Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණවේ. කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ වැඩිවිය හැක. කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු විය හැක. ගිගුරුම් සහිත වැසි…
වතු කම්කරුවන්ගේ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වන විශේෂ නීති ගෙන එන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. වතු කම්කරුවන් මෙරටට පැමිණ වසර දෙසියක් ගත වීම නිමිත්තෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් සම්බන්ධයෙන් වතු වෘත්තීය සමිති නියෝජිතයින් සමග අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අදාළ නීති සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබේ. අය වැය යෝජනා අනුව මෙම වසර තුළදී එක් කම්කරු නීති සංග්‍රහයක් සකස් කරන අතර වතු කම්කරුවන් සඳහා වන විශේෂ නීති එයට ඇතුළත් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. කම්කරු දෙපාර්තමේන්තුව විසින් වතු කම්කරුවන්ට යවනු ලබන ලිපි සිංහල භාෂාවෙන් යොමු කිරීම හේතුවෙන් සිය ගැටලු විසඳා ගැනීමට…
දුම්රිය බලධාරීන් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව අතර අද (10) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා පැවසුවේ, විශ්‍රාම ගිය දුම්රිය සේවකයින් කොන්ත්‍රාත් පදනමෙන් යළි සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිත බවය. එහිදී සේවයේ අවශ්‍යතාව මත ඔවුන්ව කොන්ත්‍රාත් පදනමෙන් යළි සේවයේ පිහිටුවීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය අද ලැබෙනු ඇති බවට විශ්වාස කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේය. පසුගිය මස 31 වනදා දුම්රිය සේවයේ 450ක පමණ පිරිසක් විශ්‍රාම ගිය අතර සේවකයින් 400ක පමණ පිරිසක් නැවත අත්‍යාවශ්‍ය සේවා සඳහා කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
අරණායක – මාවනැල්ල මාර්ගයේ අලුපත ප්‍රදේශයේ දී සිදු වු රිය අනතුරකින් අරණායක පොලිස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් තිබේ. ඔහු ඊයේ (09) සවස යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදී මෙලස අනතුරට ලක්ව බරපතළ තුවාල ලබා දිප්පිටිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මිය ගොස් ඇත්තේ අවුරුදු 22ක් වයසැති අග්බෝපුර, කන්තාලේ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. මෙම නිලධාරියා අරණායක ප්‍රදේශයේ පැවති සංදර්ශන උත්සව අවස්ථාවක රාජකාරියේ යෙදී සිටින අතරතුර මෙලෙස අනතුරට පත්ව ඇති බව අනාවරණය වී ඇත. අනතුර සම්බන්ධයෙන් අරණායක පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
මෙරට ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සියදිවි නසාගැනීමක් බවට වාර්තා නොවන බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 175 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවය. “කිසිම වෙලාවක මෙතෙක් එම මරණය සියදිවි නසාගැනීමක් බවට වාර්තා කිරීමකුත් නෑ. කිසිම ආකාරයක තහවුරු කිරීමකුත් නෑ. තවදුරටත් විමර්ශන කටයුතු සිදුවෙනවා. මේ අවස්ථාව වන විට ප්‍රකාශ 175කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරලා තියෙනවා. ඒ වගේම නඩු භාණ්ඩ 14කට ආසන්න සංඛ්‍යාවක් රජයේ රස පරීක්ෂකයා වෙත පරීක්ෂා කිරීම සඳහා යොමු කරලා තියෙනවා. ඊට අමතරව දුරකථන විශ්ලේෂණ, බැංකු වාර්තා සහ විවිධ ලබා ගත යුතු ලේඛන…
මේ මාසයේ සිට පිරිවැය මත විදුලි ගාස්තු ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ, විදුලිබල කර්මාන්තය සඳහා වන පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීමට ද අනුමැතිය හිමි වූ බවය. ඉහළ ප්‍රතිශතයකින් විදුලි බිල ඉහළ නැංවීම සඳහා වන යෝජනාව කාංචන විජේසේකර අමාත්‍යවරයා විසින් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි. මෙම යෝජනාවට දැඩි ජනතා අප්‍රසාදය එල්ල වූණි. විදුලි බිල ඉහළ නැංවීමට එරෙහි හැට නව ලක්ෂයක මහජන පෙත්සමක් අත්සන් කෙරුණු අතර එහි පළමු අදියරේ අත්සන් ලේඛන විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් ඊයේ (09) මහජන උපයෝගීතා කොමිසම වෙත භාර දුන්නේය. විදුලි බිල ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වුව ද…
