Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මේ වසර අවසානයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 100කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යෑමට නියමිත බවත් එය ප්‍රබල ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂණ සේවාවට බලපාන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. “මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලංකාවේම 3,200ක් පමණ තමයි ආවරණය කරන්නේ. ඉතාම අඩු සංඛ්‍යාවක්. එම සංඛ්‍යාවෙන් 100කට ආසන්න සංඛ්‍යාවක් දෙසැම්බර් 31 වැනිදා විශ්‍රාම යාමට නියමිතයි. විශේෂයෙන්ම ප්‍රධාන සෞඛ්‍ය පරීක්ෂකයාගේ සිටම පළාත් සියල්ල නියෝජනය වන විදියට 100කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යනවා. මේක ප්‍රබල ලෙස සෞඛ්‍ය පරීක්ෂණ සේවයට දැනෙනවා. අපිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු පුහුණු කරන්න අවුරුදු 2කට ආසන්න කාලයක් යනවා තාක්ෂණික…
දකුණු පළාතේ නගර තුනක පිහිටි රාජ්‍ය බැංකු තුනක ඒටීම් යන්ත්‍රවලින් රුපියල් කෝටියකට අධික මුදල් සොරාගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි. හික්කඩුව, ගාල්ල හා බද්දේගම නගරවල පිහිටි ඒටීඑම් යන්ත්‍ර වලින් මෙම මුදල් සොරාගෙන ඇත. ඒ ටි එම් යන්ත්‍රවල ඇති පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළුවී මෘදුකාංග වෙනස් කර එක් ඒටීඑම් යන්ත්‍රයකින් රුපියල් හතලිස් හය ලක්ෂ අසූ දහසක් තවත් යන්ත්‍රයකින් රුපියල් දෙලක්ෂ හැත්තෑ පන්දහසක් හා අනෙක් යන්ත්‍රයෙන් රුපියල් පනස් හත් ලක්ෂයක් මෙලෙස සොරාගෙන ගොස් ඇතැයි පොලීසිය පැවසීය. විදේශකයින් බවට සැකකරන පිරිසක් එම කුටි තුළ සවිකර තිබෙන සිසිටිවි කැමරා වලට ස්ටිකරයක් වැනි යමක් අලවා එකම ආකාරයෙන් මෙම සොරකම සිදුකර ඇතැයි පොලිසිය කියයි. මෙම මහා පරිමාණ මුදල්…
අද (31) දින වයස අවුරුදු 60 සම්පූර්ණවී සේවයෙන් විශ්‍රාම යන අත්‍යවශ්‍ය සේවා සේවකයන් කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් ලැබී තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අදාළ උපදෙස ලැබුණු බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා කරන වියදම් අත්හිටුවීමට අදාළ චක්‍රලේඛය ලබන වසර සඳහා ද වලංගු වන පරිදි මුදල් අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් 2023 වර්ෂය තුළ වියදම් දැරිම සඳහා බලය දීම සහ රාජ්‍ය වියදම් කළමනාකරණය යන මැයෙන් මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇත. ඒ අනුව ලබන වසරට රාජ්‍ය ආයතන, වාර්ෂික අයවැය ඇස්තමේන්තු මගින් වෙන්කර දී ඇති ප්‍රතිපාදන සීමාවන් නොඉක්මවන පරිදි වියදම් කළමනාකරණය කර ගැනීම, නිලධාරින්ගේ වගකීම බව තරයේ අවධාරණය කර තිබේ. පවත්නා අර්බුදකාරි වාතාවරණය හේතුවෙන් 2023 වර්ෂයේදී රජයේ වියදම් දැරීම අන්කවරදාටත් වඩා විචක්ෂණශීලීව සිදුකළ යුතු බවත් රජයේ ආයතන විසින් විවිධ…
අද ජනතාවෙන් සියයට පනහක් ඉන්නේ බ ගින්නේ බවත් මේ දිනවල තමන් දේශපාලනය කතා නොකන බවත් සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය. එසේම පක්ෂයේ කටයුතු සඳහා තමන් එක්වුවත් එහිදිද කථා කරන්නේ නිර්පාක්ෂිකව බවත් ඔහු පැවැසීය. කරන්දෙණිය වෙළද සංගමයේ වෙළද සංගම් මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගීවෙමින් පොන්සේකා මහතා එසේ කීවේය. “අද සියයට පනහකට පමණ තුන් වේල කන්න නැහැ.බොහෝ දෙනා කන්නේ එක වේලයි .සමහර දෙමාපියන් දරුවන්ට කන්න දීලා ඔවුන් බඩගින්නේ ඉන්නේ .හෝටල් බේකරි සියයට පනහක් විතර වැහිලා තියෙනවා. මිනිස්සු එන්නේ නැහැ හෝටල්වලින් කන්න. විදුලි බිල වැඩි කරලා. අද අපේ රට දුවන්නේ එදා වේල ටුවර්ස්. හෙට ගැන විශ්වාසයක් නැහැ. අපිට…
බංග්ලාදේශයේ ඩකා නගරයේ දී පසුගියදා විවෘත කෙරුණු ආකාරයේ සැහැල්ලු දුම්රිය පද්ධතියක් ලබන වසරේදී ශ්‍රී ලාංකිකයන්ට ලැබීමට තිබූ අවස්ථාව මුග්ධ ලෙස කටයුතු කළ නිලධාරීන් හා උගතුන් යැයි කියනා කිහිප දෙනෙකු එකතු වී ගෝඨාභය රාජපක්ෂ මහතා ලවා රටට අහිමි කරවූ බව 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. මෙයින් අහිමි වූ ආයෝජන ප්‍රමාණය, ඩොලර් බිලියන 8 කට ආසන්න බව කී රණවක මහතා වසර 3 ක කාලය තුල එම මුදල් ලැබුණේ නම් වත්මන් ආර්ථිකය අර්බුදය ඇති නොවන බව ද ප්‍රකාශ කළේය. කොළඹ නගරය අවට සැහැල්ලු දුම්රිය පද්ධති 4ක් සහ, මරදාන සිට හෝමාගමට ප්‍රධාන දුම්රිය නවීකරණ ව්‍යාපෘතියක් තමන් මහනගර සහ…
පළාත් පාලන මැතිවරණයට මුදල් නොමැති බව රජය පැවසුවත් ඒ සඳහා වැය වන්නේ සීනි බදු වංචාවෙන් පහෙන් එකක් පමණක් බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කොළඹදී ඊයේ (30) පැවසීය. මැතිවරණ කල් දැමීමට ගනු ලබන රජයේ සියළුම උත්සාහයන් පරාජය කිරීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් මහ ලේකම්වරයා සඳහන් කළේ ය. ඇතුල්කෝට්ටේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති පළාත් පාලන නියෝජිතයන් සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේ දෙවන දින අතරතුර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.
