Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ලංකාවේ ද්වි පාර්ශ්වික ණය හිමියන්ගේ තෙවැනි සාකච්ඡා වටය ඊයේ (15) පවත්වා තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඒ බව තහවුරු කළේය. ඔහු පවසන්නේ සියලු පාර්ශ්වයන්ට සමානව සහ විනිවිදභාවයෙන් යුතු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකාව බැඳීසිටින බවය.
අයිස් මත්ද්‍රව්‍යවලට ගොදුරු වූ පාසල් සිසුන් 81 දෙනෙකු මේ වනවිට පුනුරුත්ථාපනය සඳහා යොමුකර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. “මේ ගැන හංගන්න දෙයක් නැහැ. අපි නිකන් හිටියේ නැහැ.. දැන් මාසෙකට දෙකකට කලින් ඉඳන් කොළඹ කලාපය මුල් කරගෙන වැඩසටහනක් හැදුවා. දැන් අපි ඒක පුළුල් කරනවා මුළු දිවයිනටම. ජනවාරි සිට පටන් ගන්නවා. මීට මාසයකට විතර කලින් අයිස් මත්ද්‍රව්‍ය නිසා පුනුරුත්ථාපනය සඳහා 81 දෙනෙක් යවලා තිබෙනවා.” මේ අතර පාසල් පද්ධතිය තුළට පැමිණ ඇති අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සොයා ඊයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සෝදිසි මෙහෙයුම් දියත් කර තිබුණි. දිස්ත්‍රික්ක කිහිපයක පාසල් ද ඒ යටතේ සෝදිසි කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වුණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි 20 වනදා පැවැත්වීමට නියමිතය. එම නිලවරණයේ කටයුතු සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. එම කමිටුව වන්නේ විනිසුරු මාලනී ගුණරත්න, විනිසුරු ශිරෝමි පෙරේරා සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික සුනිල් සිරිසේන යන අයවලුන්ය.
බරපතළ තුවාල සහිතව මෝටර් රථයක බොරැල්ල කනත්තේ දමාගොස් සිටියදී හමුවූ දිනේෂ් ෂාෆ්ටර් මහතා මරණය ට පත්වී තිබේ. ඒ වනවිට ඒ මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. ඒ මහතා ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති ලෙස කටයුතු කළේය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2022 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා නිෂ්පාදන ප්‍රවේශය යටතේ පවත්නා මිල ගණන් සහ ස්ථාවර මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක ඇස්තමේන්තු කර ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2022 වසරේ තෙවන කාර්තුවේ පවත්නා මිල ගණන් යටතේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 6,417,031ක් ලෙස වාර්තා වී ඇත. 2022 වර්ෂයේ තෙවන කාර්තුවේදී පෙර වර්ෂයේ තෙවන කාර්තුවට සාපේක්ෂව නාමික දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළයෑම සියයට 45.2ක් වන අතර මූර්ත දළ දේශීය නිෂ්පාදිතය සියයට 11.8කින් සංකෝචනය වී තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ, 2022 වර්ෂයේ තෙවන කාර්තුවේදී කෘෂිකාර්මික, කාර්මික සහ සේවා ආර්ථික කටයුතු පිළිවෙලින් සියයට 8.7ක්,…
අධිකරණයක් වෙත රැගෙන ආ කොල්ලකරුවන් දෙදෙනෙකු අත් මාංචු පිටින් පැනගොස් තිබේ. පිළියන්දල පොලීසිය සඳහන් කළේ, කැස්බෑව අධිකරණය වෙත හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීමට රැගෙනවිත් සිටි “චුට්ටියා” සහ “චූටියා” නමැති කොල්ලකරුවන් දෙදෙනා එලෙස අත් මාංචු පිටින් පළාගොස් ඇති බවය. පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පිළියන්දල නගරයේ ලොතරැයි අලෙවි කුටියකින් රුපියල් 7,000 ක මුදලක් කොල්ලකෑම ඇතුළු කොල්ලකෑම් කිහිපයක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනාව පිළියන්දල විශ්ව කලාව ප්‍රදේශයේ දී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි. සැකකරුවන් දෙදෙනා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා කැස්බෑව අධිකරණ භූමියේ පොලිස් මුරපොළේ කාමරයක රඳවා සිටියදී මෙලෙස පළාගොස් ඇත. කොල්ලකරුවන් රැගෙන ආ පොලිස් කොස්තාපල්වරයා රාජකාරි අවශ්‍යතාවයක් සඳහා එම ස්ථානයෙන් පිටත්ව ගිය…
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කර තිබේ. ඒ අනුව මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (14) සිය සහතිකය එලෙස සටහන් කර ඇත. එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 09 වනදා සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය. එහිදී පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා පක්ෂව ඡන්ද 82ක් හිමිවූ අතර විරුද්ධව ඡන්ද 41ක් ලැබුණි. මේ අනුව, එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත 2022 අංක 44 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස 2022 දෙසැම්බර් 14වන දින සිට බලාත්මක වෙයි.
මිලියන 60 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
රුපියල් මිලියන 60 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ, යාපනය, ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදීයි. එහිදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 181 කට අධික තොගයක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව සමත් වී තිබෙනවා. නාවික හමුදාව පැවසුවේ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී උර 04 ක අසුරන ලද මෙම කේරළ ගංජා තොගය සොයාගත් බවයි.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ නවක වද සිද්ධීන් සහ ශිෂ්‍ය ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට අද (15) උපදෙස් දුන්නේය. සමාජයේ ගෞරවයට පාත්‍ර වන මහා සංඝරත්නය සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අපහසුතාවයට පත් කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි අතර ඊට ඉඩ තැබිය නොහැකි බව ජනාධිපතිවරයා එම නිලධාරීන්ට දැනුම් දී තිබේ. මෙම සිද්ධිය පිටුපස සිටින අය කවුරුන්ද, ඒවාට සම්බන්ධ අය කවුරුන්ද සහ අනුබල දෙන අය කවුරුන්ද යන්න පිළිබඳ විස්තර ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබේ. මෙම අදාල වාර්තාව ලැබුණු පසු මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිශයින් වැදගත් තීරණ ගැනීමට නියමිතය. පේරාදෙනිය…
රත්මලාන, යාපනය සහ මඩකළපුව යන ගුවන්තොටුපොළවල් පසුගිය වර්ෂ හතරේදී කෝටි දෙසීයකට වැඩි දැවැන්ත පාඩුවක් ලබා ඇතැයි විගණන වාර්තාවක සඳහන් වේ. කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අඛණ්ඩව අලාභ ලබා ඇති අතර එම ගුවන් තොටුපොළ 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා ලබා ඇති පාඩුව රුපියල් කෝටි 169 කට අධික බව ඒ වාර්තාවේ දැක්වේ. රත්මලාන ගුවන් තොටුපොළ පසුගිය වර්ෂයේ දී පමණක් ලැබූ අලාභය රුපියල් කෝටි 46 කට අධික බව පෙන්වා දෙන වාර්තාව ගුවන් යානා සංචලන සංඛ්‍යාව 2020 සහ 2021 වර්ෂවලදී වසරකට දහතුනක් බවද සඳහන් කළේය. එසේම මගී සංචලනයන් පිළිවෙළින් 60 සහ 28 ක් ලෙස පැවතුණු බවද විගණන වාර්තාවේ දැක්වේ.