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද (09) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාගෙන තිබේ. ඒ, මහනුවර ශ්‍රී දළදා මාළිගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනා එල්ල වන සේපාල් අමරසිංහ සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවය. බෞද්ධයින්ගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා වහන්සේට නිගරු වන අයුරින් සේපාල් අමරසිංහ නම් පුද්ගලයෙක් පසුගිය දිනක සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදුකර තිබුණි. ඒ අනුව, පර්ශ්ව කිහිපයකින් පොලිස්පතිවරයා වෙත පැමිණිලි කිහිපයක් ලැබුණු අතර පසුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව සේපාල් අමරසිංහ නැමැත්තාව පසුගිය 5වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය. පසුව ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (10) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. එමෙන්ම කුරුණෑගල පොතුහැර, අහුගොඩ…
පළාත් පාලන ඡන්ද විමසීම කල්දමන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයකු වන ඩබ්. එම්. ආර්. විජේසුන්දර මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සම් දෙකක් ගොනුකර තිබේ. ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයෙකු වන නීතිඥ සුනිල් වටගල සහ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරන්ග ගුණසේකර විසින් එම පෙත්සම් දෙක ඉදිරිපත් කර ඇත. පෙත්සම්කරුවන් කියා සිටින්නේ, වර්තමානයේ රට තුළ විශාල ආර්ථික අර්බුදයක් මතු වී තිබෙන හෙයින් මෙම අවස්ථාවේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම නුසුදුසු බව සඳහන් කරමින් විශ්‍රාමික යුද හමුදා කවරෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇති බවය. මෙම පෙත්සම තුළ කිසිදු…
වත්මන් රජය රටේ නීතියේ ආධිපත්‍ය හෑල්ලුවට ලක්කරමින් සිටින බව අති උතුම් කාදිනල් හිමියන් පවසන බව සිරිල් ගාමිණී පියතුමන් පැවසීය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ශ්‍රී ලංකා පොලීසියේ ඉහළම තනතුරක් ප්‍රදානය කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් කාදිනල් හිමියන්ගේ ප්‍රතිචාරය පිළිබඳව අදහස් දක්වමින් සිරිල් ගාමිණී පියතුමන් මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සිරිල් ගාමිණී පියතුමන් වැඩිදුරටත් පවසා සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනව ආරක්ෂා කිරීමට සහ ඔහුට වරදාන වරප්‍රසාද ලබාදීමට අවශ්‍යව ඇත්තේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සත්‍යය හෙළිවීම වැළැක්වීමට බවය.
සාකච්ඡා පැවැත්වුවද මේ මොහොතේ බස් ගාස්තු අඩුකිරීමට නොහැකි බව බස් රථ සංගම් පවසයි. බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ බස් සංගම් අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරු 10.00ට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ දි පැවැත්වුණි. බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති තීරණ සහ තවදුරටත් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතුද යන්න පිළිබඳ මෙහිදි තීරණය කිරීමට නියමිතය. ඒ අනුව බස් සංගම් නියෝජිතයින් අද එම සාකච්ඡාව සඳහා පැමිණියේය. සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ, ප්‍රධාන ලේකම්, අංජන ප්‍රියන්ජිත් මහතා, “මොනවා සාකච්ඡා කළත් කමක් නෑ. බස් ගාස්තු අඩුකිරීම ගැන සාකච්ඡා කරන්න බෑ. තියෙන තත්ත්වය සමග වාහන අමතර කොටස් මිල 500%කින් ඉහළ…
