Author: LANKA24X7

රාජකාරි කරන මුවාවෙන් කැකිරාව ප්‍රදේශයේදී රුපියල් ලක්‍ෂ 30 ක් කොල්ලකෑමේ සිද්ධියකට සැක පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. හලාවත පොලිසියේ සේවය කරන්නේ යැයි කියන අදාල පොලිස් සැරයන්වරයා ඇතුළු පුද්ගලයන් 5 දෙනෙකු මෙම කොල්ලය කර ඇති බවත් එම කොල්ලයට සම්බන්ධ පුද්ගලයකු මකුලුගස්වැව පොලීසිය මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම නිලධාරියා කීය. සැකකාර පොලිස් සැරයන්වරයා ජනාකීර්ණ නොවන මාර්ගවල රථවාහන රාජකාරි කරන මුවාවෙන් වාහන පරීක්‍ෂා කර වාහන කොල්ලකෑමේ නිරතව ඇති බවත් එම ක්‍රියාවලියේදීම මෙම ලක්‍ෂ 30 ක කොල්ලය කර ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.

Read More

විශාල මුදලක් වැය නොකර පෙබරවාරි මස නිවාඩුවක් ගත කිරීම සඳහා ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රට ශ්‍රී ලංකාව බව එක්සත් රාජධානියේ අයි නිව්ස් වෙබ් අඩවිය පෙන්වා දී ඇත. වෙනත් රටකට ගොස් නිවාඩු ගත කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සංචාරකයන් වෙනුවෙන් මෙම වසරේ මාස 12 සඳහා විශාල මුදලක් වැය නොකර හොඳ සේවාවක් ලබා ගත හැකි රටවල් 12 ක් අයි නිව්ස් වෙබ් අඩවිය නම් කර තිබේ. ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සැමරුම පෙබරවාරි 4 වැනිදාට යේදී තිබීම හේතුවෙන් රටපුරා සැමරුම් උත්සව පැවැත්වෙනු ඇතැයි එම වෙබ් අඩවිය වාර්තා කර ඇත. එසේම ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර මිල පෙබරවාරි මාසයේ පහළ මට්ටමක පවතින බවත් ඉකුත් වසරේ අප්‍රේල් මස…

Read More

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් ඇතුළු අමාත්‍යවරුන් 15 දෙනෙකුට ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් සිය ආසන අහිමි වීමේ අවදානමක් පවතින බවට සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ. එරට සමීක්ෂණ කණ්ඩායමක් සහ මාධ්‍ය නාලිකාවක් එක්වී සිදුකළ මහජන මත විමසුමකදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙන්ම එරට නියෝජ්‍ය අගමැති ඩොමිනික් රාබ් සහ සෞඛ්‍ය අමාත්‍ය බාර්ක්ලේ ඇතුළු කොන්සර්වේටිව් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් කිහිපදෙනෙකු 2024 දී පැවැත්වීමට නියමිත මැතිවරණයේදී පරාජය වීමේ අවදානමක් පවතින බව අදාළ සමීක්ෂණය මඟින් පෙන්වාදී තිබේ. ආසන අහිමි වනු ඇති බවට අපේක්ෂා කරන ලැයිස්තුවේ එරට විදේශ, ආරක්ෂක, පරිසර අමාත්‍යවරුන්ද සිටින බව සඳහන් ය.

Read More

පළාත් පාලන මැතිවරණයකින් රටට කිසිඳු සේවයක් නොමැති බැවින් එම මැතිවරණය මේ අවස්ථාවේ පැවැත්වීම අවශ්‍ය නොවන බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි. කෑගල්ලේදී ඊයේ (08) මාධ්‍යයට අදහස් පළකරමින් උන්වහන්සේ මේ බව පැවසීය. “ඉලෙක්ෂන් එක නෙමෙයි මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ. මිනිස්සුන්ට කෑම බීම සහ ජීවිතය ගැට ගසා ගැනීමට අදාළ පහසුකම්. IMF ඇතුළු ලෝක සංවිධාන අපේ රටට උදව් නොකරන්නේ ඇයි ?. ශ්‍රී ලංකාවේ නිත්‍යානූකූල ජනමතයක් සහිත රජයක් නැතිකමේ ප්‍රශ්නය. ඒ නිසා දැන් අවශ්‍ය කරන ඉලෙක්ෂන් එක තමයි රජයක් පිහිටුවාගැනීම සඳහා වූ ඉලෙක්ෂන් එක.” “පළාත් සභා නැහැ කියලා රටට ප්‍රශ්නයක් තියෙනවාද ? නෑ.. ඔය අගේට යන්නේ වැඩපිළිවෙල. අඩුම ගානේ කෝටි 3,000කට වඩා ලබායි…

Read More

පළාත් පාලන මැතිවරණය සඳහා ඇස්තමේන්තු කළ මුදලට වඩා අඩු අගයකින් එහි කටයුතු අවසන් කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඊයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ඒ බව සඳහන් කළේය. “මෙවර මැතිවරණය සඳහා අපි යොදා ගන්නේ 2022 ඡන්ද හිමි නාමලේඛනය. අපිට තියෙන්නේ පනතේ ඇති නීති අනුව ක්‍රියා කරන්න. නීතියෙන් යම් කිසි ආකාරයේ නියමයක් කරන තෙක් අපි අපේ කටයුතු කරගෙන යනවා.” “අපි පවත්නා මිල ගණන් ඇස්තමේන්තු කළා. ඒ අනුව, අපිට බිලියන 10ක මුදල් ප්‍රමාණය ඇතිවෙයි කියන ප්‍රමාණය තියෙනවා. ගියවර බිලියන 8ක් කියපු වියදම තමයි කොවිඩ් -19 තත්ත්වයත් තුළ මිලියන 5.8කින් අවසන් කරගත්තේ.”

