Author: LANKA24X7

පොතුවිල් පොලිස් වසමට අයත් කෝමාරිය ප්‍රදේශයේ ඊයේ (30) සිදුවූ බස්රථ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් 56 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොතුවිල් පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ බස් රථයේ පැමිණි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. වැලිමඩ සිට දීඝවාපි රජමහා විහාරයේ ශ්‍රම දානයකට පැමිණි පිරිසක් ශ්‍රමදානය අවසන්වී ආපසු අරුගම්බේ දෙසට පැමිණෙමින් සිටිය දී කෝමාරිය රෝහල අසල දී බෝක්කුවකින් පහලට පෙරලී ඇති බව, පොතුවිල් පොලිසිය සදහන් කරයි. රියදුරුට නින්දයාම නිසා අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය අනුමාන කරන අතර, විමර්ශන සිදුවෙමින් පවතී.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත අද (31) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වයඹ පළාතේ සහ යාපනය දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයයේ දී මෝටර් ට්‍රොලියක් පිලීපැනීමට ලක්වීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය පාලන මැදිරිය පවසයි . දෙමෝදර සිට නානුඔය බලා ධාවනය වෙමින් තිබූ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිළධාරින් පිරිසක් ගමන් ගත් මෝටර් ට්‍රොලියක් මෙලෙස ඊයේ (30) රාත්‍රී පිලීපැනීමට ලක්ව ඇත. මේනිසාවෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1007 දරන විශේෂ සීඝ්‍රගාමී දුම්රිය ඔහිය දුම්රිය ස්ථානයේත්, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 රාත්‍රි තැපැල් දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේත් දැනට නවතා තබා ඇතයි දුම්රිය පාලන මැදිරිය වැඩිදුරටත් සදහන් කළේය. පිලීපැනීමට ලක්ව ඇති මෝටර් ට්‍රොලිය…

Read More

කොච්චිකඩේ පොලීසියට භාර වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාව සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ මහතා අද (29) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත. 2006 වසරේ දී උද්ඝෝෂණයක් අතරතුර සිදුවු පහරදීමක් සහ අයුතු ඇතුළුවීමක් සම්බන්ධයෙන් වූ චෝදනා යටතේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර තිබේ.

Read More

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රෝහලෙන් පිටව ගොස් තිබේ. ඒ අද (29) උදෑසන ඒ මහතාව සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර යැවීමෙන් පසුවය.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 75 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 2,000 නව සමරු නෝට්ටුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිළිගැන්වීය. සංසරණය සඳහා යොදන සමරු මුදල් නෝට්ටුවක් ලෙස මෙය නිකුත් කර තිබෙන අතර, මෙම මුදල් නෝට්ටුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 5 වන සමරු මුදල් නෝට්ටුවයි. ජාතික සංවර්ධනය සඳහා පදනම ලෙස ආර්ථික ස්ථාවරත්වය වර්ධනය කිරීම වෙනුවෙන් මහ බැංකුවේ නොනවතින කැපවීම පිළිබිඹු කරමින් “සමෘද්ධිය සඳහා ස්ථාවරත්වය” යන සංවත්සර තේමාව අනුව මෙම මුදල් නෝට්ටුව නිකුත් කර ඇත. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක,…

Read More

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අධිකරණය මඟින් වරෙන්තු ලබාසිටි උන් වහන්සේ අද (29) දහවල් අධිකරණය හමුවේ පෙනී සිටියේය. 2020 මහ මැතිවරණයෙන් ‘අපේ ජනබල’ පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් රඳවා තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම නඩු විභාගය පැවැත් වේ.

Read More

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එළඹෙන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා අද (29) පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ මහතාව ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළේය. අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර තිබුණි.

Read More

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අද (29) පෙරවරුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය හමුවට රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ. ඒ අනුව සේනාරත්න මහතා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු රිමාන්ඩ් භාරයේ තබාගන්න ලෙස මෙහිදි මහාධිකරණ විනිසුරුවරිය නියම කර ඇත.

Read More

මුන්දලම ප්‍රදේශයේ අවස්ථා දෙකකදී වෙඩි තැබිම් දෙකක් සිදුකර එම ප්‍රදේශයෙ නොසන්සුන්තාවයක් ඇති කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු වෙඩි තැබිමට යොදා ගත් ගිනි අවිය සමඟ පුත්තලම කොට්ඨාස අපරාධ කාර්යාංශයේ නිළධාරීන් විසින් සිදුකල මෙහෙයුමකින් පසු ඊයේ (28 ) අත් අඩංගුවට ගත් බව කියයි. මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුණේ අවුරුදු 30 හා 37 වයස් සිමාවල සැකකරුවන් දෙදෙනෙකු වන අතර මොවුන් මුන්දලම නවදන්කුලම පදිංචිකරුවන් බව කියයි. මෙම අත් අඩංගුවට ගැනිම සදහා පුත්තලම කොට්ඨාශ බුද්ධි අංශය හා කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයෙ බුද්ධි එකකක ලබා දුන් තොරතුරු මත මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට කටයුතු කර තිබුණි. අදාල වෙඩි තැබිමට සම්බන්ධව සැකකරුවන් සමග බෝර 12 ගිනි අවිය.ජීව…

Read More