පොලිස් ස්ථානාධිපතිවරුන් 260 දෙනකුට ස්ථාන මාරුවීම් ලබා දීමේ දී මෙතෙක් ස්ථානාධිපති ධුර දැරූ නිලධාරීන් 30 දෙනකුට එම තනතුරු අහිමි කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි. මෙම පිරිස අතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂකවරුන් සිටින බවත්,ඔවුන් දැරු ධුර වලින් ඉවත්තර සාමාන්‍ය රාජකාරි සදහා අනුයුක්ත කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. පානදුර, ජාඇල, නවගමුව, ග්‍රෑන්ඩ්පාස්, අලුත්ගම, දුම්මලසූරිය, ආණමඩුව, කොස්ගොඩ, කඹුක්ගැටේ, පොතුපිටිය, රංගල, පල්ලෙවෙල, රාජාංගනය, ඊච්චලන්පත්තුව ඌරුබොක්ක, ඇලපාත, කවරක්කුලම, මහකුඹුක්කඩවල, ගලපිටමඩ, වාකරේ, කනංකේ, හිනිදුම, නෙ`ථව, ඕපාත, ඉගුරුවත්ත , ගිරානේගම,මධුරාගොඩ,මීටියාගොඩ, අඹන්පොළ, ආගරපතන යන පොලිස් ස්ථානවල රාජකාරි කළ පොලිස් ස්ථානාධිපතිවරුන්ට මෙලෙස තනතුරු අහිමි වී ඇති බවද පොලිස් ආරංචි…
තලකිරියාගම තෙන්නකෝන්පුර පොදු සුසාන භූමියේ භූමිදානය කරතිබූ අසූ හැවිරිදි කාන්තාවගේ මෘත දේහය වළ දමා තිබූ ස්ථානය කිසියම් පිරිසක් හාරා එම සිරුරේ හිස කොටස කපා වෙන්කර ගෙන රැගෙන ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. තෙන්නකෝන්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි අසූ හැවිරිදි මෙම කාන්තාව මියගොස් තිබූ අතර පසුගිය අගෝස්තු මාසයේ 8 වැනි දා එම සිරුර භූමදානය කර තිබිණි යැයිඋසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. මෙම පොදු සුසාන භූමිය අසලින් ගමන් ගත් පුද්ගලයෙකු මේ බව දැක ඇතැයි පොලිසිය පවසයි. මෙය දුටු එම පුද්ගලයා මේ බව මරණ මරණකාරියගේ දියණියට දැනුම් දී ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි මරණකාරිගේ දියණිය මේ බව ගලේවෙල පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිස් කණ්ඩායමක්…
මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී ට තවත් වසර 7ක සිර දඬුවමක් නියම කිරීමට එරට හමුදා අධිකරණයක් නියෝග කර තිබේ. ඒ අනුව ඇයගේ සම්පූර්ණ සිර දඬුවම් කාලය වසර 33කි. 2021 පෙබරවාරි මාසයේදී මියන්මාර හමුදා නායකයින් සුකී ව බලයෙන් ඉවත්කර එරට පාලනය අල්ලා ගත්තේය. අනතුරුව චෝදනා 19 සම්බන්ධයෙන් ඇයට එරෙහිව මාස 18ක් පුරා නඩු විභාග පැවැත්වුණි. ඊයේ (30) ඇයට එරෙහිව නගා තිබු අවසාන චෝදනා 5 සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ තීන්දුව අනුව ඇය දූෂණ චෝදනා සඳහා වැරදිකරු බව තීන්දුකර තිබුණි. එහි සඳහන් ව ඇත්තේ රජයේ අමාත්‍යවරයෙක්ට නිසි ක්‍රමවේද අනුගමනය නොකර හෙලිකොප්ටර් යානයක් ලබාදී ඇති බවය.
