Author: LANKA24X7

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 04ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (12) සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 215කට සීමා කිරීමට ඉන්දීය පන්දුයවන්නන් සමත් විය. පන්දුවාර 39යි පන්දු 4ක් අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී ලකුණු 215ක් රැස් කළ අතර තරගය ජයගැනීම සඳහා ඉන්දියාවට හිමිවූ ඉලක්කය ලකුණු 216කි. පන්දුවාර 43යි පන්දු 02ක් අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 219ක් ලබා ඉන්දියාව සිය ජයග්‍රහණය වාර්තා කළේය. ඒ අනුව තරග 03කින් සමන්විත ඉන්දියා ශ්‍රී ලංකා එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීමට ඉන්දියාව සමත්විය.

Read More

මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු පසුගිය නොවැම්බර් මසදී අතුරුදන්වී තිබුණි. ඒ පිළිබඳ ඥාතීන් පොලීසියට සිදුකළ පැමිණිලි අනුව ඔවුන් දෙදෙනා සොයා විමර්ශන ආරම්භ කෙරුණි. එහිදී තරුණයින් දෙදෙනා ඝාතනය කර රඹුක්කන හුරුමළුව ප්‍රදේශයේ නිවසක වළදමා ඇති බවට තොරතුරක් ලැබී තිබුණි. ඒ අනුව පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඊයේ එම නිවස පරීක්ෂා කළේය. සිරුරු වළදමා ඇති බවට සැකකරෙන ස්ථානයේ සිදුකළ කැනීම්වලිදී එක් තරුණයෙකුගේ සිරුර සොයාගැනීමට හැකිවී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් බංග්ලාදේශ රජය විසින් ණය ගෙවීම සඳහා මෙරටට තවත් මාස 06ක කාලයක් ලබාදී තිබේ. ඒ බංග්ලාදේශ මහ බැංකුව ලබාදී තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය ගෙවීම සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාවේ පවතින දිගුකාලීන ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම ණය ආපසු ගෙවීම සඳහා කාලය දීර්ඝ කරන ලෙස ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ඉල්ලීමක් කර තිබුණි.

Read More

ගංජා හසුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන තිබේ. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650කට ආසන්න සංඛ්‍යාවක් පසුගියදා සොයාගැනුණි. ඒ අනුව එම සිද්ධියට අදාළව මොනරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන 13 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබුණි.

Read More

පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන සිටි ආදර්ශනී කරදන මහත්මිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කර තිබේ. ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසිනි. ලිංගික දර්ශන සහිත අසභ්‍ය වීඩියෝ පට වෙබ් අඩවිවලට මුදාහරින බවට තර්ජනය කර ආශූ මාරසිංහ මහතාගේ රුපියල් මිලියන 100ක ඉල්ලා සිටියේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආදර්ශනී කරදන මහත්මිය ව ඊයේ (11)අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණපා ඇති ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ, ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාවේදීය. එම අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙම කාරක සභාව සඳහා මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජනය කරන පාර්ශ්ව කිහිපයකම නියෝජිතයින් සහභාගී වූ අතර මේ වනවිට එම ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳ ඒ ඒ පාර්ශ්වවල අදහස් ලබාගැනීම සිදුවී තිබේ. මෙහිදී පැමිණ සිටි නියෝජිතයින් පෙන්වා දුන්නේ ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධ සෘජු රැකියාවල නියුතුවන්නන් 650,000 ක් පමණ හා…

Read More

සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීමේදී විනිවිද බවකින් යුතුව එම ප්‍රතිලාභ ලැබිය යුතු තැනැත්තන් හඳුනාගනිමින් ලේඛනයක් සකස් කිරීම සඳහා දත්ත ලබාගැනීම සමෘද්ධි නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම තුළ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී ඇති බව පසුගියදා (10) පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනත යටතේ අංක 2302/23 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ නියෝග සැලකිල්ලට ගත් අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය. මෙලෙස සමෘද්ධි ඇතුළු සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේදී දූෂණවලින් තොරව විනිවිදබවකින් යුතුව එම කටයුතු සිදුකිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාවක් බවත් ඒ අනුව ඒ සඳහා වගකීම පැවරෙන්නේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට බවත්…

Read More

රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකාරිය හංවැල්ල, දැඩිගමුව ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිලූ නැමැති කාන්තාවකි. ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 520ක් හා හොරයින් මත්ද්‍රව්‍ය ගෑම් 202ක්, විද්‍යුත් තරාදියක්, බැංකු පොත් තුනක් පොලිස් භාරයට ගෙන තිබේ. එම සැකකාරිය හංවැල්ල ආපන ශාලා හිමිකරු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ඩුබායි රටේ සැඟවී සිටින ලලිත් කන්නංගර නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අයෙක් බවට තොරතුරු අනාවරණය වී තිබේ. සැකකාරිය පදිංචි නිවස කරා පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ගමන් බෑගය තුළ සඟවා තිබූ එම…

Read More

මෙරට ව්‍යාපාරික ප්‍රජාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ණය පමා කිරීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය සහන සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ පිළිබඳ ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් මහ බැංකු අධිපතිවරයාට දැනුම් දුන් බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කිංග්ස්බර් හෝටලයේ ඊයේ (11) පස්වරුවේ පැවති කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ, කාන්තා ව්‍යවසායකයින් ඇගයීමේ “ප්‍රතිභා අභිෂේක 2022” උත්සවය අමතමිනි. පළාත්, ජාතික, සාක් කලාපීය සහ විශේෂ ලෙස කොටස් හතරක් යටතේ මෙහිදී සම්මාන ප්‍රදානය කෙරුණු අතර, ජාතික මට්ටමේ සහ විශේෂ සම්මාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින්…

Read More