Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මාතර කපුගම ප්‍රදේශයේ අද (03) උදෑසන 6.35ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරුපැදියකින් පැමිණ ටී 56 ගිනි අවියක් භාවිත කරමින් නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය. වෙඩි වැදීමෙන් 48 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරු රෝහල් ගත කර ඇතැයිද වාර්තා වේ. තුවාලකරු බස් රථ හිමිකරුවෙක් සහ ව්‍යාපාරිකයෙක් බවද පොලීසිය පැවසීය. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ගන්දර පොලීසිය මගින් සිදුකරති.
අපරාද, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ගිනි අවි හා සැකකටයුතු පුද්ගලයන් හා රථවාහන අත්අඩංගුවට ගැනීමේ විශේෂ සෝදිසි මෙහෙයුමේ තවත් අධියරක් ඊයේ (02) දිනයේදීද පැවැත්විණි. රටතුළ ව්‍යාප්තව ඇති විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සදහා මෙහෙයුම් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ සෘජු අධීක්ෂණයත් වැඩබලන පොලිස්පති ප‍්‍රියන්ත වීරසූරිය මහතාගේ මෙහෙයවීමත් මත ශ‍්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිිවිධ හමුදාවත් එක්ව දෛනිකව සිදු කෙරෙමින් පවතී. ඒ අනුව ඊයේ දිනය පුරා ශ්‍රී ලංකා පොලීසියත්, පොලිස් විශේෂ කාර්ය බළකායත් ත්‍රිවිධ හමුදාවත් එක්ව සිදුකළ විශේෂ වැටලීම්වලදී හෙරොයින් සම්බන්ධව පුද්ගලයින් 161 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම අයිස් සම්බන්ධව පුද්ගලයින් 161 දෙනෙකුද ඇතුළත්ව නොයෙකුත්…
ඔහිය – උඩවේරියවත්ත ප්‍රදේශයේ තිබී පුද්ගල මළසිරුරක් සොයා ගෙන තිබේ. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා විසින් කළ පැමිණිල්ලකට අනුව සිදු කළ පරීක්ෂාවකදී මෙම මළ සිරුර හමු වූ බව හල්දුම්මුල්ල පොලිසිය පැවසුවේය. මෙසේ මිය ගොස් ඇත්තේ උඩවේරියවත්ත ඔහිය පන්සල අසල පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හල්දුම්මුල්ල හා බණ්ඩාරවෙල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව විවාදයට ගන්නා ලබන අඟහරුවාදා(5) දින කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇත. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදය ලබන අඟහරුවාදා (5) පැවැත්වීමෙන් පසු ඡන්ද විමසීම එදින පස්වරුවේ පැවැත්වෙනු ඇත. ස්ථාවර නියෝග අනුව මෙම යෝජනාව සම්මත වීමට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව මුළු මන්ත්‍රීවරුන්ගෙන් අඩක් (113) පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රමාණවත්ය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතිය දෙස බැලීමේදී මෙම යෝජනාව ස්ථිර වශයෙන්ම සම්මත වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. යෝජනාව සම්මත වුවහොත් ඒ බව කතානායකවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම් දෙනු ලබයි. එසේ දැනුම් දීමෙන් පසු ජනාධිපතිවරයා විසින් පොලිස්පති ධූරය සඳහා…
තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය, කිමිදුම් උපකරණ සහ නීති විරෝධි පන්නාක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන් 22ක් සමග ඩිංගි යාත්‍රා 5ක් නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන ඇත. නාවික හමුදාව, පොලීසිය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පසුගිය ජූලි 23 – 31 කාලය තුළ මෙරට මුහුදු සීමාව ආවරණය වන පරිදි මෙම වැටලීම් සිදුකර තිබේ. මෙම වැටලීම්වලදී අලෙවි කිරීමට සූදානම් කළ තහනම් ධීවර දැල් 210ක් සමග තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රිකුණාමලය කොඩ්බේ, කුඹුරුපිඩ්ඩි, කින්නියා, මූතූර් සහ මන්නාරම කකරතිව් යන වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් සිදුකර තිබේ.
