Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කොළඹ කෙසෙල් වත්ත වේල්ල වීදිය නිවාඩු නිකේතනයකට ගොස් සේවකයන් දෙදෙනකුට කිසිදු හේතුවක් නොමැතිව පහර දුන් බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කෙසෙල් වත්ත පොලිසියකියයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසයට අනුයුක්ත රාජකාරී කරන කොස්තාපල්වරුන් දෙදෙනෙකි. පහර කෑ සේවකයන් දෙදෙනා රෝහල් ගතව ඇත. ඉකුත්12 වෙනිදින සවස 5.45 ට පමණ සිවිල් ඇඳුමින් සැරසී පැමිණ තිබූ සැකකාර කොස්තාපල් වරුන් දෙදෙනා එක් සේවකයෙකුගෙන් ඔහුගේ දුරකථනය ඉල්ලා දුරකථනයක් නොමැති බව පැවසීමෙන් අනතුරුව කමිසයේ කොළරයෙන් අල්ලා පහර දී බිම පෙරලාගෙන පහර දුන් බවත් අනෙක් සේවකයාටද පහරදී නිවාඩු නිකේතයෙන් පිටතට රැගෙන ගිය බවත් පහර දුන්න අය හොඳින් හඳුනන බවත් එම අය පොලිස් නිලධාරීන්…
රටේ තුන්වැනි පුරවැසියා වගේම පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන කතානායකතුමා පාර්ලිමේන්තුවට බොරු කියා නොමග යවලා ඇති බවත් පාර්ලිමේන්තුවේ ගෞරවය රකින්න ඉන්න පුද්ගලයාම පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළසීම බරපතල සිදුවීමක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍යවරයෙක් වන නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (13) පැවසීය. කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ අද (13) පැවැති මාධ්‍ය හමුවේදී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එසේ පැවසීය. විපක්ෂයෙන් අරුණ ජයසේකර නියෝජ්‍ය ආරක්ෂක ඇමතිතුමාට එරෙහිව භාරදුන් විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ ගෞරවය බරපතල කෙළසීමකට ලක්වූ බවත් නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනා පළමු වතාව මෙන්ම විශ්වාසභංග යෝජනාවක් විවාදයට නොගෙන ප්‍රතික්ෂේප කළ පළමු අවස්ථාව ලෙස එය පාර්ලිමේන්තු…
හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් වසර දෙකක් භූගත උමං තුළ රඳවා සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගෙන් ඉතිරි 13 දෙනා ද ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය හරහා ඊශ්‍රායල හමුදාව වෙත භාර දී තිබේ. මේ අනුව අද (13) දිනයේදී, ජිවත්ව සිටින ප්‍රාණ ඇපකරුවන් 20 දෙනාම ඊශ්‍රායල හමුදා භාරය පත්වූ අතර ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය. එමෙන්ම හුවමාරුවක් ලෙස නිදහස් කිරීමට නියමිත පලස්තීන සිරකරුවන් 1,966 දෙනා ද ඊශ්‍රායල බන්ධනාගාරවල බස් රථවලට ගොඩ වී ඇති බව සඳහන් වේ. මෙම පිරිසට අමතරව පැහැරගෙන හමාස් භාරයේ සිටි 39 දෙනා පිළිබඳව කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්න් ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඇමතීම සඳහා මේ වන විට ඊශ්‍රායලය වෙත පැමිණ තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා පසුව ගාසා සාම සමුළුවට සහභාගී වීම සඳහා ඊජිප්තුවට යනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීමට මෙන්ම ඔවුන්ගේ ගෞරවය සහ සමානාත්මතාව සඳහා වන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, පවතින මූලධර්ම ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කිරීමටත් කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. මහජන චීන සමූහාණ්ඩු රජයේ ආරාධනයෙන් අද (13) බීජිං නුවර චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ (CNCC) පැවති 2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා ය. චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය ජනාධිපති Xi Jinping සහ ජනාධිපති ආර්යාව Peng Liyuan මහත්මිය විසින් පිළිගනු ලැබුණු අතර චීන ජනාධිපති Xi Jinping ගේ පිළිගැනීමේ කතාවෙන් පසුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය…
ගල්කිස්ස අධිකරණ භූමියේ දී නීතිඥයකුට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගත ව සිටි පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා නියෝග කළේය. ඉකුත් 10 වැනිදා සිදු වූ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයා අද දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කර තිබුණි.
