Author: LANKA24X7

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලුම පියවර මේ දක්වා ගෙන තිබෙන බව මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් වරයෙකු වන ඩබ්ලිව්. එම්. ආර් විජේසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා එහි සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම්දීම සිදුකළේය . මෙම පෙත්සම අද අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්.තුරෛ රාජා සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව…

Read More

2022 වසරේ ජුලි 9 අරගල විරෝධතාව අතරතුර කොටුව ජනාධිපති නිල නිවසින් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහස ගැන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් විශේෂ අපරාධ කොට්ඨාසයට අද නියෝග කළේය. අදාළ මුදල් තොගය අරගලකරුවන් විසින් එදිනම පොලිසිය වෙත භාරදුන් අතර පොලිසිය ඒ පිළිබඳව අධිකරණයට දැනුම් දුන්නේය.

Read More

ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයේ තෙල් සහ ගෑස් ගවේෂණය සහ ආයෝජනයන් ලබාගැනීම පිළිබඳව අවශ්‍ය නීතිමය රෙගුලාසි අවසන් කර නිකුත් කළ බව විදුලි සහ බලශක්ති අමාත්‍යවරයා පවසයි. කංචන විජේසේකර මහතා පවසන්නේ ඒ සමග ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ කොටස් 900ක පමණ ප්‍රමාණයක ඇති ඛනිජ සම්පත් ගවේෂණයට ආයෝජකයින්ට පැවරීමට කටයුතු කිරීමට ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය මගින් කටයුතු ආරම්භ කරන බවය.

Read More

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රඳවා සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකා යුද හමුදාවේ අනුමත සංඛ්‍යාව 200,783ක් වුවද 2024 වනවිට මුළු ඇස්තමේන්තුගත සංඛ්‍යාව 135,000ක් දක්වා අඩු වනු ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. එසේම එම සංඛ්‍යාව 2030 වනවිට 100,000 දක්වා වූ ප්‍රමාණයක පවත්වාගෙන යාමට පියවර ගෙන ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Read More

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන්ට හෙට දින ත්‍රස්ත මර්දන කාර්යාංශයට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ත්‍රස්ත මර්දන කාර්යාංශය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාර සිරිධම්ම හිමියන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍යව තිබෙන බව දන්වා සිටියේය.

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි මොනරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත්ගේ වැඩ තහනමට ලක්කර තිබේ. ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව පසුගිය 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මොනරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මහතාගේ වැඩ තහනම ක්‍රියාත්මක වනු ඇති. අදාළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නිල නිවසේ තිබී වේළීම සඳහා සකස් කර තිබූ ගංජා පැළ 650කට ආසන්න සංඛ්‍යාවක් සොයාගත් බව පොලීසිය පැවසීය. මේ අතර සිදුකළ විමර්ශනවලට අදාළව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඇතිමලේ පොලීසියේ ස්ථානාධිපතිවරයාවද අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර…

Read More

පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කමිටුවේ අවසන් වාර්තාව නියමිත දිනට රජය වෙත ලබා දීමේ හැකියාවක් නොමැති බව එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. දැනට ක්‍රියාත්මක වන පළාත් පාලන ඡන්ද බල ප්‍රදේශ 8911 පළාත් පාලන ඡන්ද බල ප්‍රදේශ 4000ක් දක්වා අඩු කළ යුතු බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙන් පසුව මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් සීමා නීර්ණ කමිටුව පත්කළේය. කෙසේවෙතත් කමිටු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කළේ සීමා නීර්ණ කටයුතු පෙබරවාරි 28 දින අවසන් කිරිමට නියමිතව තිබුණ ද පවතින ප්‍රායෝගික ගැටලු ගණනාවක් හේතුවෙන් එය ප්‍රමාද වනු ඇති බවය.

Read More

ඇල්පිටිය යක්කටුව මංසන්ධියේ දි, කළුවාදේව විමෙෂ් මදුෂ යන අයට යතුරු පැදියකින් පැමිණ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෝ දෙදෙනා කොළඹ දෙමටගොඩ පදේශයේ දී විශේෂ කාර්ය බළකා මුලස්ථානයේ විශේෂ මෙහෙයුම් ඒකකය නිලධාරින් විසින් සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගනු ලැබූහ. මේ වෙඩි තැබීමට සැකකරුවන් පැමිණි යතුරු පැදිය සහ වෙඩි තැබීමට යොදාගත් බෙල්ජියමේ නිෂ්පාදිත ගිනි අවිය සහ ඊට දමන පතුරම් හතරක් ද සොයා ගැනීමට පොලිස් විශේෂ කර්ය බළකායේ නිලධාරීන් සමත්වී තිබේ. මේ සැකකරුවන් දෙදෙනාගෙන් වෙඩික්කරු කරන්දෙණිය අනුරුද්ධගම පදිංචි 40හැවිරිදි විවාහක අයකු බවත් පැදිකරු තිස්එක් හැවිරිදි යුද හමුදා කොමාන්ඩෝ සෙබළකු ලෙස කටයුතු කළ එයින් පලා ආ කරන්දෙණිය කුරුදුගහහැතැප්ම පදේශයේ පදිංචි අයෙක් බව…

Read More

තම රටවල් ඇතුළු සිය මිත්‍ර පාර්ශ්වීය රටවල් මේ වනවිට මුහුණ පා සිටින උපායමාර්ගික අභියෝගය වන්නේ චීනය බව අමෙරිකාව සහ ජපානය පවසා තිබේ. අමෙරිකානු රාජ්‍ය ලේකම් මේ බව පවසා ඇත්තේ අමෙරිකානු ජපාන ආරක්ෂක උපදේශ කමිටු හමුවේදීය. වොෂිංටනයේ පැවැත්වෙන එම හමුව සඳහා අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ද සහභාගීවී ඇත. ජපානය වෙනුවෙන් ඊට සහභාගී වී ඇත්තේ එරට ආරක්ෂක අමාත්‍යවරයාය. මෙම හමුවේදී චීනයේ ක්‍රියාකලාපය සහ යුක්‍රේනයට එරෙහි රුසියානු යුද්ධය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එමෙන්ම චීනයේ බලහත්කාරකම් සහ ප්‍රකෝපකාරී ක්‍රියාවලට ජපානය මෙන්ම අමෙරිකාව ද තරයේ විරුද්ධ බව ජපාන විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More