Author: LANKA24X7

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අදාළ නිවේදනය අද (23) උදෑසන 9.30 සිට ඉදිරි පැය 24 දක්වා බලාත්මක වේ. ඒ අනුව ගාල්ල සිට මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ජනතාවට සැලකිලිමත් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 50 – 60 දක්වා වැඩිවන අතර මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. මීගමුව සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3ත් අතර…

Read More

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ. එහි සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිඛිතව ඒ බව දැනුම් දී ඇත. විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය 21 වනදා නිකුත් කෙරුණි. 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2වන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ සඳහා අත්සන් තබා ඇත. සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් පත්‍රය නිකුත්කර තිබේ.

Read More

මෙරට තරුණ කාන්තා දේශපාලන සහභාගීත්වය දිරිගැන්වීමේ විවිධ වැඩසටහන් සඳහා එක්සත් රාජධානියේ සහයෝගය ලබා ගැනීමට හැකි අවස්ථා පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේදී සාකච්ඡා කෙරිණි. මෙම රැස්වීමට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ (Westminster Foundation for Democracy) නියෝජිතයන් සහ නීතිය සහ සමාජ භාරයේ (Law & Society Trust) නියෝජිතයන් සහභාගී වූ අතර, මෙරට තරුණ කාන්තාවන්ගේ දේශපාලන සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ සමාජ ස්ථර අතර සංවාදයක් ගොඩනැගීමේ අවශ්‍යතාවද එහිදී අවධාරණය කෙරිණි. පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි. මෙම අවස්ථාවට නියෝජ්‍ය කාරක සභා සභාපතිනී හේමාලි වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජිකාවන් වන ආචාර්‍ය කෞෂල්‍යා ආරියරත්න, ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි,නීතිඥ නිලන්ති කොට්ටහච්චි, නීතිඥ තුෂාරි ජයසිංහ, නීතිඥ අනුෂ්කා තිලකරත්න, දීප්ති වාසලගේ , ඔෂානි…

Read More

දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ සෞඛ්‍ය පරිපාලන නිලධාරී භාෂක සඳරුවන් මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට ගිනි අවිය සැපයු පුද්ගලයා අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි එම ගිනි අවිය ක්‍රියාත්මක නොවීමත් සමගම සෞඛ්‍ය පරිපාලකවරයා එම ස්ථානයෙන් පලා ගොස් දිවි බේරා ගෙන තිබිණි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල මල් වත්ත පාර ප්‍රදේශයේදීය 2025 ජූලි මස 24 වෙනිදින සෞඛ්‍ය පරිපාලකවරයා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවට අයත් කාර්යාලය තුළ සිටියදී යතුරු පැදියකින් ආහාර බෙදා හැරීමේ යන මුවාවෙන් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා තිබිණි එම අවස්ථාවේදී ගිනි අවිය ක්‍රියාත්මක නොවීමත් සමඟම සෞඛ්‍ය පරිපාලන නිලධාරි වරයා එම ස්ථානයෙන්…

