Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දකුණු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 4,586කට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාව සහ සැකකරුවන් කොළඹ වරායට රැගෙන විත් තිබේ. ශ්‍රී ලංකාවට දකුණෙන් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 229ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ එම මත්ද්‍රව්‍ය තොගය නාවික හමුදා භාරයට ගෙන තිබුණි. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකින් අනතුරුවය. අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 128 ග්‍රෑම් 327ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 106ග්‍රෑම් 474කට අධික තොගයක් බහුදින ධීවර යාත්‍රාව තිබී සොයාගෙන ඇත. ධීවර යාත්‍රාව සමග සැකකරුවන් අට දෙනෙක් සහ එම යාත්‍රාවට ඉන්ධන ලබාදීමට…
තමන්ව පැහැර ගත් බව පවසමින් සැමියා හා දරුවන් රවටා රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබාගැනීමට වෙනත් නිවසක සැඟව සිටි කාන්තාවක් විශේෂ විමර්ශනයකින් පසු ආණමඩුව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ආණමඩුව නගරයේ පදිංචි තිදරු මවකි. අදාළ කාන්තාවගේ සැමියා විශ්‍රාමික යුද හමුදා නිලධාරියකු වන අතර ඔහු යුද හමුදාවෙන් විශ්‍රාම යාමේන් පසු කොන්ත්‍රාත්කරුවකු ලෙස කටයුතු කර ඇති බවත් මේ වන විට කොන්ත්‍රාත්වලින් පාඩු ලබා නිවසට ව සිටින බවද පොලිස් පරික්ෂණවලදී හෙළිව තිබේ. අදාළ කාන්තාව පසුගිය 15 දින ආණමඩුවේ නිවසින් දියණිය පදිංචි වාරියපොළ හංහමුණ නවගත්තම ප්‍රදේශයට ගොස් ඇති බවත් එදින ආණමඩුව නගරයට පැමිණෙන බවට සැමියාට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇති බවත්…
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75 පමණ තරමක වැසි ඇති වෙන බවය. නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවේ 25 වැනි නාවික හමුදාධිපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා පත්කර තිබේ. නව නාවික හමුදාපති ප්‍රියන්ත පෙරේරා මහතාට හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා නාවික හමුදා චාරිත්‍රානුකූලව රාජකාරීන් භාර දුන්නේය. හමුදාවෙන් සේවයෙන් විශ්‍රාම ලැබූ අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා වෙත සම්මාන ආචාර මුරයක් ද නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
ආබාධිතයන් පාවිච්චි කරන කිහිලිකරු, රෝද පුටු සහ ශ්‍රවණාධාරක ඇතුළු සහයක උපකරණ මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස උත්තර ලංකා සභාගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාට ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය. බදු අය කරන උපකරණවලින් වැඩි කොටසක කාණ්ඩ අංක ඇතුළත් ලේඛනයක්ද එම ලිපිය සමඟ යොමු කරනු ලැබ ඇත. ආබාධිතයන් පාවිච්චි කරන සහයක උපකරණවල මිල ගණන් නව බදු සංශෝධන හේතුවෙන් සියයට 400 කින් පමණ වැඩිවී ඇතැයි රටට මුලින්ම තොරතුරු අනාවරණය කළේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාය. සහයක උපකරණවලට අධික බදු අය කිරීමෙන් ආබාධිතයන් අන්ත අසරණ තත්වයකට පත්වන බව වලේබොඩ මහතා එහිදී පෙන්වා දුන්නේය.…
විශේෂ දළදා ප්‍රදර්ශනයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහ නා හිමිවරුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊට අදාළ විශේෂ ලිපිය මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට සහ දළදා මාළිගයේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත ඊයේ (17) පස්වරුවේ භාරදුන් බවය. ඒ අනුව ජනාධිපතිවරයාගේ අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් ඉදිරියේදී අදාළ පාර්ශව සමග සාකච්ඡා කිරිමට නියමිත බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.
බෙන්තොට බෝධිමළුව ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පැවති සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමග පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පවත්වන බවට පොලීසියට ලද තොරතුරත් මත ඊයේ (17) වැටලීම සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය. සැකකරුවන් අවුරුදු 21ත් 37ත් අතර වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් වත්තල, නාරහේන්පිට, කොටහේන, මාළිගාවත්ත, මට්ටක්කුලිය, වලස්මුල්ල සහ කොළඹ 12 ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සැකකරුවන් අද (18) බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රට ගොඩනැගීම සඳහා තම සංවිධානය තුළ විධිමත් සැලැස්මක් ඇති බව පිරිපුන් දේශයක් සංවිධානය පවයි. පසුගිය සිය ජාතික වැඩසටහන ජනගත කරමින් එම සංවිධානය පෙන්වා දුන්නේ, වසරක් තුළ රටේ සිදුවන සොරකම් නතර කිරීමට සැලසුමක් ඇති බවය. ශ්‍රී ලංකාව දිනෙන් දින ආර්ථික වශයෙන් පරිහානියට පත්වෙමින් පවතින බව හඳුනාගත් ” පිරිපුන් දේශයක් ” සංවිධානය 2020 වසරේ සිට රටට උපායමාර්ගික සැළසුමක අවශ්‍යතාව පිළිබඳව කතිකාවතක් ආරම්භ කළේය. එය ස්වේච්ඡාවෙන් එක්වූ විද්වතුන් පිරිසකගෙන් සමන්විතය. ගොඩනගන ලද සැලසුම් එකතු කරමින්, ජාතික උපායමාර්ගික සැලසුමක ආකෘතිය ජනගත කිරීමේ ජාතික වැඩසටහනක් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විය. එහිදී අදහස් දැක්වූ පිරිපුන් දේශයක් සංවිධානයේ සභාපති ඉංජිනේරු ආනන්ද දේව සිංහ මහතා, “මේ රට…
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සකස් කළ පරිසර හානි තක්සේරු වාර්තාව ලබන මස 15 වැනිදාට ප්‍රථම නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. අදාළ වන්දි ලබා ගැනීම සඳහා මෙරට අධිකරණයක නඩුවක් පැවරීම යෝග්‍ය බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මීට පෙර කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබුණි. කෙසේවෙතත් පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරු අධිකරණයක් හමුවේ නඩුවක් පවරන ලෙස උපදෙස් ලබා දී ඇත. මේ සම්බන්ධයෙන් “අද දෙරණ” කළ විමසීමකදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි…
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (18) පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිතය. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,894 කදී සිසු සිසුවියන් 334,698 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටි. මෙවර විභාගයේදී පළමු වරට සිසුන්ට ප්‍රවේශ පත්‍රයක් ලබා නොදෙන අතර ඒ සඳහා පැමිණීමේ ලේඛනයක් ක්‍රියාත්මක වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේය. ඔහු පැවසුවේ විභාග පරිශ්‍රය තුළ දෙමව්පියන්ට රැදී සිටීමට අවස්ථාව නොමැති බවය. පෙරවරු 8.45ට පෙර විභාග ශාලාවට දරුවන්ට පැමිණීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා වැඩිදුරටත් පැවසීය.
