඩීසල් මිල රුපියල් 15 කින් ඉහළ දැමිම හමුවේ බස් ගාස්තු සංශෝධනයක් මේ අවස්ථාවේ සිදු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. ඉන්ධන මිළ ඉහළ දැමිම හේතුවෙන් ජුලි මාසයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසය දක්වා කල්දැමීම සිදුකළ යුතු බවද ඔහු සඳහන් කළේය. දශම ගණනකින් බස් ගාස්තු සංහෝධනයක් කිරීමෙන් එහි වාසිය මගියාට නොලැබෙන බවද විජේරත්න මහතා කීවේය. බස් ගාස්තු සංශෝධනයේදී ඉන්ධන මිළ, බස් රථ සහ අමතර කොටස් මිළ, බදු ඇතුලු කරුණු 12 ක් සම්බන්ධයෙන්…

Read More

ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දැමුව ද පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථ ගාස්තු ඉහළ නොදමන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති මල්ශ්‍රී ද සිල්වා මහතා පැවසීය. වර්තමාන තත්වය යටතේ වෑන් ගාස්තු ඉහළ දැමුවහොත් දැනට සිටින දරුවන් ද අඩු වන බව කී මල්ශ්‍රී ද සිල්වා මහතා විදුලි සහ ජල බිල් දරාගත නොහැකි මව්පියන්ට තවත් බර පැටවීමට නොහැකි බව ද සඳහන් කළේය.

Read More

සම්බා සහ කීරි සම්බා සහල් පාලන මිල ඉක්මවා තමන්ට තොග වශයෙන් ලැබෙන පසුබිමක පාරිභෝගික අධිකාරිය විසින් වැටලීම් කිරීම හේතුවෙන් සහල් වෙළඳාමෙන් ඉවත්වීමට සිදුව ඇතැයි ව්‍යාපාරිකයෝ කියති. සම්බා කිලෝවක් රුපියල් 240.00 ට සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 260.00 කට මිල නියමව ඇතත් මේ වන විට එම සහල් වර්ග තමන්ට ලැබෙන්නේ පාලන මිල ඉක්මවූ මිල ගණන්වලට බැවින් තමන්ටද ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා ඊට වැඩි මුදලකට අලෙවි කිරීමට සිදුව ඇතැයි ව්‍යාපාරිකයෝ සඳහන් කරති. එවන් පසුබිමක පාලන මිලට වැඩි ගණන් සඳහා සහල් විකුණන බවට චෝදනා කරමින් පාරිභෝගික අධිකාරිය වැටලීම් කිරීම හේතුවෙන් තමන්ට රුපියල් ලක්ෂය ඉක්මවූ දඩ මුදල් ගෙවීමට සිදුවීමේ අවදානමක් උද්ගතව ඇතැයි ඔවුහු සඳහන්…

Read More

අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල සියලුම මගීන්ට අගෝස්තු 1 වැනිදා සිට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇත. එසේම අධිවේගී බස් රථවල සියලුම මගීන්ට ආසන බඳ පටි පැළඳීම සැප්තැම්බර් මස 1 වැනිදා සිට අනිවාර්ය කෙරෙන බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය රත්නායක මහතා අද උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මෙසේ පැවසීය. රිය අනතුරුවලින් දිනපතා විශාල ප්‍රමාණයකගේ ජීවිත අහිමිවන හෙයින් එම තත් වය මගහැරීම සඳහා මෙම තීරණය ගත් බවද ඔහු කීවේය. අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයටද ආසන පටි පැළඳීම අනිවාර්ය බව අමාත්‍යවරයා පැවසීය.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ සභාපතිව කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකා රජයට පාඩුවක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි එම සමාගමේ හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ සැකකරු ලබන පහළොව දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූඡා ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග කළාය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් අවසන් කර එදිනට ඉදිරිපත් කරන ලෙසටද අල්ලස් කොමිසමට නියෝග කළාය. 2014 ජනවාරි 22 දින මැලේසියාවේ කෝලාම්ලාම්පූර්ණ නුවර සිට කටුනායක දක්වා පියාසර කිරීමට නියමිත යූ එල් 319 ගුවන් යානයේ ගමනාන්තය වෙනස් කිරීම තුළින් ඇමරිකානු ඩොලර් 4512 රජයට පාඩුවක් කිරීම,එම වසරේම ජනවාරි 26 දින මාල දිවයින සිට ලංකාව හරහා ප්‍රංශය බලා…

Read More