Author: LANKA24X7

ශ්‍රී ලංකා පොලීසිය, රාජ්‍ය බුද්ධි සේවය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පොලීසිය එක්ව සිදු කරන ලද මෙහෙයුමකින් ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව සිට මෙරටට පිටුවහල් කළ අවශ්‍ය කරන සැකකරුවෙකු වන ශ්‍රීධරන් නිරන්ජන් නොහොත් ‘ටින්කර්’ දිවයිනට රැගෙනවිත් තිබේ. අද (01) අලුයම් කාලයේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් පෑලියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරින් වෙත භාරදී ඇත. සැකකරු වයස අවුරුදු 36 ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි අදාළ සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පලනි ශිරාන් ග්ලෝරියන් නොහොත් “කොච්චිකඩේ ශිරාන්” නැමැත්තාගේ අනුගාමිකයෙකු ලෙස හඳුනාගෙන ඇත බව පොලීසිය සඳහන් කරයි. මෙම සැකකරු 2024.10.16 දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත…

Read More

කතරගම වෙහෙරගල ජලාශයේ තිබී T.56 මැගසින් 74 ක්, LMG ඩ්‍රම්ස් 35 සහ MPMG ඩ්‍රම්ස් බොක්ස් 05 ක් ඇතුළු හඳුනා නොගත් මැගසින් කිහිපයක් සොයාගෙන තිබේ. තවද මෙම ස්ථානයේ තිබී පතොරම් සහිත බවට සැක කෙරෙන පෙට්ටි 2ක් සහ ආයුධ යැයි සැක ගෝනි 2ක් ද සොයාගෙන ඇති බව වාර්තා වෙයි. යුද හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරක් මත විමර්ශනය කර මෙම ආයුධ සොයාගෙන ඇත. මෙම සංග්‍රාමික උපකරණ තොගය වෙහෙරගල ජලාශයේ ජලය අඩු වීම හේතුවෙන් නිරීක්ෂණය වී ඇති අතර මෙම සංග්‍රාමික උපකරණ හමු වූ ස්ථානය ගෝනගංආර පොලිස් වසමට අයත් බැවින් වැඩිදුර විමර්ශන සඳහා ගෝනගංආර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. මෙම වැව් බැම්මේ සොරොව්ව ආසන්නයේ ජලය…

Read More

කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණ ශාලාවේ සිරමැදිරිය අසළදී බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටි රැදවියකුට මත් ද්‍රව්‍ය තොගයක් ලබා දුන් එම රැදවියගේ බිරිය අත් අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි. මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වූ නඩුවකදී ලත් අධිකරණ නියෝගයක් අනුව බන්ධනාගාර ගත කර සිටින රැඳවියකු කැකිරාව මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඊයේ (30) ඉදිරිපත් කිරීමට අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් කටයුතු කර තිබිණි. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ආ අදාළ රැදවියා ඇතුලු රැදවියන් පිරිසක් අධීකරණ ශාලාව තුළ පිහිටි සිර මැදිරිය වෙත රැගෙන යන අවස්ථාවේ අධිකරණ ශාලාවේ රැදී සිටි කාන්තාවක විසින් එම රැදවියාට මත්කුඩු අඩංගු පාර්සලය ලබා දී තිබූ බව පොලිසිය කියයි. අදාළ රැදවියා සන්තකයේ තිබි සැකකාර කාන්තාව විසින්…

Read More

ඩීසල් ඇතුළු ඉන්ධන වර්ග තුනක මිල ඊයේ (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේය. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කළ බව ද ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල වෙනස් නොවන බව ද ඛනිජ තෙල් සංස්ථාව පැවසීය. මෙම මිල සංශෝධනයට අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 277 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 335 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 185 ක් බවත්…

Read More

ළමයින් හිංසනයට ලක්වීම වැළැක්වීම සඳහා රජය ගෙන ආ පනත් කෙටුම්පත සම්මත වුවහොත් දරුවන්ට උගන්වනවාද? නැතිනම් හිරේ යනවද? කියා ගුරුවරුන්ට හිතන්න වෙන බව ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමියෝ මාධ්‍ය හමුවකදී ඊයේ (30) පැවසීය. මෙම දණ්ඩ නීති සංග්‍රහ සංශෝධනය ක්‍රියාත්මක වුණොත් පාසලකට ශිෂ්‍ය නායක මණ්ඩලයක් වැඩක් නැතැයි ද සුමංගල හිමියෝ කීහ. ගුරු සංගම් වල සහභාගීත්වයෙන් කොළඹදී පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ උලපනේ සුමංගල හිමියෝ:- මේ පනත සම්මත වුණොත් වගේම පාසලකට විනය මණ්ඩලයක් වැඩක් නැහැ.කොටින්ම කියනවා නම් පාසලේ විනය කියන වචනයක් කතා කිරීමත් තහනම් වෙනවා.මේ නිසා රට වනසන, පාසල වනසන මේ පනත වහ හකුලා ගන්නැයි අප රජයෙන් ඉල්ලා සිටිනවා.…

