Author: LANKA24X7

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පොදු සමාව දී නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03 ක් පෙබරවාරි මස 07 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) දින නියම කළේය. මෙම පෙත්සම් ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී සියලු පාර්ශව ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම් පෙබරවාරි මස 07 වනදා විභාගයට ගැනීමට දින නියම කළේය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා…

Read More

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත වැලිකඩ පොලිස් දූෂණ මර්ධන ඒකකය සමඟ අද දින අළුයම (16) අංගොඩ ප්‍රදේශයේදි සිදු කළ වැටලීමකදි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 800ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බවට වාර්තාවේ. ඉදිරි පරීක්ෂණ කටයුතු වැලිකඩ පොලිස් දූෂණ මර්ධන ඒකකය විසින් සිදු කරනු ලබයි.

Read More

පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් විසින් ගොනුකර තිබෙන පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා ජනවාරි මස 18 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. එම පෙත්සම් අද (16) ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදුනි.

Read More

කිලෝ 200කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් තොගයක් සමග ධීවර යාත්‍රා 2ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ. දකුණු මුහුදු තීරයේදී මෙම යාත්‍රා 2 නාවික හමුදා භාරයට ගෙන ඇති බවට වැඩිදුර තොරතුරු වාර්තා වෙයි. මෙහිදී අදාළ යාත්‍රා දෙකෙහි සිටි සැකකරුවන් පිරිසක් ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තළිණි ප්‍රියමාලි දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.

Read More

කළුතර පාසල් සිසුන් පරීක්ෂා කිරීම අද උදැසන කළුතර උතුර පොලිසිය විසින් සිදුකරන ලදී . මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂ පුහුණුවක් ලත් පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ඩාලී නිළ සුනඛයාද පරීක්ෂා කිරීම් සදහා කැදවා තිබුණි, පාසල් සිසුන් අයිස් මත්ද්‍රව්‍යවලට පොළඹ වන බවට ලැබී ඇති තොරතුරු අනුව දිවයිනපුරා පාසල්වල මත්ද්‍රව්‍ය වැටලීම් සිදු කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත. දිවයින පුරා බොහෝ පාසල් අසල අද දිනයේ පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කළේය.

Read More

සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ආනයනික බොරතෙල් නොමැතිවීම මත පිරිපහදුවේ කටයුතු නවතා දැමීමට පසුගියදා පියවර ගෙන තිබුණි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ආනයනික බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇති අතර ඊට අවශ්‍ය ගෙවීම් මේ වන විට සිදුකර අවසන් බවය. එමෙන්ම පිරිපහදුවේ ටැංකි සංකීර්ණය වෙත අදාළ බොරතෙල් ගොඩබෑමේ කටයුතු ආරම්භ කර තිබේ. ඉදිරියේ දී පිරිපහදු නිෂ්පාදන කටයුතු ස්ථාවරව පවත්වාගෙන යාමේ අරමුණින් තවත් බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් ආනයනය කිරීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු අවසන් කර ඇති බව ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කළේය. ඒ අනුව පූර්ණ…

Read More

දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනයක් හෙට (17) සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ අද දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බවය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මේ අතර ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

මෙරට ආර්ථිකය නැවත තිබූ තත්වයට පත් වන තෙක් සහ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුමක් ලැබෙන තෙක් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන්හි සේවකයන්ට හෝ රාජ්‍ය සේවකයන්ට අතිකාල දීමනා, පඩි වැඩිවීම්, ප්‍රසාද දීමනා ලබා නොදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත. පසුගියදා පැවති තැපැල් සේවකයන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබඳ අදහස් දක්වමින් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර ඇත. තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් 6 න් 3ක්ම තිබෙන්නේ අතිකාල දීමනා සහ පඩි වැඩිවීම් ගැන බව එහිදී ගුණවර්ධන මහතා පෙන්වා දී ඇත. රට අර්බුදයකට මුහුණ පා තිබෙන මේ අවස්ථාවේ ඔවුන්ගේ ඉල්ලීම් කිසිසේත් ලබා දිය නොහැකි බවත් මිලියන ගණනක ජනතාවක්…

Read More

sinhala.adaderana.lk Logo ENGLISH தமிழ் බ්‍රිතාන්‍ය සහ චීනය යළි පැටලෙයිසයුරෙන් එතෙර බ්‍රිතාන්‍ය සහ චීනය යළි පැටලෙයි December 15, 2022 06:51 pm බ්‍රිතාන්‍යයේ පිහිටි චීන කොන්සල් කාර්යාලයට අනුයුක්තව සිටි චීන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 06 දෙනෙකු චීනය සිය රට වෙත යළි කැඳවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ පොලිස් ප්‍රශ්න කිරීමක් සඳහා අදාළ නිලධාරීන්ගේ රාජ්‍ය තාන්ත්‍රික මුක්තිය ඉවත් කරන ලෙස බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති පසුබිමක් තුළය. ඉකුත් ඔක්තෝබර් 16 වනදා පුද්ගල කණ්ඩායමක් විසින් හොංකොං විරෝධතාකරුවෙකුව මැන්චෙස්ටර්හි පිහිටි චීන කොන්සල් කාර්යාල පරිශ්‍රය තුළට ඇදගෙන විත් පහර දී තිබේ. එම සිද්ධිය සම්බන්ධයෙන් චීන නියෝජිතයෙකු ගෙන්වා ඒ සම්බන්ධයෙන් විමසීමට බ්‍රිතාන්‍ය විදේශ…

Read More