Author: LANKA24X7

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සකස් කළ පරිසර හානි තක්සේරු වාර්තාව ලබන මස 15 වැනිදාට ප්‍රථම නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. අදාළ වන්දි ලබා ගැනීම සඳහා මෙරට අධිකරණයක නඩුවක් පැවරීම යෝග්‍ය බවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මීට පෙර කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබුණි. කෙසේවෙතත් පසුගියදා පැවති කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරු අධිකරණයක් හමුවේ නඩුවක් පවරන ලෙස උපදෙස් ලබා දී ඇත. මේ සම්බන්ධයෙන් “අද දෙරණ” කළ විමසීමකදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි…

Read More

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (18) පෙරවරු 09.30ට ආරම්භ වීමට නියමිතය. දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,894 කදී සිසු සිසුවියන් 334,698 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටි. මෙවර විභාගයේදී පළමු වරට සිසුන්ට ප්‍රවේශ පත්‍රයක් ලබා නොදෙන අතර ඒ සඳහා පැමිණීමේ ලේඛනයක් ක්‍රියාත්මක වන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසුවේය. ඔහු පැවසුවේ විභාග පරිශ්‍රය තුළ දෙමව්පියන්ට රැදී සිටීමට අවස්ථාව නොමැති බවය. පෙරවරු 8.45ට පෙර විභාග ශාලාවට දරුවන්ට පැමිණීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව ද විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා වැඩිදුරටත් පැවසීය.

Read More

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාරත්මේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයෙදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

Read More

කාන්තාවක් දූෂණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතා දැනට පදිංචි වී සිටින නිවසින් ඉවත් වී තනි කාමරයක් සහිත මහල් නිවසකට යාමට සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ක්ලෙයාර් ෆර්නන් මහත්මිය අවසර ලබා දී තිබේ. ධනුෂ්ක ගුණතිලක මහතා (16) අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා මෙම ඉල්ලීම සිදු කර ඇත. ගුණතිලක මහතාට උදව් කිරීමට ඉදිරිපත් වූ පුද්ගලයකුගේ නිවසේ ඔහු ජීවත්වන බවත් නීතිමය ක්‍රියාවලිය ඉතා දීර්ඝ එකක් වනු ඇති බවත් ඒ හේතුවෙන් නව නිවසකට යාමට ඉඩ දෙන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ. එම ඉල්ලීම සලකා බලමින් සිඩ්නි මහේස්ත්‍රාත් අධිකරණය ගුණතිලක මහතාට…

Read More

අයවැය විවාද කාලයේදී පාර්ලිමේන්තු රැස්වීම් වෙනුවෙන් රුපියල් කෝටි 20කට ආසන්න මුදලක් වැයවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි. මන්ත්‍රීවරුන්, අමුත්තන්,නිලධාරීන් සහ සේවකයන්ට ආහාර පාන සැපයීම, ඉන්ධන විදුලිය ජලය, පඩි නඩි සහ දීමනා යනාදිය වෙනුවෙන් මෙම මුදල් වැයවී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය. අයවැය විවාදය පැවැත්වුණු මුළු දින ගණන 20කි. අයවැය විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට පසුගිය නොවැම්බර් මස 14 වැනිදා ඉදිරිපත් කරනු ලැබීය. ඉන් පසු අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 15 වැනිදා ආරම්භවී එම මස 22 වැනිදා දක්වා දින හතක කාලයක් පැවැත්විණ. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 23 වෙනිදා ආරම්භවූ අතර…

Read More

ලොව විශාලතම සිලින්ඩාකාර මත්ස්‍ය ටැංකිය පුපුරා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බර්ලිනයේ රැඩිසන් බ්ලු හෝටලයේ පිහිටා ඇති ඇක්වා ඩොම් නම් මෙම මත්ස්‍ය ටැංකිය මත්ස්‍ය විශේෂ 100 කට අධික ප්‍රමාණයක මාළුන් 1500 කට නිවහන වී තිබූ බවත් උසින් මීටර් 15.85 ක් බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. වතුර ලීටර මිලියනයක් ගබඩා කර තිබී ඇති මෙම ජල ටැංකිය පුපුරා යෑමෙන් එහි වීදුරු කැබලි ඇඟේ වැදී පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත. වතුර ගලා ඒම හේතුවෙන් හෝටලයටද සැලකිය යුතු හානියක් සිදුව ඇතැයි බර්ලින් ගිනි නිවන භටයෝ පැවැසූහ. මාළු ටැංකිය පුපුරා යාමෙන් මාළුන් විශාල ප්‍රමාණයක් මියගියද වතුර එක් රැස් වී…

Read More

චීනය, මියන්මාරය සහ තායිලන්තය යා කරන ආර්ථික කොරිඩෝව හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. එම කලාපය මිනිස් ජාවාරම, ආයුධ වෙළෙඳාම මෙන්ම සූදු ක්‍රීඩාව සඳහා තෝතැන්නක් වී ඇති බවද එම වාර්තා පෙන්වා සඳහන් කරයි. ඒ අනුව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අන්තර්ජාලය පදනම් කරගත් විවිධ අපරාධ සහ වංචනික ක්‍රියාවන්ද මෙම කලාපය තුළ වර්ධනය වී ඇති බවය.

Read More

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වන ස්ථානය සඳහා පැවති තරගය 2ට 1ක් ලෙස ජයගැනීමට ක්‍රොඒෂියාව සමත්විය. එහිදී තරගයේ පළමු ගෝලය 7වන මිනිත්තුවේදී ක්‍රොඒෂියාව වෙනුවෙන් රැස්කිරීමට Joško Gvardiol සමත්විය.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති, මහාචාර්ය අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ පොලිස්පතිවරයාගේ නියෝග මත එම විමර්ශන එලෙස CIDයට භාරදුන් බවය.

Read More

මෙම වසර මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම්වලදී පුද්ගලයින් අනූදහසකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ එහිදී හෙරොයින් කිලෝග්‍රෑම් 1,441ක් සහ ඊට අදාළ සැකකරුවන් 45,801ක් අත්අඩංගුවට ගෙන ඇති බවය. මෙම වසර තුළදී ගංජා කිලෝග්‍රෑම් 11,881ක් සහ ඊට අදාළ සැකකරුවන් 34,062ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 109ක් සහ ඊට අදාළ සැකකරුවන් 10,532ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

Read More