Author: LANKA24X7

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරෙස් (António Guterres) මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවර එම මූලස්ථානයේදී 25 වෙනිදා පස්වරුවේ පැවැත්විණි. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ මූලස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා මහලේකම්වරයා විසින් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබිණි. අනතුරුව ඔවුහු සුහද කතාබහකටද එක් වූහ. ශ්‍රී ලංකාවේ නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය මෙන්ම සමාජයීය සහ දේශපාලනමය වශයෙන් ශ්‍රී ලංකාව නව තලයකට ඔසවා තැබීම වෙනුවෙන් මේ වන විට රජය ක්‍රියාත්මක කරමින් ඇති වැඩපිළිවෙළ පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළේය. ශ්‍රී ලංකා රජයේ නව ප්‍රගතිශීලි වැඩපිළිවෙළ මෙහිදී අගය…

Read More

දිවයිනේ නිරති දිග ප්‍රදේශවලට දැනට පවතින වැසි තත්වය ඉදිරි 24 පැය තුළත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පලාත්වත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 100 වැඩි තරමක තද වැසි ඇති වේ. උතුරු – මැද පළාතෙත් මාතලේ, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි තත්වයක් ඇති විය හැකියි.

Read More

පාර්ලිමේන්තුවේ පොදු වැසිකිලියට ඉබ්බා දාන්න එපා යැයි යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී රීති ප්‍රශ්නයක් මතු කරමින් අද(25) පැවසීය. “පාර්ලිමේන්තුවේ අපේ අර පොදු වැසිකිළිය හතරහමාරට වහනවා කියලා පොලිසිය කියනවා.කෑලි ගලවාගෙන යනවා කියලා එහෙම වහනවලු.ඒගොල්ලන්ට ඊට පස්සේ යන්න තැනක් නැතිලු.ඒක නිසා පොදු වැසිකිළිය රෑටත් ඇරලා තියන්න කියන්න. ඉබ්බ දාන්න එපා කියන්න යනුවෙන් අර්චුනා මහතා කීය.

Read More

කොළඹ ජාතික රෝහල ඇතුළු රටපුරා රජයේ රෝහල්වල දියවැඩියා රෝගීන් එන්නත් කරන ‘ඉන්සියුලින්’ ඇතුළු ඖෂධ වර්ග රැසක දැඩි හිඟයක් පවතින බව වෛද්‍යවරු පවසති. කොළඹ ජාතික රෝහලේ දියවැඩියා සායනයේ වෛද්‍යවරු නිර්දේශ කරන ‘ඉන්සියුලින්’ ප්‍රමාණයෙන් අඩක් පමණක් නිකුත් කරන බවත් ඉතිරි ‘ඉන්සියුලින්’ ප්‍රමාණය ගැනීමට පසුව පැමිණෙන ලෙස දැනුම් දෙන බවත් වෛද්‍යවරු පැවසූහ. දියවැඩියා සායනයේ වෛද්‍යවරු නිර්දේශ කරන තවත් ඖෂධ වර්ග රැසක හිඟයක් පවතින බව කියන වෛද්‍යවරු එම ඖෂධ පෞද්ගලිකව මිලදී ගන්නා ලෙස සටහන් කරන බව ද සඳහන් කළේය. රටපුරා සෙසු මූලික සහ දිස්ත්‍රික් රෝහල්වල් බොහෝමයක ‘ඉන්සියුලින්’ දැඩි හිඟයක් පවතින අතර එම රෝහල්වල දියවැඩියා සායනයට පැමිණෙන රෝගීන්ට මාස ගණනකින් ‘ඉන්සියුලින්’ නිකුත් කර නොමැති බව…

Read More

විදේශ රැකියාවක නිරතවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයකුට රැකියාව අතරතුරදී සිදුවන මරණයක් සඳහා දෙන රක්ෂණ වන්දි මුදල රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නංවා ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා කීය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් විශාල වැඩකොටසක් කළ බව කී සභාපතිවරයා විදේශ රැකියා වංචනිකයින්ට හසුවූවන්ට රුපියල් මිලියන 234ක මුදලක් යළි අයකරදීමට හැකිවූ බව සඳහන් කළේය. මේ වන විට කාර්යාංශ පනත යාවත්කාලීන කිරීමටත් අවශ්‍ය පියවර ගනිමින් පවතින බවද සභාපතිවරයා කීය. මේ වසරේ අගෝස්තු වන විට ඇමරිකානු ඩොලර් බිලියන 5.1 ක ප්‍රේෂණ ප්‍රමාණයක් විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා තිබෙන බවද සභාපතිවරයා කීය. ඔහු මේ බව…