Read More

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ටොරිංටන්හි පිහිටි නිල නිවසේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ඊයේ (08) පස්වරුවේ එම සාකච්ඡාව පැවැති බව වාර්තා විය. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර, ලසන්ත අලගියවන්න යන මහත්වරුන් එක්වී සිටි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

Read More

රජයේ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි බිල වැඩිවීමක් හෝ අඩුවීමක් සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා පවසයි. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව පැවසීය. “ඉංජිනේරුවරු, ගණකාධිකාරීවරු, මුල්‍ය කළමනාකාරවරු විශාල පිරිසක් එකට එකතුවෙලා අපි විශේෂ අධ්‍යනයක් කළා. එහිදී අපි විවිධ අවස්ථාවන් 20ක් අරගෙන ඒ අනුව කටයුතු කළා. ඒකෙදි එක එක අවස්ථාවෙදී විදුලිබල මණ්ඩලයේ මුල්‍ය තත්ත්වය වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව විශේෂ අධ්‍යනයක් කළා.” “එතකොට ඒ අධ්‍යනය කියන එක යටතේදී තමයි අපිට දැනගන්න ලැබුණේ බිලියන 277ක විතර අඩුවක් හිටිනවා කියලා ලබන වසරේදී. සම්පූර්ණ වියදමයි අදායමයි අතර පරතරය. මේ මෙහෙයුම් අලාභය කියන එකේ පරණ ණය නැහැ.” “ඔය…

Read More

බම්බලපිටිය කින්රොස් පෙදෙස ව්‍යාපාරිකයකුගේ දෙමහල් නිවසට ඇතුළුවී දේපළ සොරා ගත් මාලිගාවත්තේ “බොම්බ රිෂාක්” සහ එම දේපළ සහ තවත් සොර බඩු මිලදී ගත් “උක්කුවා” නැමැත්තා රුපියල් ලක්ෂ පනහකට ආසන්න දේපළ සමග අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලීසිය කීයයි. ඊට අමතරව සොර බඩු ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථ රියදුරුද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා අත් ඔරලෝසු හතරක් , රන් මුදු දෙකක් , ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්, අයි පෑඩ් දහයක් මෙන්ම ලැප්ටොප් පරිගණකයක් සහ විදේශීය මුදල් තොගයක් ඇතුළු භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගනු ලැබීය. මීට දින කිහිපයකට ඉහතදී කින්රොස් පෙදෙසෙහි දෙමහල් නිවසට අලුයම් කාලයේදී දොර කඩා ඇතුළු වී…

Read More

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර හමුවක් ඊයේ (08) පස්වරුවේ පවත්වා තිබේ. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන, සාගල රත්නායක, රවී කරුණානායක, පාලිත රංගේ බණ්ඩාර, රුවන් විජේවර්ධන සහ අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ඊට සහභාගී වී ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශ්වයෙන් ඊට සහභාගී වී ඇත්තේ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සංජීව එදිරිමාන්න යන මහත්වරුන්ය. පක්ෂ දෙකේ දිස්ත්‍රික් නායකයින් සමඟ මේ සතිය තුළ සාකච්ඡා පවත්වා ඉදිරි කටයුතු පිළිබඳව තීරණය කිරීමට එහිදී දෙපාර්ශ්වය තීරණය කර තිබේ. පක්ෂ දෙක අතර…

Read More

බිත්තර ආනයනය කිරීම සඳහා අන්තර්ජාතික මට්ටමින් ටෙන්ඩර් කැඳවීම අද දිනයේ ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. ඒ අනුව බිත්තර ආනයනය සඳහා වන ටෙන්ඩර් කැඳවීම, ආනයනය කරනු ලබන බිත්තර සංඛ්‍යාව තීරණය කිරීම සහ සුදුසු ආනයනකරුවන් තෝරාගැනීමේ කටයුතු මෙම සතිය තුළ සිදුකර අවසන් කිරීමට කටයුතු කරන බව එම සංස්ථාව සඳහන් කළේය. පවතින තත්ත්වය හමුවේ වෙළෙඳපොළට අවශ්‍ය වන බිත්තර ප්‍රමාණය රජය විසින් තීරණය කර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත දැනුම්දීමට නියමිතව තිබේ. ඊට අදාළව මෙරටට අවශ්‍ය බිත්තර සංඛ්‍යාව මෙම සතිය තුළ ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්ය. මේ අතර දිවයිනේ පළාත් 03ක් කේන්ද්‍ර කරගනිමින් අද දිනයේ රුපියල් 53කට…

Read More