Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාටද හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතාටද ගෙදරින් කෑම ලබාගැනීමට බන්ධනාගාර ප්‍රධානීන් අවසර ලබා දී ඇත. එම දෙදෙනා කළ ඉල්ලීමක් අනුව මෙසේ අවසර දුන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා පැවසීය. මේ අනුව දෙදෙනාම ඊයේ දහවල් සිට ගෙදරින් කෑම ලබාගෙන ඇත. මෝදර ධීවර වරාය බඳු දීමේදී රජයට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් පාඩු කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන මස 9 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීය. 2006 පළාත් පාලන ඡන්දය පැවති කාල සීමාවේදී මීගමුව උප නගරාධිපති සුනිල් විල්බට් පෙරේරා මහතාගේ නිවසට පහරදී අනර්ථයක් කිරීම සම්බන්ධයෙන් නිමල්…
සබරගමුව පළාත, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කියයි.
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ. හෙට (01) පෙරවරු 9ට එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස සමන් ඒකනායක මහතාට දැනුම් දී ඇති බව වාර්තා වෙයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන්ය. සිද්ධියට අදාළව මීට පෙර ද සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ යැයි හැඟෙන අයුරින් ව්‍යාජ ඡායාරූපයක් සැකසූ පුද්ගලයන්ට එරෙහිව නීති පියවර ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි. එම නිවේදනයේ මෙසේද දැක්වේ. විදේශගතව සිටිමින් ශ‍්‍රී ලංකාව තුළ විවිධ සංවිධානාත්මක අපරාධ මෙහෙයවීම සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පත්මේ නම් පුද්ගලයා ඇතුලූ පිරිස පසුගිය දා ඉන්දුනීසියාවේදී ශ‍්‍රී ලංකා පොලීසියේත් ඉන්දුනීසියානු පොලීසියේත් ඒකාබද්ධ මෙහෙයුමක් මගින් අත්අඩංගුවට ගනු ලැබීය. එකී අත්අඩංගුවට පත්වූ පිරිස 2025-08-30 දින පස්වරුවේදී ශ‍්‍රී ලංකාවට රැගෙන එන ලදී. එම අවස්ථාවට ඉන්දුනීසියානු පොලීසියේ නිළධාරීන් කිහිප දෙනෙක් ද සහභාගී වූහ. එකී මෙහෙයුමට සම්බන්ධ වූ ශ‍්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් සදහා අවශ්‍ය දිරි ගැන්වීම ලබා…
වෙන්නප්පුව වැව පාරේ අද (31) සිදුවු වෙඩි තැබිමකින් එක් අයෙකු එම ස්ථානයෙදීම මරණයට පත්ව තුවාල ලැබු තවත් අයකු රෝහල් ගත කර ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි. වෙඩි ප්‍රහාරයට ලක්ව මරණයට පත්ව ඇත්තේ වෙන්නප්පුව උදාසිරිගම පදිංචි ධනුෂ්ක උදයශාන්ත නොහොත් ‘කටා‘ යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙන් අයකු බව කියයි. ඒ සමගම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුලත් කර ඇති අනෙක් තැනැත්තා ලුණුවිල කිරිමැටියාන පදිංචි කරුවෙකු බව කියයි. මෙම වෙඩි තැබිම වෙන්නප්පුව වැව පාරේ දි සිදුව ඇති අතර වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඉරු දින වෙන්නප්පුව පොලිසියට පැමිෂ එහි පොත් අත්සන් කර ආපසු තම හිතවතේකු සමඟ යමින් සිටි අයකු බව කියයි. මෝටර් රථයකින්…
බණ්ඩාරගම බද්දේගොඩ ප්‍රදේශයේදී ගංජා ජාවාරම් කරුවෙකු පොලිස් නිලධාරියෙකු සපා කා පලා ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි . තුවාල ලද කොස්තාපල්වරයා පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත. බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙෙඋපදෙස්මත විශේෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් සංචාරයේ යෙදී සිටියදී ගැලණිගම හන්දිය අසල ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනයේ වෙනත් පුද්ගලයෙකුගේ ජංගම දුරකථනයක අංකයක් සටහන්ව තිබීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ගංජා මිලදී ගත් ජාවාරම්කරුගේ දුරකථන අංකය බවට අනාවරණය වීමෙන් අනතුරුව තවත් ගංජා ඉල්ලා ඔහු වෙත ඇමතුමක් ලබාදීමෙන් අනතුරුව බද්දේගොඩ ප්‍රදේශයට පැමිණෙන ලෙස…
රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගෙදරින් කෑම ලබාගැනීමට අවසර ඉල්ලා ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. සේනාරත්න මහතා රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ එන් වාට්ටුවේය. බන්ධනාගාර වෛද්‍යවරුන් රාජිත සේනාරත්න මහතා පරීක්ෂා කර ඇතත් රෝහල්ගත කිරීමට තරම් අසනීප තත්ත්වයක් නොමැති බව දැනුම් දී ඇතැයි වාර්තාවේ.
අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කළ නිෂ්පාදන සඳහා ඉදිරියේදී සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. රජයන් ඇත්තේ කර්මාන්ත අපහසුතාවට පත් කිරීමට නොව පහසුකම් සැලසීමට බවත්, නීති රීති සම්පාදනයේදී අදාල ක්ෂේත්‍ර සමඟ සහ සම්බන්ධතාවක් පවත්වාගෙන යාම මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමේදී ප්‍රමාණවත් කාලයක් ලබා දීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කෘෂි සහ ආහාරපාන ක්ෂේත්‍රයට සම්බන්ධ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි. ගොවීන්ට අවශ්‍ය පහසුකම් සැලසීම, අපනයන, බදු සහන, ප්‍රතිචක්‍රීකරණය සහ කර්මාන්ත පවත්වාගෙන යාමේදී බලපාන නීතිමය තත්ත්වයන් පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.…
ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කියන කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු පිරිස ඊයේ සවස දිවයිනට රැගෙන ආවේය. එසේ රැගෙන ආ පිරිස අතර කොමාන්ඩෝ සලින්ත නොහොත් පිට්ටුවා , බැකෝ සමන් , පානදුරේ නිලංග සහ තැඹිලි ළහිරු නැමති අන්වර්ථ නාම වලින් හදුන්වන ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් සිටියි . ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 365 දරන ගුවන් යානයෙන් දැඩි ආරක්ෂාවක් මධ්‍යයයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි. කටුනායක ගුවන් තොටුපොළ තුළත් ඉන් පිටත ප්‍රදේශයේත් දැඩි ලෙස ආරක්ෂාව තර කර ඇති ආකාරයක් දැක ගන්නට තිබේ . ඔවුන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය භාර සහකාර පොලිස් අධිකාරී…
ආරුගම්බේ ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටල් හිමියෙකුට සහ ඔහුගේ බිරියට පහර දුන් බව කියන ඊශ්‍රාල ජාතිකයන් දෙදෙනෙකු පසුගිය (29) අත්අඩංගුවට ගත් බව පොතුවිල් පොලිසිය පවසයි. පාර කෑමට ලක් වූ හෝටල් හිමියා සහ ඔහුගේ බිරිය තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසියය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 26 හැවිරිදි ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනෙකි. එම හෝටල් හිමියා සහ ඔහුගේ බිරිය ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් පැමිණි ඊශ්‍රායල ජාතිකයන් දෙදෙනා මඟ හරස් කිරීම නිසා ඇති වූ කතාබහක් දුර දිග යාමෙන් මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි
