Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වැඩබලන බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ලෙස එම දෙපාර්තමේන්තුවේ අතිරේක කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ කසුන් වැල්ලහේවා මහතා පත් කර තිබේ. බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රේමසිරි රත්නායක මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ධුරය සඳහා මෙම පත් කිරීම සිදුකර ඇති බවය. රාජකාරී නිසි පරිදි ඉටු නොකිරීමේ චෝදනාව මත ප්‍රේමසිරි රත්නායක මහතා ධුරයෙන් ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණි. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කටයුතු නිසි පරිදි සිදු නොකිරීම සම්බන්ධයෙන් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ප්‍රේමසිරි රත්නායක මහතාට එරෙහිව චෝදනා එල්ල කර තිබුණි. අදාළ චෝදනා පත්‍රය පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර…
විශ්වවිද්‍යාල තුළ ප්‍රචණ්ඩත්වය සහ නවකවධයට කිසිඳු සමාවක් ලබා නොදෙන බවත් සිසු උද්ඝෝෂණ, අරගල මෙන්ම ශිෂ්‍ය දේශපාලනයට කිසිදු ලෙසකින් බාධාවක් සිදු නොකරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. වව්නියාව විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් ඉදි කළ පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය, පරිපාලන නිලධාරීන් සහ සිසුන් සමග පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, “විශ්වවිද්‍යාලයට පැමිණෙන නවක සිසුන් තුළ තිබිය යුතු ගුණාත්මකභාවය සහ අවශ්‍ය මූලික කුසලතා ඒ දරුවන්ට නැහැ. පාසලේ දී ඉගෙන ගතයුතු දේ විශ්වවිද්‍යාලයේදී උගන්වන්න ඒ නිසා අපට සිද්ධ වෙනවා. ඒ පාසල් අධ්‍යාපනයෙන්…
ප්‍රසාද් චතුරංග කෝදාගොඩ නොහොත් ඩුබායි සුද්දාගේ සමීපතම ගෝලයකු පානදුර කොට්ඨාෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 4,665ක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ. සොරා ගත් තීරෝද රථ දෙකක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක දී හෙළි වූ තොරතුරු අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. එමෙන්ම පොලීසිය සැක පල කරන්නේ අදාල සැකකරු, ඩුබායි සුද්දා විසින් whatsapp හරහා ඊසිකෑෂ් ක්‍රමය යටතේ සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාලය හා සම්බන්ධ පුද්ගලයෙකු වන බවය.
හදිසියේ ඇති වූ ක්ලාන්තයක් හේතුවෙන් සිහිසුන් වී බිම ඇද වැටුණු දැරිය ජිවීතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි එකළොස් හැවිරිදි පාසල් සිසුවියෙකි. අදාල සිසුවිය පාසල නිම වී බස් රථය වෙත පැමිණ ඇති අතර එහිදී ඇති වූ හදිසි ක්ලාන්තයක් හේතුවෙන් ඇය බිම ඇද වැටී ඇත. එහිදී පාසල් බස් රථයේ සේවකයන් විසින් ඇයව කඩිනමින් කැකිරාව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ මිය ගොස් තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අනුරාධපුර මහ රෝහල වෙත රැගෙන ගොස් තිබුණි. කෙසේ වෙතත් අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මරණ පරීක්ෂණය පැවැත්වුවද මරණයට හේතුව අනාවරණය කර ගැනීමට නොහැකි වී…