Read More

ළමා දිනයේ දී සහ වැඩිහිටි දිනයේ දී ඔවුනගේ සුබ සිද්ධිය උදෙසා කළ යුතු දේ පිළිබඳව පුළුල් සංවාදයකට යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ලෝක ළමා දින සහ වැඩිහිටි දින සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි. විපක්ෂ නායකවරයා මෙසේද කියයි. ජාත්‍යන්තර ළමා දිනය සහ ජාත්‍යන්තර වැඩිහිටි දිනය වසරේ එක ම දිනයක පැවැත්වීම අතිශයින් ම අර්ථාන්විත සැමරුමක්. ‘අද දරුවා හෙට වැඩිහිටියකි.’ මේ ආත්තෝපදේශය අපට දරුවන් සහ වැටිහිටියන් ගැන මනා වැටහීමක් ලබාදෙයි. ළමුන්ගේ සුරක්ෂිතභාවය යනු සමාජයේ යහපැවැත්ම යි. සමාජයේ යහපැවැත්ම අනාගතයට දායාද කරනු ලබන වැඩිහිටියන් යනු රටක පූර්වාදර්ශ, පරමාදර්ශ සනිටුහන් කරන පිරිස යි. මේ දෙපිරිසම ආරක්ෂා කිරීම රැකබලා ගැනීම සහ ඔවුන් වෙනුවෙන් සමාජය…

Read More

දරුවන්ට පරිපූර්ණ ළමා ලෝකයක් සහ වැඩිහිටියන්ට ගෞරවනීය සමාජ ජීවිතයක් ගත කිරීමට අවැසි “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” වෙනුවෙන් උපරිමයෙන් කැපවෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ළමා සහ වැඩිහිටි දින සුබ පැතුම් පණිවිඩයෙන් පවසයි. අග්‍රාමාත්‍යවරිය මෙසේද කියයි. “ආදරෙන් සුරකින්න – අපට ලොව දිනනට ” යන්න තේමා කර ගනිමින් සමරන ලෝක ළමා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරිය ලෙස සුබපැතුම් පිරිනැමීමට ලැබීම පිළිබඳව ඉමහත් සතුටට පත්වෙමි. රටක ජීවය වන්නේ දරුවන් ය. ඔවුන්‍ට පරිපූර්ණ ළමා ලෝකයක් ගොඩනැගීම අපේ කාර්‍යභාරයයි. ජනගහනයෙන් 31% කට ආසන්න ළමා පරපුරක් හිමි රටක් ලෙස දරුවන් වෙනුවෙන් වූ සුවිශේෂී වගකීමක් රජය වෙත පැවරී තිබේ. එකී වගකීම මැනවින් අවබෝධ කරගත් අප රජය ” සුරක්ෂිත…

Read More

ළමා සහ වැඩිහිටි අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් රජය පූර්ණ වශයෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපතිවරයා මෙසේද කියයි. ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබේ. රටක ජනගහනයෙන් ළමා සහ වැඩිහිටි නියෝජනය සැලකිය යුතු ප්‍රමාණයකි. මෙම පරම්පරා දෙකෙහිම අයිතිවාසිකම් සහ සුබසිද්ධිය වෙනුවෙන් පූර්ණ වශයෙන් අප රජය කැප වී සිටින අතර, දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ යහපැවැත්ම උදෙසා අඛණ්ඩව ක්‍රියා කරමින් සිටින්නෙමු. රටක මෙන්ම ලෝකයේ අනාගතය දරා සිටින්නේ ළමා පරපුරය. ඔවුන්ගේ ලෝකය අව්‍යාජ සහ නොකිළිටි ලොවක් වන හෙයින් අතිශය සුන්දරය. ඒ සුන්දරත්වය භුක්ති විඳීමට ඔවුන්ට…

Read More

2012 දී ඝාතනයට ලක් වූ රගර් ක්‍රීඩක වසීම් තජුඩින් මියගොස් සිටි රථයට පිටුපසින් පැමිණි සැක කටයුතු රථයක මිද්දෙණියේ දී ඝාතනයට ලක් වූ අරුණ විදාන ගමගේ හෙවත් ” කජ්ජා ” නැමැත්තා සිට ඇති බව ඔහුගේ බිරිය අනාවරණය කළ බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා ඊයේ පැවසීය. ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල සුහුදු පාය පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකටට එක්වෙමිනි. කජ්ජා නමැත්තාගේ බිරිය ස්වේච්ඡාවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පෙනී සිට මෙම ප්‍රකාශය දුන් අවස්ථාවකදී බවද වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. කොළඹ නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල පිලිස්සී ගිය මෝටර් රථයකයක තිබී රගර් ක්‍රීඩක වසීම්…

Read More

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) පෙරවරුවේ ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී නිපොන් පදනමේ ආරම්භක සභාපති යොහෙයි සසකාවා මහතා හමුවී සාකච්ඡාවක නිරත විය. ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු විය. ශ්‍රී ලංකාව තුළ සියලු ප්‍රජාවන්ගේ ජීවනෝපායන් නඟා සිටුවීම සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව යොහෙයි සසකාවා මහතා මෙහිදී ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේය. එසේම උතුර සහ නැගෙනහිර පළාත්වල පාසල් 100 ක් ප්‍රතිසංස්කරණය කිරීම සහ නවීකරණය කිරීම සඳහා වන ඉදිරි සැලසුම් ද ඔහු විසින් ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලාංකික ජනතාවගේ සංවර්ධනය සහ යහපැවැත්ම…

Read More