Read More

“ජන සතු වීම මහින්දට සතුටක්” බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවසේ සිට ෆේස්බුක් සටහනක් තබමින් පවසයි. රැකගත් මිනිස් වත්කමෙහි වටිනාකම අන් සියලු වත්කම් ඉක්මවයි යනුවෙන්ද මහින්ද රාජපක්ෂ මහතා කියයි. මහින්ද රාජපක්ෂ මහතා තැබූ සටහනේ මෙසේද සඳහන් වේ. හිටපු ජනාධිපති මා සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මහත්මියගේ පැමිණීම සතුටට කරුණකි. රණ වික්‍රම සහ රණ ශූර පදක්කම් දිනූ ලුතිනල් කර්නල් ගෝඨාභය ද, ආරක්ෂක ලේකම් ගෝඨාභය ද, ජීවිත ආරක්ෂා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මට ගෞරවයකි. කුමන තනතුරක් දැරූව ද මා සොහොයුරු ගෝඨාභය සැමදා කළේ මිනිසුන් රැකගැනීම බව මම විශ්වාස කරමි. විමල් දුටු විට මට මතකයට නැගෙන එක්…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිල සංචාරයක් සඳහා කටුනායක ගුවන්තොටින් ඇමරිකාව බලා පිටත්ව ගියේය. ඇමරිකා සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා එහි සිට ජපානයේ නිල සංචාරයකට පැමිණෙනු ඇත. ජනාධිපතිවරයා බදාදා (24) එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීමට නියමිත අතර ඇමරිකා වේලාවෙන් ප.ව 3.15ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ඇත. එහිදී ජනාධිපතිවරයා රජයේ විදේශ ප්‍රතිපත්තිය සහ ඉදිරි වැඩ පිළිවෙල ගැන පැහැදිලි කිරීමට නියමිතය. මෙම සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා සහ ලෝක රාජ්‍ය නායකයින් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය. ජනාධිපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සමඟ හමුවකටද මෙහිදී සහභාගී වනු ඇත. ජනාධිපති…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවත් මධ්‍යම, උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ.

Read More

තංගල්ල මත් කුඩු පටවා තිබූ ලොරි රථයේ හිමිකරු යයි කියන තරුණයෙකු අද(23) උදෑසන ඇල්පිටිය වල්ඹගලදී සැකපිට පශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව ඇලපිටිය පොලීසිය කියයි. සැකකාර තරුණයා විසිපස් හැවිරිදි ඇල්පිටිය වල්ඹගල පදේශයේම පදිංචි මත්ද්‍රව්‍යට ඇබ්බැහිවී ඇති අයෙක් බව ද පොලීසිය කියයි. සැකකරුගේ නමට ලොරි රථයක් තිබුණද ඔහුගේ නිවසේ පාපැදියක්වත් නොතිබෙන අයෙක් බවද පොලීසිය කියයි. තමාට පිට රටකින් ලැබුණු දුරකතන ඇමතුමකට අනුව මත්ද්‍රව්‍ය භාවිතා කර සිටියදි කොළඹ ගොස් යම් කඩදාසී වගයකට අත්සන් කළ බවත් තමාට ලොරි රථයක් නැති බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණයවී තිබේ.සැකකරු අද (23)දහවල් තංගල්ල පොලීසියට භාරදීමට නියමිතව තිබිණ. ඇල්පිටිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read More

රුපියල් ලක්ෂ 369ක අධික ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් හේතු ඇත්නම් ඒවා ලිඛිතව දෙසැම්බර් 16 වනදා අධිකරණය හමුවේ ගොනුකිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට නියෝග කළේය. මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. 2010, 2011 සහ 2012 වසරවල රුපියල් 36,975,959ක පුද්ගල ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනුකර තිබුණි. අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින වාස් ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටියේය. වගඋත්තරකාර ගුණවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ජීවන්ත ජයතිලක මහතා…

Read More

අධ්‍යාපනය සම්බන්ධයෙන් දැනට පවතින ප්‍රතිපත්ති,නීති සහ නියාමන රාමු සමාලෝචනය කර නව යුගයේ අභියෝගයන්ට ගැලපෙන ආකාරයෙන් යාවත්කාලීන කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය. අග්‍රාමාත්‍යවරිය මේ බව කීවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා සම්පූර්ණ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අරමුණින් උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති සංවර්ධන ජාතික කමිටුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී රැස්වූ අවස්ථාවේදීය. මෙම කමිටුව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් රැස් විය. මෙම කමිටු රැස්වීමේදී ජාතික අධ්‍යාපන නවෝත්පාදන ප්‍රමුඛතා, ගෝලීය ප්‍රමිතීන් හා දේශීය අවශ්‍යතා අතර සම්මුතිය සහතික කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි.

Read More