Read More

දූෂණ විරෝධී පනතේ විධිවිධානයන්ට අනුකූලව ලබාදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශයේ සඳහන් තමන්ගේ සහ තම පවුලේ සියලුම වත්කම් උපයා ඇත්තේ නීත්‍යානුකූලව, ආදායම් උපයාගත් ආකාරය පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් අවශ්‍ය ඕනෑම අයෙකුට ඒ පිළිබඳව නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකි යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ ප්‍රකාශ කළේය. එලෙස පැමිණිලි කරන ඕනෑම අයෙකුට තමන් වත්කම් උපයාගත් ආකාරය අන්තිම සතේට පැහැදිලි කිරීමට බැඳී සිටින බවද මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය. තමන් මේ ආකාරයෙන්ම පසුගිය වසරේ මෙන්ම ඊට පෙරද මෙලෙස වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙන බවද ඔහු පැවැසුවේය. තමන් දේශීය ආදායම් දෙපර්තමේන්තුවේ ආදායම් බදු ලිපි ගොනුවක් විවෘත කරනු…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර හමුවක් ඇමරිකාවේදී සිදුව තිබේ. මෙම හමුව සිදුව තිබෙන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදීය.

Read More

වාහන ආනයනය සඳහා ඩොලර් කෝටි 157ක් වටිනා ණයවර ලිපි (සැප්තැම්බර්16වන විට) විවෘත කර ඇතැයි වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මල්ශානි අබේරත්න මහත්මිය රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී පැවසුවාය. වාහන ආනයනයෙන් මේ වසරට රුපියල් කෝටි 46000ක් අපේක්ෂා කළ නමුත් එය කෝටි 70000ක් දක්වා වැඩිවන තත්වයක් පෙනෙන්නට ඇති බවත් මෙපමණ වාහන ප්‍රමාණයක් පැමිණේවි යැයි බලාපොරොත්තු නොවූ බවත් අබේරත්න මහත්මිය කීවාය. එසේම මෙම වසරේ සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ඇමරිකානු ඩොලර් කෝටි 350ක් පමණ වනු ඇතැයිද මෙහිදී අනාවරණය කෙරිණ. මේ වසරේදී සංචාරකයන් ලක්ෂ විසි හතරත් 25ක් අතර සංඛ්‍යාවක් පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි. එහි අපේක්ෂිත ආදායම් ඉලක්කය ඇමෙරිකානු…

Read More

දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීම සහ සිසුන්ට හානි පමුණුවන දඬුවම් ක්‍රම අවසන් කිරීම සහ එවැනි අපරාධ කරන්නන්ට නීතිමය දඬුවම් ලබා දීමේ අරමුණින් ඉදිරිපත් කෙරුණු දණ්ඩ නීති සංග්‍රහය (සං‍ශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය විසින් තවත් දිනයකට කල් තබනු ලැබීය. ළමා රැඳවුම් මධ්‍යස්ථාන සහ පාසල් ඇතුළු විවිධ ස්ථානවල දරුවන්ට සිදුවන ශාරීරික දඬුවම් නැවැත්වීමට ප්‍රමාණවත් නීතිමය විධිවිධාන ශ්‍රී ලංකාවේ දිගු කලක් තිස්සේ නොතිබුණ හෙයින් එම ගැටළුව විසඳීම සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරුණු බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි අධ්‍යාපන අමාත්‍යාංශය සහ ගුරු වෘත්තීය සමිති ඇතුළු විවිධ පාර්ශවයන් සමඟ කළ පුළුල් සාකච්ඡාවලින් අනතුරුව…

Read More

කුරුණෑගල පන්සියගම නා උයන. ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන හිමිවරුන් වැඩම කරන කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් හිමිවරුන් හත් දෙනකු අපවත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. අපවත් වූ හිමිවරුන් අතර රුසියන් රුමෙනියා සහ ඉන්දියාවේ වෙසෙන හිමිවරුන් තිදෙනකු ද වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. අපවත් වූ හිමිවරුන් වයස අවුරුදු 27 – 48 පසුවන්නන්ය. සිදුවූ අනතුරින් තුවාල ලද තවත් හිමිවරුන් හය දෙනකු කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. එම ඩක්කුවෙන් හිමිවරුන් 13 කු ගමන් කර ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Read More