Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය යාවත්කාලීන කර තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දෙවන අදියර යටතේ මෙම සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇති අතර එහිදී අවදානම් දර්ශක කිහිපයක් එකතු කිරීමට ද පියවර ගෙන ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ ඇතිවන නොසන්සුන්තාවයන්, ත්‍රස්තවාදය සහ බිම්බෝම්බ යන යනාදි කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව අමෙරිකාව සිය සංචාරක උපදේශනය මඟන් දැනුම් දී ඇත.
තලාව, රත්මල්ගහවැව පාර ප්‍රදේශයේ මුදුනේගම පාසල අසල හිස් උණ්ඩ කොපු තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් අද (14) සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ අදාළ උණ්ඩ තොගය T-56 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කරන උණ්ඩ වන බවය. අදාළ උණ්ඩ තොගය තඹුත්තේගම මූලස්ථාන පොලීසිය විසින් සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදුකරනු ලබයි.
ශ්‍රී ලංකාවට එන සියලුම විදේශිකයින් මෙරටට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ගැනීම අනිවාර්ය කරනු ලැබ ඇත. මෙම අවසර පත්‍රය හෙට (15) දිනයේ සිට ලබාගැනීම අනිවාර්ය කර ඇති බව ආරංචි මාර්ග කියයි. ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණීමේදී නොමිලේ සංචාරක වීසා බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලබන සියලුම රටවල විදේශිකයින් මෙම අවසර පත්‍රය ලබා ගත යුතු වනු ඇත.
දෙපාර්තමේන්තු 8 ක පමණ බලපෑම් ඇතිකළ මාර්ගගත රජයේ සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම කඩිනම් කිරීම සඳහා අදාළ නිලධාරීන්ගේ විශේෂ රැස්වීමක් අද (14) පැවැත්වේ. අද පෙරවරුවේ එම විශේෂ රැස්වීම පැවැත්වීමට නියමිත බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී තිබුණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධාන වලට ජාතික කැඳවුම්කරුවන් ඊයේ (13) පත් කෙරිණි. පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කැඳවුම්කරුවන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්‍යාලයේ දී පැවැත්විණි . ඒ අනුව පොදුජන බස් රථ වෘත්තිකයන්ගේ සංවිධානයට සී.බී. රත්නායක,පොදුජන ජාතික සංවිධාන ව්‍යාපාරයට සරත් වීරසේකර, පොදුජන පෙරමුණ නීතිඥ සංවිධානයට මොහාන් ද සිල්වා, පොදුජන ඉංජිනේරු පෙරමුණට ඉන්දික අනුරුද්ධ,පොදුජන මැණික් ව්‍යාපාරිකයන් හා පතල් කරුවන්ගේ පෙරමුණට ප්‍රේමලාල් ජයසේකර,පොදුජන ත්‍රීරෝද රථ හිමියන්ගේ සංවිධානයට ප්‍රසන්න රණවීර,පොදුජන වැවිලි භෝග වගාකරුවන්ගේ සංවිධානයට ජානක වක්කුඹුර,පොදුජන හෝටල් සහ සංචාරක වෘත්තිකයන්ගේ සංගමයට අරුන්දික ප්‍රනාන්දු ,රාජ්‍ය ගුරු සේවක සංවිධානයට ශාන්ත බණ්ඩාර, පොදුජන රාජ්‍ය නිලධාරීන්ගේ…
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයේදී පැනගැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයන් අතර කොළඹ බලශක්ති අමාත්‍යංශයේදී ඊයේ (13) පස්වරුවේ පැවැති සාකච්ඡාව අතරතුරදී වෘත්තීය සමිති නියෝජිතයන් දෙදෙනෙක් ඉවත්කිරීමත් සමඟ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය. එහිදී විදුලිබල අමාත්‍යංශයේ සහ විදුලිබල මණ්ඩලයේ ආරක්‍ෂක අංශය ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමයේ සභාපති ප්‍රියන්ත මදුකුමාර සහ ලේකම් සමින්ද මාදුගොඩ ගමගේ මහතා යන මහත්වරු සාකච්ඡාවෙන් ඉවත් කළ අතර විදුලිබල අමාත්‍යංශයේ ආරක්‍ෂක නිලධාරීන් කීපදෙනෙක් සමින්ද මාදුගොඩ ගමගේ මහතා ඉහළ මහලේ සිට ඇදගෙන ගොස් එළියට දැමූ ආකාරය දැකගත හැකිවිය. එහිදී පොරබැදීමෙන් තුවාල ලැබූ යැයි කී චමින්ද ගමගේ මහතා 1990 ගිලන්…
යෝජිත වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වැවිලි සමාගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (13) පස්වරුවේ පැවැත්විණි. පසුගිය අයවැයෙන් රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට සමගාමීව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. වතු කම්කරු ජනතාවට ජීවත් වීමට සරිලන වැටුපක් ගෙවා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරිමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා එම වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදය පිළිබඳව වතු සමාගම් නියෝජිතයන් සමඟ සාකච්ඡා කළේය. වැවිලි කර්මාන්ත කරුවන් මුහුණ දෙන අභියෝග පිළිබඳවද වැවිලි සමාගම් නියෝජිතයන් විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී. වැවිලි කර්මාන්තය නඟා සිටුවීමේ රජයේ ප්‍රතිපත්තිය මෙහිදී…
වර්තමානයේ ලංකා කාන්තාව ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉදිරියට පැමිණ සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසන්නේ තංගල්ල කාල්ටන් නිවසේ සිට සමාජ මාධ්‍යයේ සටහනක් තබමිනි. මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පවසයි. තංගල්ල කාල්ටන් නිවසට පැමණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානයේ සමාජිකාවන් සමඟ සුහද කතාබහක යෙදිණි. එම අවස්ථාව සඳහා බිරිඳ ශිරන්ති රාජපක්ෂ ද සම්බන්ධ වූ අතර එහිදී කාන්තා සංවිධානයේ වත්මන් සහ ඉදිරි කටයුතු පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී. වර්තමානයේ අප රටේ කාන්තාව ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉදිරියට පැමිණ සිටියි. දේශපාලනික හා සමාජයීය ක්ෂේත්‍ර තුළ කාන්තාවට කළ හැකි කාර්යභාරයට හොඳම උදාහරණය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ඇය මෙරට දේශපාලන ක්ෂේත්‍රය…
දිවයිනේ හෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව,මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වලත් ගාල් සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක පමණ තද වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකියි.
සංවිධානාත්මක අපරාධකල්ලිි නායක ගනේ මුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙරටින් පලා ගොස් සිටි ඉෂාරා සෙව්වන්දි නැමැති සැකකාරිය නේපාල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව බුද්ධි අංශ තොරතුරු පවසයි. මෙම සැකකාරිය සමග තවත් පස් දෙනෙකු නේපාල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදේ කුමාර වුට්ලර් මහතාගෙන් අප කළ විමසීමකදී කියා සිටියේ එම තොරතුරු සනාථ කර ගැනීම සඳහා නේපාල පොලිසිය සමඟ සම්බන්ධ වෙමින් පවතින බවයි. සංවිධානාත්මක අපරාධ කල්ලි නායක සංජීව කුමාර සමර රත්න නොහොත් ගනේ මුල්ල සංජීව නමැත්තා කොළඹ අධිකරණ සංකීර්ණයක් තුළදී නීතිඥ වෙස්ගත් වෙඩික්කරුවෙකුගේ වෙඩි පහරින් ඝාතනයට ලක්විය. එහිදී සිදු කළ විමර්ශනවලට අනුව මෙම…
