Author: LANKA24X7

ආණ්ඩුව ඇතුළේ දූෂණ සහ වංචාව සම්පූර්ණයෙන්ම අවසන් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පැවසීය. කෙසේ වෙතත් විපක්ෂය ඇතුළේ දූෂණය වංචාව තවමත් අවසන්වී නැතැයි පැවසූ අමාත්‍යවරයා විපක්ෂයේ ඇත්තන් පාර්ලිමේන්තුව ඇතුළේත් පිටතත් විවිධ බොරු වපුරමින් සුපුරුදු දේශපාලනයේ යෙදී සිටින බවද ප්‍රකාශ කළේය. ඔහු මෙසේ පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමිනි.

Read More

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා රාජ්‍ය දේපළ අවභාවිත කරන බව පවසමින් නව ජනතා පෙරමුණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පෙරේදා පැමිණිල්ලක් කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම පක්ෂයේ නායක සුගීස්වර බණ්ඩාර මහතා පවසන්නේ කතානායකවරයා පහළොස් දෙනෙකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් සිය කටයුතු සඳහා යොදාගෙන ඇති බවයි. එසේම කතානායකවරයා සිය නිල වාහන දෙකට අමතරව තවත් වාහනයක් ලබාගෙන ඇති බවත් එම වාහනය ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වෙනුවෙන් වෙන්කර ඇති බවත් ඔහු සඳහන් කළේය. කතානායකවරයා සිය නිල රථ සඳහා පාර්ලිමේන්තු මහ ලේකම්වරියගේ අවසරය ඇතිව ඉන්ධන ලීටර් 900ක් ලබා ගන්නා බව පැවසූ බණ්ඩාර මහතා කථානායක වෙනුවෙන් නිල නිවසක් තියෙද්දී කොළඹ ලොරිස් මහල් නිවාස සංකීර්ණයෙන්…

Read More

සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව මෙම වසරේ පළමු මාස 6දී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.71 ක මුදලක් උපයා ඇති බවත් එය පෙර වසරට සාපේක්ෂව සියයට 10 වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල සඳහන් වේ. පසුගිය වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.55 ක මුදලක් උපයා තිබිණි. එසේම පසුගිය මාසයේදී සංචාරක කර්මාන්තයෙන් ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 169.5 ක් උපයා තිබූ අතර එය 2024 වසරේ ජූනි මාසයේදී උපයා ගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 151.1 ට සාපේක්ෂව එය සියයට 12.1 වර්ධනයකි. ශ්‍රී ලංකාව, මෙම වසරේදී සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක මුදලක් උපයා…

Read More

මහනුවර දළදා වීදිය ප්‍රදේශයේ නවාතැන්පොළක අත් විලංගු ජෝඩුවක් දමා ගොස් තිබූ කැලණිය පොලිසියේ පොලිස් සැරෙන්වරයකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි. මාසයකට වැඩි කාලයක් එම අත්විලංගු යුවල බෑගයක දමා නවාතැන් පොලේ දමා ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. එම නවාතැන් පොලේ කළමනාකරු බෑගය පරීක්ෂා කර බැලීමේදී මෙම අත්විලංගු ජෝඩුව හමුවීමෙන්අනතුරුව එම අත්විලංගු පොලිසියට බාර දී ඇත. අනතුරුව පොලිසිය සිදුකළ විමර්ශන වලදී එම අත්විලංගු කැලණිය පොලිසියේ සැරයන්වරයකු විසින් දමා ගොස් තිබූ බව අනාවරණය වී තිබුණි. එම අත් විලංගු යුවල බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත. අනතුරුව එම සැරයන්වරයා මහනුවර පොලිසියට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව…

Read More

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමේ තීරණය තවදුරටත් මාස හයකට දීර්ඝ කිරීමට මහ බැංකුව අද සවස තිරණය කළේය. ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් ආඥා පනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසිවලට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වනු ලබන විමර්ශන කටයුතු අඛණ්ඩව සිදු කිරීම සඳහා, අද සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවකුගේ ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් තවදුරටත් මාස හයක කාලයක් අත්හිටුවනු ඇත.

