Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඊයේ (16) නියෝගයක් නිකුත් කළේය. බොරැල්ල කන්තේ නවතා තිබූ ඩබ්ලිව් පී කේ වයි 8732 දරන මෝටර් රථය තුළ ගෙල සිරකර සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක් බවට කරුණු අනාවරණය වීම හේතුවෙන් එම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශනවල සහාය සදහා බ්‍රයන් තෝමස් යන අයගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි බොරැල්ල පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. කොළඹ 07 මල්පාරේ පිහිටි…
ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයෙකු ද වූ දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අංශ කිහිපයක් ඔස්සේ විමර්ශණ ආරම්භ කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලු අංශ කිහිපයක් ඊට අයත්. අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සීසීටීවී කැමරා දර්ශණ ද උපයෝගී කරගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. බොරැල්ල පොදු සුසාන භූමියේදී දෑත් ගැටගසා, ගෙල සිරකර, බරපගල තුවාල සහිතව මෝටර් රථයක් තුළ සිටියදී සොයාගත් ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් රෝහල්ගත කිරීමෙන් පසු අභාවප්‍රාප්ත වුණා. ඒ, කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, රුපියල් කෝටි ගණනක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීම සඳහා යන බව බිරිඳට පවසා ඔහු…
එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව වෙත අන් කවරදාටත් වඩා අභියෝගාත්මක කාලයක් උදාවී ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය, ආචාර්ය එස්. ජයශංකර් පවසයි. ගෝලීය සාමසාධක මෙහෙයුම් සඳහා සන්නද්ධ කණ්ඩායම් හා ත්‍රස්තවාදයෙන් එල්ලවන බලපෑම් ඉහළ යාම ඊට හේතුව බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කරයි. එමෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සාමසාධක භටයින්ට එරෙහිව සිදුවන අපරාධමය සිදුවීම ද ඉහළ ගොස් ඇති බවය.
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ඊයේ (16) දින නියම කර තිබේ. ඒ එම නඩුව අද පළමු ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය. ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේ එම නඩුව ලබන වසරේ මාර්තු 21 වනදා කැඳවන ලෙසය. 2015 වසරේ පෙබරවාරි 27 වනදා පැවැති මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී රජයට අයත් රුපියල් මිලියන 688ක අලාභයක් සිදුකිරීම ඇතුළු අධිචෝදනා යටතේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 09 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබේ. එහිදී, නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කළ කරුණු දැක්වීම සළකාබැලූ විනිසුරු මඩුල්ල…
ඔස්ට්‍රේලියා බිග් බෑෂ් තරගාවලියේ තවත් තරගයක් සිඩ්නි තන්ඩර්ස් සහ ඇඩිලේඩ් ස්ට්‍රිකර්ස් කණ්ඩායම් අතර ඊ (16) සිඩ්නි හිදී පැවැත්වුණි. මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20 දී කඩුලු 9ක් දැවී ලකුණු 139ක් රැස්කළේය. නමුත් ඊට පිළිතුරු ලෙස සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම රැස්කළේ ලකුණු 15ක් පමණි. එය බිග් බෑෂ් තරගාවලියක කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොතට එක්විය. එය පිරිමි 20යි 20 තරගයක කෙටිම ඉනිම ලෙසද ලෝක වාර්තාවක් තැබීය. සිඩ්නි පිතිකරුවන් මිහුන දුන්නේ පන්දු ඕවර 5.5කට පමණි.
රට තුළ පවතින ඖෂධ හිඟය තවදුරටත් පැවතියහොත් වළක්වාගත හැකි මරණ සංඛ්‍යාව ඉහළ යාහැකි බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ ඇස්ප්‍රින් ඖෂධය පවා නොමැතිවීම හේතුවෙන් බෝ නොවන රෝගීන්ගේ ජීවිතවලට දැඩි අවදානමක් මතුවී ඇති බවය. “ඇස්ප්‍රින් ඖෂධය දැන් මාස 4ක සිට නැහැ. රුධිරය කැටිගැසීම අඩු කරන්න තමයි අපි මේ ඖෂධය භාවිත කරන්නේ. හෘද රෝගීන්ට, අංශභාගය සහිත රෝගීන්ට, දියවැඩියාව වැනි රෝගීන්ට මෙම ඖෂධය භාවිත කරනවා. ඇස්ප්‍රින් නැතිවුණාට පස්සේ මෙවැනි රෝගීන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්වෙලා… විශේෂයෙන්ම බෝ නොවන රෝගීන්.” “ඒ වගේම වකුගඩු රෝගයට මාසිකව භාවිත කරන ඖෂධයකුත් මාස ගාණක් තිස්සේ සමහර තැන්වල නැහැ.” “අත්‍යවශ්‍ය…
උතුරු , උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් අද (17) දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.
හෝමාගම පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර තුළ රැඳීසිටින උපාධි අපේක්ෂකයින්ට අද (16) සවස 4ට පෙර ඉන් ඉවත් වන්නැයි විශ්වවිද්‍යාල පාලනාධිකාරිය දන්වයි. එසේම එම විශ්වවිද්‍යාලය දෙසැම්බර් 19 වනදා සිට නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට තීරණය කර ඇති බවද නිවේදනය කර තිබේ.
ඇල්ල සංචාරක කලාපය සුවිසල් සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. සංචාරක අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ පරිසර අමාත්‍යාංශය එක්ව මාස 4ක් තුළ අදාළ සංවර්ධන සැලැස්ම සකස් කර තමා වෙත භාරදෙන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට දැනුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇල්ල ව්‍යාපාරිකයින්ගේ සංගමය සමග අද (16) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් දී තිබේ. සංචාරක ආකර්ෂණය ලක්වී ඇති ඇල්ල සංචාරක කලාපය විධිමත්ව හා නිසි සැලැස්මකට අනුව සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වාදුන් ජනාධිපතිවරයා, සංචාරක ආකර්ෂණයට බාධා නොවන ලෙස සෞන්දර්යාත්මක පරිසරය ආරක්ෂා කරගනිමින් එහි ඉදිකිරීම් කටයුතු සිදුකිරිමේ වැදගත්කම ද පැහැදිලි…
විස මත්ද්‍රව්‍ය අඥා පනත සංශෝධනය කිරීමත් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක් ළඟ තබාගත් කෙනෙකුට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම නියම කිරීමට හැකි වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. විස මත්ද්‍රව්‍ය අඥා පනත සංශෝධනය කිරීමට පෙර තහනමට ලක් කර තිබුණේ මත්ද්‍රව්‍ය වර්ග 4ක් බවත් මේ වන විට මත්ද්‍රව්‍ය වර්ග 178ක් ඒ යටතේ උපලේඛන ගත කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් සඳහා අද (16) පැවති වැඩසටහනක දීය. මේ වන විට පාසල් පද්ධතියට මත්ද්‍රව්‍ය දැඩිව බලපැම් ඇති කරන බැවින් එය වළක්වාගැනීම සඳහා ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට විශේෂ පුහුණු වැඩසටහනක්…
