Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට දොඩන්ගොඩ දක්වා මාර්ග කොටසක් ප්‍රතිසංස්කරණයට කොන්ත්‍රාත් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට දොඩන්ගොඩ දක්වා මාර්ග කොටස 2011 වර්ෂයේදී රථවාහන ගමනාගමනය සඳහා විවෘත කෙරුණු අතර, මේ දක්වා කිසිදු ප්‍රධාන අලුත්වැඩියාවක් සිදු කර නොමැත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර 0 සිට කිලෝමීටර 19 දක්වා අධිවේගී මාර්ග කොටස සහ කිලෝමීටර 19 සිට කිලෝමීටර 34 දක්වා අධිවේගී මාර්ග කොටස, පැකේජ දෙකක් යටතේ කඩිනමින් අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, කිලෝමීටර් 19ක මංතීරු 4කින් යුතු අධිවේගී මාර්ග ප්‍රමාණයක් ආවරණය වන කිලෝ මීටර 0 සිට කිලෝමීටර 19 දක්වා හානියට පත්වූ අධිවේගී මාර්ග කොටස දෙවන පැකේජය…
රජය විදුලි සේවකයන්ගේ අයිතිවාසිකම් පිළිගත්තත් අසාධාරණ ඉල්ලීම් පිළිගැනීමට සූදානම් නැතැයි නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. “මේ දින වල විදුලි බල මණ්ඩලයේ සේවකයන් අතර යම් නොසන්සුන්තාවයක් තියෙනවා.පසුගිය කාලයේ විදුලි බල මණ්ඩලය 12කට කඩන වැඩ කටයුත්තක් අරඹා තිබුණා.අප එය නතර කොට සම්පූර්ණ රාජ්‍ය අයිතිය සහිත සමාගම් පහක් සහිත පනතක් ඉදිරිපත් කළා.විදුලි බල සේවකයන්ගේ ඉල්ලීම් 21න් බහුතරයක් අපේ පනත තුළින්ම සම්මත වී තිබෙනවා. නමුත් කිසිදාක ඉටු කළ නොහැකි ඉල්ලීම් ද තිබෙනවා. විදුලි සේවකයන්ගේ අයිතිවාසිකම් රජය පිළිගත්තත් අසාධාරණ ඉල්ලීම් පිළිගැනීමට සූදානම් නැහැ යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
විශ්ව විද්‍යාල වල නිම කර නොමැති ඉදිකිරීම් ව්‍යාපෘතීන්හි සියලු වැඩ නිම කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. විශ්ව විද්‍යාල වලට අවශ්‍ය කරන ගොඩනැගිලි ඉදිකිරීම් සහ අනෙකුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා, රුහුණ, රජරට, සබරගමුව, වයඹ, ශ්‍රී ජයවර්ධනපුර යන විශ්ව විද්‍යාලවල සහ ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩපයෙහි ක්‍රියාත්මක කරනු ලැබ ඇති ව්‍යාපෘති කිහිපයක් එකී ව්‍යාපෘති අනුමතව පැවති කාල සීමාවන් තුළ මුහුණ දීමට සිදු වූ විවිධ බාධක හේතුවෙන් සම්පූර්ණයෙන්ම නිම කිරීමට නොහැකිව පවතී. නව ශිෂ්‍යයන් වැඩි ප්‍රමාණයක් බඳවා ගැනීමටත්, අධ්‍යයන පහසුකම් වැඩි දියුණු කිරීමටත්, 75%කට වඩා වැඩ අවසන් කර ඇති එම ව්‍යාපෘතිවල ඉතිරි වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කළ යුතුව ඇත. ඒ අනුව,…
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් (David Pine) මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (23)සිදුවිය. මෙහිදී නවසීලන්ත මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ දූෂණය පිටුදැකීමට අරගල කරන වත්මන් රජයේ විනිවිදභාවයෙන් යුතු වැඩපිළිවෙල තම රට අගය කරන බවයි. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ වර්ධනයටත්, සංස්කෘතික කටයුතු පුනරුදයටත්, තිරසර සංචාරක කර්මාන්තය සඳහාත් දායකත්වය ලබාදිය හැකි බවද මහ කොමසාරිස්වරයා කීය. මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය බිමල් රත්නායක මහතා කීවේ දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා වත්මන් රජය යටතේ අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉතා සමීපව ක්‍රියාකරන බවයි.