Read More

මවක, දියණියක සහ තවත් පුද්ගලයකු කොස්ගම සුදු වැල්ල ප්‍රදේශයේදී, වෙඩි ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කර ඇතැයි කොස්ගම පොලිසිය කියයි. කොටහැර පොඩ්ඩා නමැති සංවිධානාත්මක අපරාධකරු ඇතුළු තිදෙනකු මෙසේ තුවාල ලබා අවිස්සාවිල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් පොලිසිය පවසයි. හංවැල්ල ප්‍රදේශයේ තිබූ සංගීත සංදර්ශනයක් නරඹා නැවත නිවස වෙත ගමන් කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත. වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී මිලිමීටර් නමය වර්ගයේ බවට සැක කළ හැකි උණ්ඩ නමයක් හමුවී ඇති අතර සිද්ධිය වූ ස්ථානය ආසන්නයේ පිහිටි නිවසක තුවාලකරුවකු සැඟව සිට ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි…

Read More

මාලිගාවත්ත නිවසක් වටලා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන මත්ද්‍රව්‍ය පානය කර සිටි පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස්පති විශේෂ මෙහෙයුම් රථ වාහන මූලස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකි. සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 590 ක් තිබී පොලිස් භාරයට ගෙන ඇත. ජයවර්ධනපුර විශේෂ කාර්ය බළකා කඳුරේ නිලධාරීන් විසින් ඔවුන්ට ලද තොරතුරකට අනුව මාලිගාවත්ත නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගෙන මාළිගාවත්ත පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කළ බව පොලිසිය කියයි.

Read More

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේශී සූරසිංහ නැමැත්තියට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවකට සහභාගි වී අධිකරණයෙන් පිටව යමින් සිටි අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරියට (නීති) එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය මරණ තර්ජන කර ඇති බව කෙසෙල් වත්ත පොලිසිය පවසයි. අල්ලස් කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂවරිය සහ එම සභාවේ පොලිස් පරීක්ෂකවරයකු විශේෂඥ ශල්‍ය වෛද්‍යවරිය සහ තවත් දෙදෙනකුට එරෙහිව නඩුවට පෙනී සිටිමින් අධිකරණයෙන් පිටව යන අවස්ථාවේදී එම ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය ‘‘උඹල දෙන්නා මරනවා’‘ යනුවෙන් තර්ජන කර ඇති බව පොලිසිය කියයි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කෙසෙල් වත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

බැඳුම්කර සිද්ධියට සුදු හුණු ගෑමට සහ එහි තොරතුරු වසන් කිරීමට මත්පැන් සමාගමකින් කෝටි ගණනින් මුදල් ඇතුළු විවිධ වරදාන ලබාගත් බව පැවසෙන හිටපු සහ වර්තමාන මන්ත්‍රීවරුන් දස දෙනකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ පිරිස අතර සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද සිටින බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය. විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මුල් වකවානුවේදී බැඳුම්කර සිද්ධිය දැඩිව විවේචනය කර ඇති නමුත් මත්පැන් සමාගමෙන් මුදල් ඇතුළු විවිධ වරදාන ලබා ගැනීමෙන් පසු එලෙස විවේචන කිරීම අත්හැර දමා නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළි කරගෙන ඇත මත්පැන් සමාගමෙන් එම මන්ත්‍රීවරුන්ට නිකුත් කර…

Read More

දික්කසාද නඩුවක තීන්දුව කාන්තාවට වාසිදායක වන අන්දමට දීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ලබාගන්නා අවස්ථාවේදී කදුරුවෙල ක්වාසි විනිසුරුවරයා සහ එහි ලිපිකරුවෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. උදාළ කාන්තාව විසින් කළ පැමිණීල්ලකට අනුව කළ වැටලීමකදී කදුරුවෙල ක්වාසි අධිකරණ පරිශ්‍රයේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් කදුරුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More