Author: LANKA24X7

දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරීමේ දී සියලු රටවල් සමග මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ලෝක බලවතුන්ගේ අරගලවලදී එක් පිලකට බෙදී වෙන් නොවී, සියලු රටවල් සමග මිත්‍රශීලිව කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ යහපත් තලයකට ඔසවා තැබිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ 97 වන විසිරයාමේ පෙළපාලියට ‌ඊයේ (17) පෙරවරුවේ එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “රටක් ලෙස අපි ලෝක බලවතුන් සමග එක පිලකට වෙන්වී නෑ. ලොව බලවතුන් සමග අපි ගිවිසුම්ගත වෙලා නෑ. මොකද අපි…

Read More

සර්ව පාක්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටලු බොහෝමයකට විසඳුම් ගෙන එන වැදගත් පියවරක් බව ජාත්‍යන්තර දේශගුණය පිළිබඳව ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් මහතා පවසයි. ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සමග ඊයේ (16) පැවති හමුවකින් අනතුරුව ඔහු මේ අදහස් පළ කළේය. එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර දේශගුණය පිළිබඳව ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් මහතා, “ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් මම ශ්‍රී ලංකාවට පැමිණියේ ආර්ථික අර්බුදය සඳහා හරිත තිරසාර විසඳුම් ලබාදිය හැකි ආකාරය පිළිබඳව සොයා බැලීමටයි. සුළං හා සූර්ය විදුලිබල ක්ෂේත්‍රවල නව ආයෝජනයන් ගෙන ඒමටත් මම බලාපොරොත්තු වෙනවා.” “අද පැවති සාකච්ඡාවේදී මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා මට දැනුම් දුන්නා.. පැවති සර්ව පාක්ෂික සමුළුව…

Read More

දුම්රිය මාර්ගයේ දී ඡායාරූප ගැනීමට ගිය තිදෙනෙකු ඉතා අවාසනාවන්ත ලෙස දුම්රියක ගැටී අනතුරක් සිදුවී තිබේ. මාතර සිට දෙහිවල සත්තුවත්ත නැරඹීමට පැමිණි පිරිසක් අතුරින් තිදෙනෙක් මෙම අනතුරට ලක්වී තිබුණේ දෙහිවල දුම්රිය මාර්ගයේදීය. අනතුරින් බරපතළ තුවාල ලබා ඔවුන්ව රෝහල්ගත කෙරුණි.

Read More

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල සංශෝධනය කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩුවෙනු ඇත. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද හැකි අයුරින් අඩු කරන්නැයි ඉල්ලීමක් කරන බවය.

Read More

පොලිස් නිළධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනෙකු සිදු කළ බව කියන මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් කලුතර දකුණ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ, තමන් සතුව තිබූ රුපියල් එක්ලක්ෂ පහස්දහසක මුදලක් කොල්ලකෑ බවට පුද්ගලයෙකු කරන ලද පැමිණිල්ලකට අනුවයි. කලුතර කටුකුරුන්ද හංදියේ මතුගම බස් නැවතුම්පළ අසලදී යතුරු පැදියකන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් යැයි පවසා තමන් පරීක්ෂා කර, එම මුදල කොල්ලකා පලා ගිය බවටයි අදාළ පුද්ගලයා පොලීසියට පැමිණිලි කර ඇත්තේ. සැකකරුවන් හඳුනාගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කලුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Read More

කොල්ලුපිටිය ප්‍රදේශයේදි මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෝටර් රථයේ රියදුරු දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබේ. සිද්ධියට අදාළ නඩුව ඊයේ (16) යළි කැඳවූ අවස්ථාවේ සැකකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරිර ඇප දෙකක් සහ දැඩි ඇප කොන්දේසි මත මුදාහැරි බව පොලීසිය පැවසුවේය. සැකකරුට සෑම මසකම අවසන් ඉරිදා දින උදෑසන 09.00ත් දහවල් 12.00ත් අතර කාලය තුළ කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙස ද අධිකරණය නියෝග කර ඇත. මීට අමතරව නඩුව අවසන් වන තෙක් විදෙස් ගමන් තහනමක් පැනවීමට සහ රියදුරු බලපත්‍රය අත්හිටුවීමට ද අධිකරණය නියෝග කළ බව පොලීසිය සඳහන් කළේය. එමෙන්ම පොලිස්…

