Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය 2020 වසරේදී නිවෙස්වල සිට වැඩ කළ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට රුපියල් කෝටියකට වැඩි නිවාඩු මුදල් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. එම මුදල පෙර වසරට සාපේක්ෂව සියයට 37 ක වැඩිවීමක් බව පෙන්වා පෙන්වා දෙන විගණන නිලධාරීහු එලෙස නිවාඩු මුදල් ගෙවීම විවාදාත්මක මෙන්ම සාධාරණීකරණය කළ නොහැක්කක් බවද සඳහන් කරති. කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රටේ නිශ්චිත ප්‍රදේශ කලින් කලට අගුලු දැමීම හේතුවෙන් අධිකාරියේ කාර්ය මණ්ඩලයට නිවෙසේ රැඳී සිටීමටත් නිවෙස්වල සිට වැඩ කිරීමටත් අවසරදී තිබූ අතර මෙපමණ නිවාඩු මුදල් ප්‍රමාණයක් අනුමත කර ඇත්තේ එම කාලසීමාවේදී බව විගණන අංශ පෙන්වා දෙයි. මේ අතර සිවිල් ගුවන් සේවා…
නිවාස හා ව්‍යාපාර ස්ථාන ඇතුළු ඉදිකිරීම් කටයුතුවලින් සියයට 60 කට ආසන්න ප්‍රමාණයක් සිමෙන්ති වැලි ගඩොල් ඇතුළු මූලික ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල මිල ඉහළ යෑම නිසා අතරමඟ නැවතී ඇතැයි එම අමුද්‍රව්‍ය අලෙවිකරුවෝ පවසති. එසේම බැංකු ණය ලබා ගැනීමට නොහැකිවීම සහ ණය පොලිය වැඩි වීම යන හේතු නිසාද ඉදිකිරීම් කටයුතු බොහොමයක් නතරවී ඇති බව ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් සහ ලොකුම ව්‍යාපාරිකයන් සීමිත පිරිසක් පමණක් ඉදිකිරීම් කටයුතු කරගෙන යන නමුත් බොහෝ ඉදිකිරීම් අතරමග නැවතීම නිසා තම ව්‍යාපාර කටයුතු බංකොලොත්වී ඇතැයිද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. මේ හේතුවෙන් සමහර ගොඩනැගිලි අමුද්‍රව්‍ය සපයන ආයතන සම්පූර්ණයෙන්ම වසා දමා ඒවායේ උපකරණ විකිණීමට දමා ඇතැයි…
ජනාධිපති මන්දිරයේ දැවමය සිතුවම් සහ කැන්වස් චිත්‍ර 39 ක් අරගලකරුවන්ගේ පැමිණීමත් සමග අතුරුදන්ව ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කළ අලුත්ම කරුණු සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇත. මෙසේ අතුරුදන්ව ඇත්තේ දැවමය සිතුවම් තිස් එකක් සහ වෙනත් චිත්‍ර සහ සිතුවම් අටක්ය. මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් පසුගිය දින කිහිපයේදී කළ කරුණු සොයා බැලීමකදීය. මේ අතර ජනාධිපති මන්දිරයේ සිතුවම් සහ චිත්‍ර 209ක් සංරක්ෂණ කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බාරදී ඇති අතර එහි නිලධාරීන් පිරිසක් එම මන්දිරයට ගොස් සංරක්ෂණයට අදාළ මූලික කටයුතුවල මේ දිනවල නිරතව සිටින බව දැනගන්නට ඇත. සංරක්ෂණ කටයුතු සම්බන්ධයෙන් අප පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා( රසායන සංරක්ෂණ) ගීතානී කුරුප්පුආරච්චි මහත්මියගෙන් කළ විමසුමකදී…
කුරුණෑගල මහ නගර සභා මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්ද 07 න් පරාජයට පත් කළ 2023 අයවැය කෙටුම්පත 2022 වසරේ වැඩ අවසන් කිරීමේ විශේෂ මහා සභාව නමින් රැස්වීමක් පවත්වා නගරාධිපතිවරයා නගර සභිකයන්ගේ වරප්‍රසාද කඩවන පරිදි අනීතික ලෙස සම්මත කර ගත් බව නාගරික මන්ත්‍රී වරු 14 දෙනකු ගේ අත්සනින් යුත් ලිපියක් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා වෙත පසුගිය දා (30) ඉදිරිපත් කර ඇත 2023 අයවැය කෙටුම්පත ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ සමගි ජන බලවේගය නියෝජනය කරන විරුද්ධ පක්ෂ නායක විජයානන්ද වෙඩිසිංහ ඇතුළු පිරිස , ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රී වරයා, සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රී වරයා,…