වවුනියාව නෙදුන්කේනි සිය නිවසේ වූ මඩුවක නිදා සිටි පුද්ගලයෙකු ටිපර් රථයකට යට වී ජිවිතක්ෂයට පත්ව ඇති බව නෙදුන්කේනි පොලිසිය සදහන් කරයි. නිවස ඉදිරි පිට පිහිටි මඩුවක් තුල මෙසේ නිදා සිටියදී සිය මස්සිනා පැදවූ ටිපර් රථයට යට වී ඇතැයි කියයි. අනතුර සිදු වීමෙන් පසුදා උදෑසන මෙසේ අදාළ පුද්ගලයා ටිපර් රථයට යටව ජිවිතක්ෂයට පත්ව ඇති බව නිවැසියන් දැක තිබේ. ඒ අනුව ටිපර් රථය පැදවු මස්සිනා නෙදුන්කේනි පොලිසියට භාරවී තිබේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ ජනපති අනුරගේ හෝ අගමැති හරිනිගේ ප්‍රතිසංස්කරණයක් නොවන බවත්, සියලු දෙනාගේ අවබෝධයෙන්, අදහස් හා යෝජනා අනුව සාධනීය වෙනස්කම් සිදුකරමින් දරුවන් වෙනුවෙන් එකමුතුව ඉටු කළ යුතු වගකීමක් බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳව උතුරු පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් උතුරු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ ඊයේ (02) පැවති දැනුවත් කිරීමේ වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පවසා සිටියා ය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය, ”පවතින අධ්‍යාපන ක්‍රමය තුළ පළමු…
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය ඒකකයේ ක්‍රියා හේතුවෙන් මෙරට විසිතුන් දහසකට අධික වෛද්‍යවරුන් පිරිසකගේ ස්ථාන මාරුවල මුළුමනින්ම ගැටළු මතුවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධව බරපතළ ගැටලු ගණනාවක් මතුව ඇති බවත් ඒ අනුව සෞඛ්‍ය පද්ධතිය තුළ අනවශ්‍ය ගැටළුවක් නිර්මාණය වෙමින් පවතින බවත්ය. මෙම ස්ථන මාරු ක්‍රියාපටිපාටීන් ආයතන සංග්‍රහයේ පැහැදිළිව දක්වා ඇතැයිද පැවසූ වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා ඒකකය විසින් අත්තනෝමතික ලෙස මෙම කටයුතු සිදු කිරීම හේතුවෙන් මෙම ගැටලු මේ වන විට මතුව ඇති බවය. මේ හේතුවෙන් මෙරට වෛද්‍යවරුන් 23,000කගේ පමණ ස්ථාන මාරුවීම්…
කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 8යි ග්‍රෑම් 220ක් සමග ඉන්දීය ජාතික සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (02) රාත්‍රී කාලයේදී මෙම සැකකරුවන් ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන්ට විසින් මෙම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔවුන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීම් දෙකකදීය. එහිදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 112ක් සහග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 108ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. සැකකරුවන් අවුරුදු 38 සහ 47 වයස්වල පසුවන ඉන්දියන් ජාතිකයන් බව වාර්තා වෙයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අභිමානය ලොවට පෙන්වන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද (03) වීථී සංචාරය කිරීමට නියමිතය. සිව්වන කුඹල් පෙරහැර ඊයේ (02) රාත්‍රි වීථී සංචාරය කෙරුණි. කෝට්ටේරාජා, පුලතිසිරාජා දෑල පිරිවරා ඉන්දිරාජා මංගල හස්තියා විසින් සධාතුක පෙරහැර කරඬුව වැඩම කළේය. පළමු රන්දෝලි පෙරහැර හෙට (04) ආරම්භ වෙයි. අවසන් මහා පෙරහැර අගෝස්තු 08 දින වීථි සංචාරය කිරීමට නියමිතව ඇති අතර අගෝස්තු 09 වැනිදා පවත්වනු ලබන දහවල් පෙරහැරින් පසුව මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමාවට පත් වේ.
ප්‍රදේශ දෙකක සිදුවූ රිය අනතුරු දෙකකින් තරුණියක් සහ තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (02) මෙම අනතුරු සිදුව තිබුණේ පොළොන්නරුව සහ කළුතර දකුණ පොලිස් වසම්වලදීය. පොළොන්නරුව – හබරණ මාර්ගයේ 63 වන සහ 64 කිලොමිටර් කනුව අතර ප්‍රදේශයේදී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයක ගැටී පසුපැදිකාරිය ටිපර් රථයට යටවී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතළ තුවාල ලැබූ පසුපැදිකාරිය පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ, ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණියෙකි. මේ අතර කාලයේ කළුතර දකුණ පොලිස් වසමේ පලාතොට – නාගොඩ මාර්ගයේ ඇටවිල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ මෝටර් රථයක් යතුරුපැදි දෙකම එකවර ඉස්සර කිරීමට යාමේදී…