ගාල්ල බන්ධනාගාරය සී වාට්ටුව තුළ කළ හදිසි සෝදිසියකදී ජංගම දුරකථන හතරක් සොයා ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මෙම දුරකථන වාට්ටුව තුළ සූක්ෂම සඟවා තිබූ බවද බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. මෙම දුරකථන සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඊයේ (12) දහවල් මෙම හදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. දුරකථන වල හිමිකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැත.
තම නිවසේ වැසිකිළි වලට කාබයිට් නමැති රසායනික ද්‍රව්‍ය යොදමින් සිටියදි වැසිකිළිවල පුපුරා යමෙන් එම පුද්ගලයා තුවාල ලබා මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක සේවය කරනු ලන පිලාන වංචාවල ඩබ්ලිව්.ජී.මනෝජ් නිශාන්ත නමැති 54 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු වැසිකිළි වලේ අපද්‍රව්‍ය දිරා යාමත් දුර්ගන්ධය නැති කිරිමත් සදහා වැසිකිලි වලට කාබයිට් රසායනික ද්‍රව්‍ය දමමින් සිටියදි එක් වරම වැසිකිළිවල පුපුරා යාමෙන් ඔහු තුවාල ලබා ඇත. පසුව අසල්වාසින් විසින් ඔහු කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුලු කරණ අවස්ථාවේම මියගොස් ඇත.
සිය මිතුරන් සිව් දෙනෙකු සමඟ මාතලේ ඇල්කඩුව හුන්නස්ගිරියවත්තේ දිය නෑමට ගිය මහනුවර ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ඊයේ (12)දා පස්වරුවේ දිය ඇල්ලෙන් පහතට වැටි මිය ගොස් ඇති බවත් තවත් සිසුන් දෙදෙනකු තුවාල ලබන ඇති බව පොලිසිය කියයි . මෙසේ අවසනාවන්ත අනතුරට පත්ව මියගොස් ඇත්තේ මහනුවර සුමංගල විද්‍යාලයේ උසස් පෙළ පංතියේ ඉගෙනුම ලබන තරුෂ්ක නවින් ඒකනායක (19) හැවිරිදි සිසුවෙකු වන අතර ඔහු වත්තේගම මීගම්මන ප්‍රදේශයේ පදිංචි අයෙකි. තුවාල ලැබු අනෙක් සිසුන් දෙදෙනා මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි. මෙම සිසුන් තිදෙනා තවත් මිතුරකු සමඟ මාතලේ හුන්නස්ගිරිය වත්තේ දිය ඇල්ලක දිය නෑමට ගොස් ඇති අතර මෙම පාසල් සිසුන් තිදෙනා සමඟ පැමිණ ඇති…
මෙම වසරේ දෙවැනි කාර්තුව අවසන් වනවිට මෙරට මූල්‍ය සමාගම්වලින් ශ්‍රී ලාංකිකයන් ලබාගෙන ඇති ණය මුදල්වලින් සියයට 82.6 ක් වාහන සහ රන් ණය බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ සඳහන් වේ. ඉන් සියයට 63.2 ක් වාහන ඇපයට තබා ලබාගත් ණය බවත් තවත් සියයට 19.4 ක් රන් භාණ්ඩ ඇපයට තබා ලබාගත් ණය බවත් එම වාර්තාවේ දැක්වේ. එසේම මෙම වසරේ දෙවැනි කාර්තුව අවසන් වනවිට මෙරට මූල්‍ය සමාගම්වලින් ණය සහ අත්තිකාරම් මුදල් ගැනීම් පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව සියයට 35.1 කින් ඉහළ ගොස් ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ. එසේම මෙම වසරේ දෙවැනි කාර්තුව අවසානය වනවිට වාහන සඳහා ලබාගෙන…
