Author: LANKA24X7

කැනඩාව විසින් හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට එරටට ඇතුළුවීම තහනම් කරමින් සම්බාධක පනවා තිබේ. අනෙක් ශ්‍රී ලාංකිකයින් දෙදෙනා වන්නේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ය. ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුම්වලදී මානව හිමිකම් කඩකළ බවට චෝදනා කරමින් කැනඩාව විසින් මෙලෙස ඔවුන්ට සම්බාධක පනවා ඇත. එසේම කැනඩාව සමග ව්‍යාපාරික සම්බන්ධතා පැවැත්වීම ඔවුන්ට තහනම් වෙයි. යම් හෙයකින් ඔවුන්ට කැනඩාවේ යම් හෝ දේපළ ඇත්නම් ඒවා රාජසන්තක කෙරේ.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළඟේ වේගයපැ.කි.මී. (25-35) පමණවේ. කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ වැඩිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කන්කසන්තුරය සිට මන්නාරම සහ පුත්තලම හරහා කොළඹ දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු…

Read More

සියලුම දිස්ත්‍රික්කවල තේරීම්භාර නිලධාරීන් විසින් පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් භාරගත යුතු බවට දන්වමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ලිපියක් නිකුත් කර තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුතුව අදාළ ලිපිය සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය / සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත යොමුකර ඇත. මේ අතර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් පාලන හා පළාත් සභා ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාගෙන් අද දෙරණ කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඇප මුදල් භාරනොගන්නා ලෙස දන්වා තමන් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යැවූ ලිපිය ආපසු කැඳවූ බවය.

Read More

ආශූ මාරසිංහ මහතා සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේ යැයි තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා ආදර්ශනී කරදන නමැති කාන්තාව ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද ප්‍රතික්ෂේප කළේය. තීන්දුව ප්‍රකාශයට පත්කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සඳහන් කළේ එම අවස්ථාවේදී ඉල්ලුම්කාරියට අපේක්ෂිත ඇප නියම කිරීම සුදුසු නොවන බවය. ඒ අනුව අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය. ඉල්ලුම්කාර කාන්තාව වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ආශූ මාරසිංහ නැමැත්තෙකු සුනඛයකු සමග අස්වාභාවික ආකාරයෙන් හැසිරෙන වීඩියෝවක් සමාජ ජාලවලට මුදා හැරීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තම සේවාදායිකාව…

Read More

එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තරග කිරීමට තීරණය කර තිබේ. අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් එකට එකතුවෙලා මේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීමට අපි තීන්දුවක් අරගත්තා මීට ඉහත දිනයේ සාකච්ඡාවේදී. ඒ අනුව අපි ඒ ඒ දිස්ත්‍රික්කවල දෙපාර්ශවයේම ප්‍රධානීන් නියමුවන් ගෙනල්ලා සාකච්ඡා කරලා අලියා ලාංඡනයෙන් තරග කරන පළාත් පාලන ආයතන මොනවාද පොහොට්ටුව ලාංඡනයෙන් තරග කරන පළාත් පාලන ආයතන මොනවාද ඒ වාගේම පොදු…

Read More

කැබිනට් අනුමැතිය ලැබුණු විදුලි ගාස්තු සංශෝධනය අතීතයට බලපාන ලෙස සිදුකළ නොහැකි බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, විදුලි බිල සංශෝධනයට අදාළ යෝජනාවට තමාට ලැබුණේ ඊයේ (09) දිනයේ දී බවය. ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ගයන් සිදුකිරීමට දින 45ක පමණ කාලයක් ගතවන බව ද ජනක රත්නායක මහතා පැවසීය. “අපිට කැබිනට් මණ්ඩලය ඊයේ ගත්ත තීරණය, ඒ කියන්නේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබු යෝජනාව සහ ගාස්තු සංශෝධනය ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අදාළ පාර්ශවයන් සමග විමසමින් කිසියම් සංශෝධනයක් වියයුතු නම් එය පෙබවාරි 15ට කලින් ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. ඒ ගැන…

Read More

රාජ්‍ය සේවක වැටුප් හෝ සමෘද්ධි ඇතුලු සුබසාධන දීමනා ගෙවීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ රජයේ ආදායම් වියදම් කළමනාකරණයේදී රජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ සුභසාධන දීමනා වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබාදෙන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා, “පවතින ආර්ථික අර්බුදයෙන් මේ වන විට රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමක පැවතුන ද මෙම අර්බුදයෙන් සම්පූර්ණයෙන්ම මිදීමට හැකියාවක් තවමත් ඇති වී නොමැති බව අපි පිළිගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය පූර්ණ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රජයේ ආදායම් වියදම් කළමනාකරණය කිරීමේදී…

Read More

මහනුවර ශ්‍රී දළදා මාළිගයේ වැඩසිටින දළදා වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මතභේදාත්මක ප්‍රකාශ නිකුත් කළ සේපාල් අමරසිංහ නමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගිය 5 වනදා අත්අඩංගුවට ගත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (10) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි. ඒ අනුව එම දෙපාර්තමේන්තු නිලධාරින් විසින් සැකකාර සේපාල් අමරසිංහ නමැත්තා අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහු ලබන 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබේ. එමෙන්ම ඔහු විසින් ඉදිරිපත් කරන ලද ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ද එදිනට ප්‍රකාශ…

Read More

අපනයනය අරමුණු කරගත් ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. විදේශ ආයෝජකයින් එම ව්‍යාපෘතිය සඳහා අයෝජනය කිරීමට උන්නදුවක් දක්වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඒ අනුව සුදුසු ආයෝජකයේකු තොරා ගැනීම සඳහා අභිලාෂ කැඳවීමට නිවේදන නිකුත් කිරීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

Read More

මේ වනවිට භාණ්ඩාගාරය දරුණු මුල්‍ය අර්බුදයකට මුහුණ දී ඇතැයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම්දුන් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ඒ අනුව ජනවාරි සහ පෙබරවාරි මාසවල රාජ්‍ය සේවක වැටුප් ගෙවීම දැඩි ගැටලුකාරි තත්ත්වයක් මතුකර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා සමෘද්ධි දීමනාව ලබාදීමට සති දෙකක් පමණ ප්‍රමාද විය හැකි බව ද පැවසීය. කෙසේවෙතත් මෙයට පිළියමක් ලෙස සියලුම අමාත්‍යාංශවලට අයවැය ලේඛනයෙන් වෙන්කර ඇති මුදලින් 5%ක් කපාහැරීමට යෝජනා වී තිබේ. “ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා ලැබුවා වු 2023 වසරේ දී අපි අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා දරුණු මුල්‍ය අර්බුදයකට භාණ්ඩාගාරය මුහුණදි සිටින බව.…

Read More