Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මෙරට ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ණය පමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ පිළිබඳ ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් මහ බැංකු අධිපතිවරයාට දැනුම් දුන් බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කිංග්ස්බර් හෝටලයේ ඊයේ (11) පස්වරුවේ පැවති කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ, කාන්තා ව්‍යවසායකයින් ඇගයීමේ “ප්‍රතිභා අභිෂේක 2022” උත්සවය අමතමිනි. පළාත්, ජාතික, සාක් කලාපීය සහ විශේෂ ලෙස කොටස් හතරක් යටතේ මෙහිදී සම්මාන ප්‍රදානය කෙරුණු අතර, ජාතික මට්ටමේ සහ විශේෂ සම්මාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින්…
ලංකා සතොස මගින් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි තවත් භාන්ඩ වර්ග 4ක මිල පහළදැමීමට තීරණය කර තිබේ. ඒ අනුව සම්බා රුපියල් 05කින්, සුදු කැකුළු (දේශීය) රුපියල් 16කින් , සුදු නාඩු (දේශීය) රුපියල් 07කින්, පාන් පිටි රුපියල් 05කින් මෙලෙස මිල පහළ දැමීමට තීරණය කර ඇත. ඒ අනුව සම්බා කිලෝවක් රුපියල් 220කට, සුදු කැකුළු (දේශීය) කිලෝවක් රුපියල් 189කට, සුදු නාඩු (දේශීය) කිලෝවක් රුපියල් 198කට, පාන් පිටි කිලෝවක් රුපියල් 240කට ලබාගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 664 දෙනෙක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කර තිබේ. ඒ අනුව විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එකවර උසස්වීම් ලැබූ පළමු අවස්ථාව මෙය බව සඳහන් විය. ඉහත නියෝග පරිදි විශේෂ කාර්ය බළකායේ උසස්වීම් ලද නිලධාරීන් ලෙස: පොලිස් පරීක්ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 03 උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුරට 41 පොලිස් සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට 111 පොලිස් සැරයන් රියදුරු තනතුරේ සිට උප පොලිස් පරීක්ෂක තනතුරට 08 පොලිස් කොස්තාපල් රියදුරු තනතුරේ සිට පොලිස් සැරයන් රියදුරු තනතුරට 06 පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුරට 495
මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගය හේතුවෙන් ශ්වසන පද්ධතියට හානි සිදුවිය හැකි බවට වෛද්‍යවරු අනතුරු අඟවති. ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පවසා සිටියේ, මෙම උණ රෝගී තත්ත්වය විශේෂයෙන් ගර්භණී සහ වයස්ගත පුද්ගලයින් ට මාරාන්තික තත්ත්වයක් වුවත් ඇති කළ හැකි බවය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. මෙම උණ රෝගයේ ලක්ෂණ ලෙස කැස්ස, උගුරේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව හා කැරකැවිල්ල හඳුනාගෙන ඇතැයි ද විශේෂ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා කියා සිටියේය. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, “දැනට මාස දෙක තුනක් තිස්සේ බොහෝදෙනක් උණ රෝගයෙන් පෙළෙනවා. ශ්වසන…
පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට පියවර නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍හාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු , හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රුපියල් මිලියන 100ක් ද, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය සේවයේ බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 බැගින්ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50 ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී…
ගොවීන්ට නොමිලේ බෙදාදීම සඳහා රැගෙනවිත් තිබූ පොහොර තොගයක් සඟවාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (11) මහකළුගොල්ල පොලිස් වසමේ හෙලමුල්ල, දෙමෝදර ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වැටලීම එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව තිබී යුරියා කිලෝග්‍රෑම් 50 පොහොර මිටි 12ක් සහ බයෝග්‍රීන් ෆාම් වර්ගයේ ලිටර් 01 ප්‍රමාණයේ දියර පොහොර කෑන් 536ක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු තලපලකන්ද, බෙරලපනාතාර ප්‍රදේශයේ වයස අවුරුදු 57ක පුද්ගලයකි. ඔහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහකළුගොල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
ඇෆ්ගනිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිට සිදුවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 20දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බෝම්බ්කරු විසින් අමාත්‍යාංශය තුළට පැමිණ පිපිරීම සිදුකරගැනීමට උත්සහා කර ඇති අතර එය ව්‍යවර්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පිපිරීම සිදුවු ප්‍රදේශය තුළ තුර්කිය සහ චීනය ඇතුළු තවත් රටවල් කිහිපයක තානාපති කාර්යාල පිහිටා තිබේ. අදාළ ප්‍රහාරයේ වගකීම Isis-K නමින් හඳුන්වනු ලබන ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන ඇති බව වාර්තා වේ.
මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මියයාම සහ පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරාදන පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පසුගිය 10 වන දින සවස් කාලයේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් හෙරොයින් ග්‍රෑම් 15කට ආසන්න ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන අවස්ථාවේ නිලධාරීන්ට විරෝධය පා කලහාකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ. එය පාලනය කිරීමට යාමේ දී ඇති වූ සිද්ධියක් හේතුවෙන් සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 41 හැවිරිදි තෙල්වත්ත හික්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකරුවෙකු බව සඳහන් ය. එම…
මිදිගම පොලිස් වසමේ පාතගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ඊයේ (11) රාත්‍රී කාලයේ දී මේ පිළිබඳ පොලීසියට පණිවුඩයක් ලැබුණු බවය. පහරදීමෙන් මියගොස් ඇත්තේ, 24 හැවිරිදි තරුණයෙකි. ඝාතනයට හේතුව අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් කිහිපදෙනෙක් පැමිණ ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා ඇති අතර, මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (12) පැවැත්වීමට නියමිතය. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මිදිගම වැඩිදුර විමර්ශන සිදුකරයි.
කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව නැවත විමසීම පෙබරවාරි 23 වැනිදා දක්වා කල්දමා තිබේ. සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී එම නඩුව අද (12) කැඳවු අවස්ථාවේදී එම තීරණය දැනුම් දුන්නේය. සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව නොවැම්බ්ර් මස 6 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයේදී සිඩ්නි පොලිසියේ අත්අඩංගුවට පත්වුණි. දින 11ක් පාර්ක්ලීහී පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක රැඳවා තැබීමේන් පසු ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 02ක මුදල් ඇපයක් මත ධනුෂ්ක ගුණතිලක මුඳාහරිනු ලැබුවේ නොවැම්බර් 17 වැනිදාය. නමුත් ධනුෂ්ක ගුණතිලකට…
