Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අද (4) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ඊට අදාළව සිදුකරන විමර්ශයේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඒ මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි. එහිදී ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් අත්විලංගු ජෝඩුවක් මහනුවර ප්‍රධාන පෙළේ නිවාඩු නිකේතනයක් තුළ දමා ගොස් තිබූ බෑගයක් තුළ තිබී හමු වි ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. එම අත් විලංගු ජෝඩුවෙහි ඉංග්‍රීසියෙන් department of prison ns -3000 හා 150843 ලෙස අංකයක් සටහන්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි. මහනුවර දළදා වීදියේ පිහිටි එම නිවාඩු නිකේතනයේ දමා ගොස් තිබූ බෑගයක් තුළ තිබී මෙම අත් විලංගු ජෝඩුව හමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් එම ආයතනය පිරිස් කළමනාකරු විසින් මහනුවර විශේෂ කාර්යාංශය දැනූවත් කර තිබේ.
කතරගම බලා පාද යාත්‍රා පාගමනින් එන බැතිමතින්ට කුමන ජාතික උද්‍යානයෙන් ඇතුලුවීමට අද (04) සවස 03.00න් පසුව අවසර නොලැබෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නැගෙනහිර පළාත් සහකාර අධ්‍යක්ෂ ප්‍රශාන්ත විමලදාස මහතා පැවස්වේය. උතුරු නැගෙනහිර දෙපළාත් ඇතුලුව රටේ විවිධ ප්‍රදේශවලින් හින්දු බැතිමතුන්ට කතරගම පෙරහරට සහභාගිවීම සදහා කුමන ජාතික උද්‍යානයේ ගේට්ටු පසුගිය ජූනි 20දා විවෘත කරනුලැබීය. ඒ අනුව 03 වැනිදා වනවිට කුමන ගේට්ටුවෙන් පුද්ගලයින් 34,612ක් ඇතුලුවී ඇති බව සහකාර අධ්‍යක්ෂකවරයා කීවේය. එසේ ඇතුවු පිරිස අතර හින්දු බැතිමතුන් පමණක් නොවන බවද කීවේය.
මෙරට ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් අවදානමට ලක්ව ඇත්තේ සිය පවුලේ අවශ්‍යතා වෙනුවෙන් ලබාගත් ණය හේතුවෙන් බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය ඊයේ (03) ප්‍රකාශ කළාය. නිශ්චිතව මෙරට ජනතාවගෙන් සියයට 33.4 ප්‍රමාණයක් ණය හේතුවෙන් අවදානමට ලක්ව තිබෙන බවත් ඒ හේතුවෙන් අහිමිවීම් වලට මුහුණ දෙන බවත් ඇය පැවැසුවාය. එලෙස අවදානමට ලක්වූ ජනතාව අතර ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි මූලික අවශ්‍යතා සඳහා ණය ලබාගත් අයද සිටින බවත් ඔවුන්ට ලබාගත් ණය හේතුවෙන් වත්කම් ඉක්මනින් අහිමිවීමේ අවදානමට ලක්ව තිබෙන බවත් ඇය ප්‍රකාශ කළාය. මෙම කරුණු එක්සත් ජාතීන්ගේ 2023 බහු අවදානම් දර්ශකයේ සඳහන් වන බවත් කීපවතාවක් තමන් මෙම කරුණු මතක් කරදී තිබෙන…
ඓතිහාසික සීගිරිය පුරාවිද්‍යා භූමිය අනවසර ඉදිකිරීම් හේතුවෙන් විනාශවීමේ තර්ජනයක් මතුවිය හැකි හෙයින් ඒ භූ දර්ශනය ආරක්ෂා කරන්නැයි යුනෙස්කෝ සංවිධානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා පවසන්නේ ඓතිහාසික සීගිරිය යනු සීගිරි පර්වතය පමණක් නොවන බවයි. සීගිරිය වටා ප්‍රාග් ඓතිහාසික ලෙන් මෙන්ම සුසාන භූමි පද්ධතියක් පවතින හෙයින් යුනිස්කෝ සංවිධානය ආරක්ෂා කරන්නැයි ඉල්ලා ඇත්තේ ඒවා බවද ඔහු කීවේය. අනවසර ඉදිකිරීම් වැඩි වුවහොත් සීගිරියට යම් තර්ජනයක් ඇති විය හැකි බවද ඔහු සඳහන් කළේය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සීගිරිය පර්වතයට ඹබ්බෙන්වූ යාර දෙසිය සහ හාරසීය සීමාව ආරක්ෂා කරන බවත් ඒ ඇතුළත අලුත් ඉදිකිරීම් කිසිවක් කිරීමට ඉඩ නොදෙන බවත්…
අස්වැසුම වැඩසටහන යටතේ ලක්ෂ 18 ක පිරිසක් ප්‍රතිලාභ ලබනවා. තවත් ලක්ෂ 9 ක පිරිසක් ඊට ඉල්ලම් කර තිබෙනවා. 2024 වසරේ වත්මන් ජනපතිවරයා බලයට පත්වන වන විට දුගී ජනතාව ලක්ෂ 18 කට ආසන්නවී තිබුණ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා අද පැවැසීය. ඔහු ඒ බව පැවැසූවේ ග්‍රාමීය දිළිදුබව තුරන් කිරීමේ ජාතික වැඩසටහන ‘ප්‍රජා ශක්ති‘ ජාතික ව්‍යාපාරයේ සමාරම්භක උළෙල සම්බන්ධයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. ‘ප්‍රජා ශක්ති‘ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට සවස 2.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයේදි පැවැත්වීමට නියමිතය. මෙරට ග්‍රාම සංවර්ධනය…
2025 වසරේ ආරම්භයේ සිට මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධීන් 62 ක් ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. එම වෙඩි තැබීම් අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් විසින් සිදු කළ වෙඩි තැබීම් 44 ක් වාර්තා වී තිබූ අතර එහිදී පුද්ගලයන් 32 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය කියයි. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුල් මත සංවිධානාත්මක අපරාධකරුවන් විසින් එම වෙඩි තැබීම් සිදු කර තිබූ බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
රාගම බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසකට ඊයේ (3) රාත්‍රී කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට මිය ගොස් ඇතැයි රාගම පොලිසිය කියයි. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ යු ඒ රත්නායක නමැති 42 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා නිවසේ සිටියදී තීරෝද රථයකින් පැමිණෙන පුද්ගලයන් දෙදෙනකු. මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි පොලිසිය කියයි. වෙඩි තැබීම පිස්තෝල වර්ගයේ ගිනි අවකින් සිදුකර ඇති බවටද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී ඇත.
පේරාදෙණිය පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ සංවර්ධන නිලධාරීයෙකු සහ රියදුරෙකු රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවව කියයි. බණ්ඩාරවෙල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. කෘමිනාශක දිලීර නාසක සහ ශාක වර්ධනය සඳහා හෝමෝන නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සඳහා එම නිෂ්පාදනය කරන පලිබෝධනාශක නියැදි වශයෙන් ගෙන පරික්ෂා කිරීම සඳහා නිවසට පැමිණීමට එම නිලධාරීන් පැමිණෙන වාහනයට ඉන්ධන ගැනීමට රුපියල් 10,000 ක මුදලක් පැමිණිලි කරුගෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවමත සැකකරුවන් දෙදෙනා පැමිණිලිකරුගේ නිවසේදී අත්අඩංගුවට ගත් බව එම කොමිෂන් සභාව කියයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