උතුරු කොරියාව විසින් කෙටි දුර බැලස්ටික් මිසයිල තුනක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව පවසයි. කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිර මුහුදු තීරයට අදාළ මිසයිල එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු කොරියාවේ ගුවන් සීමාවට ඩ්‍රෝන යානා පියාසර කර දින 05කට පසු එම මිසයිල එල්ල කර තිබේ. මේ වසරේ තුළ උතුරු කොරියාව විසින් විශාල මිසයිල ප්‍රමාණයක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දීය තරග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (31) පස්වරුවේ කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඉන්දියාව බලා පිටත්ව ගියේය. විස්සයි විස්ස තරග 3 කින් සහ එක්දින තරග 3 කින් සමන්විත මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 20 දෙනෙකු සහ නිලධාරින් 12 දෙනෙකු ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සවස 5.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 143 දරන ගුවන් යානයෙන් මුම්බායි බලා පිටත් විය. එමෙන්ම දිවයිනෙන් පිටත්ව යාමට ප්‍රථම ඔවුන් ඊයේ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක්ද පවතී. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත තත්ත්වයක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වේ. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේවේගය විටින් විට පැ.කි.මී. (40-45) පමණ වැඩිවිය හැක. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල්…
එළඹෙන ජනවාරි 2 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය මගින් විදුලි ඒකකයක් සඳහා අය කරනු ලබන ගාස්තුව සහ ස්ථාවර ගාස්තුව වැඩි කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව, ආගමික ස්ථාන හා පුණ්‍ය ආයතනවල ද පළමු ඒකක 30 සඳහා ඒකකයකට රුපියල් 08ක ගාස්තුව රුපියල් 30 දක්වා වැඩි කර ඇති අතර, ඒකක 31 සිට 90 දක්වා කාණ්ඩය යටතේ රුපියල් 15ක්ව පැවති ඒකකයක මිල රුපියල් 37ක් දක්වාත් වැඩි කර තිබේ. ඒකක 91ත් 120ත් අතර කාණ්ඩය යටතේ රුපියල් 20ක් එක ඒකකයකට අය කළ ගාස්තුව රුපියල් 42 දක්වා වැඩි වෙයි. ඒකක 121ත් 180ත් අතර රුපියල් 30ක්ව පැවති එක ඒකකයක ගාස්තුව රුපියල් 45 දක්වා…
ඡන්ද අයිතිය ජනතාවගේ මූලික අයිතිවාසිකම් අයිතිවාසිකමක් හෙයින් මැතිවරණය කල් දැමීමට කිසිවෙකුටත් හැකියාවක් හෝ අයිතියක් නැතැයි විපක්ෂ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. පොඩි ප්‍රමාදයක් ඇති වුණත් මැතිවරණය හැකි ඉක්මනින්ම පවත්වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය. ජනතාවට තමන් කැමති පාලකයන් තෝරා ගැනීමට අයිතිය තිබිය යුතු බව පැවසූ කිරිඇල්ල මහතා එය වැළැක්වීම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවද ප්‍රකාශ කළේය.
වයස අවුරුදු 14ක පාසල් දැරියක් දූෂණය කිරීමේ සිද්ධියක් වාර්තා විය. මොණරාගල දොඹගහවෙල ප්‍රදේශයේ දී සිදුවූ එම අපරාධය සම්බන්ධයෙන් ප්‍රදේශයේ විහාරස්ථානයක චීවරධාරියෙකු ඇතුළු 04 දෙනෙකු දොඹගහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ජා-ඇළ ප්‍රදේශයේ පදිංචි එම දැරිය පාසල් නිවාඩු කාලයේදී දොඹගහවෙල ප්‍රදේශයේ පදිංචි සිය නැන්දනියගේ නිවස වෙත පැමිණ ඇති අතර එම කාලසීමාව තුළදී මෙම සිද්ධිය සිදුවී ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත. සිය මිත්තනිය සහ නැන්දනිය සමගින් විහාරස්ථානය ට ගිය අවස්ථාවදී ඔවුන් දෙදෙනාගේ ද සහාය ඇතිව අදාළ චීවරධාරියා විහාරස්ථානය තුළදීම මෙම දැරියට ලිංගික අතවර සිදුකර ඇති බව අප වාර්තාකරු පැවසීය. ඊට අමතරව එම චීවරධාරියාගේ සහෝදරයෙකු ද දැරියගේ නැන්දනියගේ නිවසටම ගොස් දැරියට…