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසර පද්ධතියට, ජීවනෝපායන්ට සහ වෙරළබඩ ප්‍රජාවට දැඩි හානියක් සිදු කළ බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යුක්තිය සහ වගවීම සඳහා වූ වැදගත් පියවරක් බවත් එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය. පර්ල් නෞකාවේ මෙහෙයුම් බාර එක්ස්ප්‍රස් ෆීඩර්ස් සමාගමට ඇමෙරිකානු ඩොලර් කෝටි 100 ක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කරමින් ලබාදුන් තීන්දුව පාරිසරික යුක්තියට සන්ධිස්ථානයක් බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලය පැවැසුවේය. එය පරිසරය දූෂණය කරනු ලැබූ තැනැත්තාට වගකීම ලබාදෙන බවත් එය අපගේ සාගර යථා තත්ත්වයට පත් කිරීමට, පරිසර දූෂණය වැළැක්වීමට සහ පරිසරය ආරක්ෂා කිරීමට වන්දි ගෙවීම අත්‍යාවශ්‍ය බව පෙන්වා දෙන බවත් එක්සත් ජාතීන්ගේ මෙරට…
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර සිට ඉන්දියාවේ දිල්ලි නගරය බලා පියාසර කළ කාම් එයාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක රෝද සම්බන්ධ වන කුඩා කුටියේ සැඟවී 13 හැවිරිදි ඇෆ්ගනිස්තාන පිරිමි දරුවකු ඉන්දියාව බලා පැමිණි පුවතක් විදෙස් මාධ්‍ය පසුගියදා වාර්තා කළේය. එම පිරිමි දරුවා ඇෆ්ගනිස්තානයේ කුන්ඩුස් නගරයේ වාසය කරන අයකු බවත් දිල්ලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ධාවන පථයේ ඔබමොබ යමින් සිටියදී ගුවන් තොටුපොළ පොලිසිය ඔහුව සොයාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ඇතිවූ කුතුහලය හේතුවෙන් ගුවන් යානයේ රෝදය සම්බන්ධ වන ස්ථානයේ තමන් සැඟවුණු බව ගුවන් තොටුපොළ බලධාරීන් වෙත ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය පැවැසුවේය. එක අවස්ථාවක යානය අඩි 36,000 ක් උඩින් පියාසර කර ඇතත්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (24) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාත අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කියයි.
හුරුලු පාරිසරික උද්‍යානය සහ මින්නේරිය ජාතික වනෝද්‍යානය සිය නිජබිම කරගෙන සිටින ‘සපුමල්’ ලෙස හඳුන්වනු ලබන ඇතාට වෙඩි තබා ඇතැයි වාර්තා වේ. කවුඩුල්ල ජාතික උද්‍යානයේ සෆාරි ජිප් රියදුරන් මේ බව දැක ඇති බව ද සඳහන්ය. වයස අවුරුදු 25ක් පමණ වන මෙම ඇතාගේ විශේෂත්වය වන්නේ, දළ අඩි දෙකක හමාරක් පමණ දිගට වැඩි ඇති බවය. වනෝද්‍යාන තුනක සැරිසරන මෙම හස්තියාගේ ඉදිරි දකුණු පාදයට වෙඩි දෙකක් පමණ තබා ඇති අතර, දණහිසෙන් පහළ කොටසට වෙඩි වැදී ඇති තුවාලවලින් සැරව ගලමින් පවතින බව ඇතාව දුටු සංචාරකයින් පවසයි. ඉක්මනින් ඇතාට ප්‍රතිකාර කළ යුතු බවත් ඇතා ඉතා බරපතළ තත්ත්වයෙන් සිටින බවත් වාර්තා වේ. වෙඩි වැදී සිටින ඇතා කොරගසමින්…
”කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ ” හරිත මාවත” ( Green Channel ) ඔස්සේ පිටව යාමට තැත්කළ ගුවන් මගීන් දෙදෙනෙකු අද (23) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් කෝටි 05කට අධික වෙළෙඳ වටිනාකමකින් යුතු ”කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් මෙම සැකකරුවන් විසින් රැගෙනවිත් ඇති බව සඳහන් වේ. සැකකාරියය කොළඹ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි කාන්තාවකි. අනෙක් පුද්ගලයා ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංච් 48 හැවිරිදි අයෙක් බව අනාවරණය වී ඇත. ඔවුන් මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන, ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ, එතැන් සිට අද අලුයම 06.50 ට ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 277 දරන ගුවන්…
තේ කර්මාන්තයේ යෙදී සිටින ගොවීන්ට පොහොර සහනාධාර ලබා දීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීම සඳහා ඉදිරියේදී පොහොර ලබා දීමේදී QR කේතයක් ලබා දීමට සැලසුම් කරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ මේ සඳහා කැබිනට් අනුමැතියද මේ වන විට ලබා ගෙන ඇති බවත් ඒ අනුව එහි පළමු අදියර මෙම මස 26 වැනිදා මතුගම ප්‍රදේශයේදී මෙම ක්‍රියාවලිය ආරම්භ කරන බවය. ඒ අනුව ඉදිරියේදී ලබා දෙන රුපියල් මිලියන 200ක තේ පොහොර සහනාධාරය සඳහා මෙම QR කේතය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් පැවසීය ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය…