Read More

එක් ග්‍රාම නිලධාරි වසමක වසර 05 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලු ග්‍රාම නිලධාරීන් 2023 ජනවාරි මස පළමුවනදා සිට අනිවාර්යෙන් ස්ථානමාරු කිරීමට යටත් වන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව දිස්ත්‍රික් හා අමාත්‍යාංශ අභියාචනා මණ්ඩලවලදී සලකා බලන ලද ස්ථානමාරු නොකිරීමට විශේෂ හේතුවක් ඇති නිලධාරීන් හැරුණු විට එක් ග්‍රාම නිලධාරී වසමක වසර 5 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අනෙක් සියලු ග්‍රාම නිලධාරීන් ස්ථාන මාරු කිරීම අනිවාර්ය බව එම අමාත්‍යාංශය සඳහන් කළේය. ඊට අදාළ උපදෙස් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම්වරුන් වෙත ලබා…

Read More

රට අර්බුදයකට තල්ලු කළ පිරිස් සුර සැප විඳිද්දී විදුලි බිල, ජල බිල වැඩි කර තවදුරටත් ජනතාවගේ ගෙල සිර කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව සමගි ජනබලවේගයේ සහකාර ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කොළඹදී පැවසීය. කිසිදු සැලසුමකින් තොරව වගකීම් බාරගත් ආණ්ඩුව යටතේ ජනතාව කබලෙන් ලිපට වැටුනු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

Read More

රටේ විවිධ ආබාධිතයන් පාවිච්චි කරන කෘතීම පාද, රෝද පුටු , සැරයටි කිහිලිකරු ඇතුළු උපකරණ 31 ක මිල ගණන් රජය පැනවූ අලූත් බදු හේතුවෙන් සියයට 400 කින් පමණ වැඩිවී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය. මෙම නව බදු සංශෝධන හේතුවෙන් ඇතිවන පීඩා හමුවේ ජනතාවගේ ආයු කාලය වසර පනහක් දක්වා කෙටි වන බවද හෙතෙම සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ජනතාවට බදු පිට බදු ගසන්නේ මේ රටේ ඇවිදින ඇටසැකිලි බිහි කරන්නදැයි තමා රජයෙන් ප්‍රශ්න කරන බව පැවසූ ගාමිණී වලේබොඩ මහතා ජනතාව වේලක් ඇර වේලක් කා දැඩි පීඩාවකින් ජීවත්වෙන අවස්ථාවක මෙලෙස අසීමිත බදු අය කිරීම අන්ත අසාධාරණ අමානුෂික තීරණයක් බවද සඳහන්…

Read More

මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් මාස තුනක් වයසැති බිළිඳියක මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. ජලය උණුකිරීමට යොදාගත් විදුලි හීටරයකින් මෙම ගින්න හට ගෙන ඇතැයි පොලිසිය පවසයි. ගින්න ඇතිවන අවස්ථාවේ මියගිය බිළිඳියගේ මව සහ වැඩිමහල් සහෝදරිය නිවසින් බැහැරව අසල ගොස් ඇති අතර ගෙයින් දුමක් නගිනු දැක ඒ බව මවට දැනුම්දිමෙන් පසු පැමිණ බලද්දි මාස තුනක් වයසැති බිළිඳය ඇඳමත පිළිස්සී මියගොස් ඇතැයි ද පොලිසිය කියයි. ගින්න ඇති වූ නිවසේ විදුලිය විසන්ධිකර තිබූ අවස්ථාවේ අසල නිවෙසකි අනාරක්ෂිතව ඇද තිබූ විදුලියෙන් ජලය උණු කිරීම යාමේ දි මෙම ගින්න සිදුව ඇතැයි ද පොලිසිය කියයි. ජලය උණු කිරීමට හිටරය ගසා මව නිවෙස්…

Read More