කතානායකවරයාගේ නිල නිවස පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයකට ලබාදීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාව හිමිවී ඇත ඒ අනුව මාස හයක ආරම්භක කාලයක් සඳහා මධ්‍යස්ථානයේ පදනම් රාමුව සැලසුම් කිරීම සහ ව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය, උපදෙස් දීම සහ මෙහෙයවීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙකු ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස පත්කිරීමටද කාරක සභාවේ අනුමැතිය හිමිවිය. මෙම අනුමැති ය හිමිවූයේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේදී එම යෝජනාව සළකා බැලූ අවස්ථාවේදීය. රජයේ සියලු අංශ ඔස්සේ ව්‍යවස්ථාදායක සහ ආණ්ඩුකරණ හැකියාවන් ශක්තිමත් කිරීමේ මූලික ඉලක්කය ඇතිව මෙම යෝජිත මධ්‍යස්ථානයෙන් , උසස් පර්යේෂණ පහසුකම්, විශේෂිත පුහුණුව සහ ප්‍රතිපත්ති විශ්ලේෂණයන් සඳහා…
අතීතයේ සිද්ධ වුණ දේවල් ගැන කතා කරමින් කාලය අපතේ යැවීම අපරාධයක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. අදාල කාර්ය කොතනින් හෝ පටන් ගැනීම ඉතාම වැදගත් බව කී අග්‍රාමාත්‍යවරිය පසුගිය රජයන් වලදී බොහෝ රජයේ ආයතන වල තීන්දු තීරණවලට හේතුව දේශපාලන අධිකාරීයේ බලපෑම බව සඳහන් කළාය. 2026 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විදුහල්පති සහ ගුරු සංගම් සමග බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය. මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මංජුලා විදානපතිරණ, ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපති මහාචාර්ය සරත් ආනන්ද මහත්ම මහත්මීහු විදුහල්පති…
පොදු ප්‍රවාහනය සම්බන්ධව මගී අදහස් ලබා ගැනීම සඳහා වැඩ පිළිවෙළක් සැකසූ බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි. ආරක්ෂිත ප්‍රවාහනයක් සඳහා වූ වැඩපිළිවෙළ යටතේ එම වැඩසටහන ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් කුලතිලක මහතා සඳහන් කරයි. ඒ යටතේ පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් අදහස්, පැමිණිලි, යෝජනා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් සකසන බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන සේවා භාවිත කරන මගීන්ගෙන් ඒ යටතේ තොරතුරු ලබාගන්නා බව ද මහේෂ් කුලතිලක මහතා කියයි. 0704775030 වට්ස්ඇප් අංකයෙන් ද, 1958 ක්ෂණික ඇමතුම් අංකයෙන් ද, Website :- www.sltb.lk වෙබි ලිපිනයෙන් ද තොරතුරු ලබා දිය හැකිය.
කැකිරාව නගරා සන්නයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක 11 හැවිරිදි සිසුවියක හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මිය ගොස් ඇතැයි කැකිරාව පොලිසිය පවසයි. පාසල නිමවී නිවසට යාම සඳහා සිය පාසල් සේවා බස් රථය පැමිණෙන තෙක් මාර්ගය අසළ අද සවස රැදී සිටි අවස්ථාවේ සිහිසුන්ව ඇද වැටී ඇත. එම අවස්ථාවේ පැමිණ ඇති පාසල් සේවා බස් රථයක රියදුරු හා එහි සිටි සිසුසිසුවියන් විද්‍යාලයේ ආචාර්ය මණ්ඩය හා ප්‍රදේශවාසීන් එක්ව සිසුවිය කැකිරාව දිසා රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි. එම සිසුවිය රෝහල් ගතකිරීමේදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මිය ගොස් ඇත්තේ සීගිරිය තල්කොටේ ප්‍රෙද්ශයේ පදිංචිව සිටි බද්දේ ගෙදර කෞෂී රශ්මිකා අබේරත්න නමැති 06…
ගල්කිස්ස අරලිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකුට තියුණු ආයුධයකින් පහර දීමෙන් එක් අයකු මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අගුලාන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 28 ක පුද්ගලයෙකි. දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් ආයුධ වලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණයය වී ඇත. බරපතල තුවාල ලද පුද්ගලයන් දෙදෙනා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහිදී එම පුද්ගලයා මියගොස් ඇත.
