Author: LANKA24X7

පියා විසින් කපා තිබූ වැසිකිළි වළට වැටී ඔහුගේ බාල පුත්‍රයා ජීවිතක්ෂයට පත්ය ඇති පුවතක් බගවන්තලාව ප්‍රදේශයෙන් වාර්තා විය. මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතය හැරගොස් ඇත්තේ බගවන්තලාව කිව් වතුයායේ ඉහළ කොටසේ පදිංචිව සිටි එම වතුයායේම 3 වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි හෙලෝන් සසාන් නැමති 08 හැවිරිදි සිසුවාය. එම වතුයායේ ඉහළ කොටසේ වතුකම්කරුවෙකු විසින් අලුතින් ඉදිකරමින් පවතින නිවසට වැසිකිළියක් ඉදි කිරීම සඳහා අඩි 06ක පමණ ගැඹුරකින් යුත් වළක් මෙම පියා විසින් කපා තිබී ඇත. මෙම කුඩා දරුවා වැසි ජලය පිරී තිබූ එම වළ අසළින් ඊයේ (03) ගමන් කරමින් සිටි අවස්ථාවක ඔහු එම වළට වැටෙන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් සැකපල…

Read More

අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවූම් මාර්ගයේදී කන්ටේනර රථ රියදුරෙකු ලොරියක ගැටී සිදු වූ අනතුරකින් මියගිය බව අතුරුගිරිය අධිවේගී මාර්ග අනුපාලක මධ්‍යස්ථානය සඳහන් කරයි. අනතුරින් මියගොස් ඇත්තේ අලවතුගොඩ සයිස්ටන් පෙදෙස පදිංචිව සිටි ඩබ්ලිව් කේ .ඒ. පි. වර්ණසිරි (49) යන අයයි. මියගිය කන්ටේනර් රථ රියදුරා ටයිල් තොගයක් පටවාගෙන කඩවත පිවිසුමෙන් ඇතුළුව මාතර දෙසට ධාවනය කරමින් සිටියදී ටයිල් තොගය ආවරණය කර තිබූ ටෙන්ට් රෙද්ද ගැට ගසා තිබූ ලණු බැමි බුරුල්වීම හේතුවෙන් කොළඹ පිටත වටරවුම් ප්‍රදේශයේ කිලෝමීටර් 5 යි දශම 8 ප්‍රදේශයේදී කන්ටේනර් රථය නවතා එහි පිටුපසට පැමිණ ලනු බැමි නැවත ගැට ගසමින් සිට ඇතැයි පොලිසිය කියයි. එම අවස්ථාවේදී පොල්ලෙහි රැගෙන යාම සඳහා කඩුවෙල…

Read More

පසුගිය මාස හයක කාලයක් තුළ සංචාරකයන් පැමිණීමෙන් ඩොලර් බිලියන 3.7ක ආදයමක් උපයා ඇති බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. මේ වසර අවසානය වන විට තවත් ඩොලර් බිලියන 3.7ක ආදයම් ඉලක්කයක් අපේක්‍ෂා කරන බව ඔහු සඳහන් කළේය. නුවරඑළිය සීතා අම්මන් කෝවිලේ, පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා මෙම අදහස් පළ කළේය. “ඉන්දියානුවන් තමයි ලංකාවට වැඩියෙන්ම සංචාරකයින් විදියට පැමිණෙන්නේ. ගොඩක් අය ආගමික සංචාරකයින් වෙනවා. කොනේෂ්වරන් කෝවිලට, කතරගමට විවිධ ස්ථාන දැකබලා ගන්න ඉන්දියානු සංචාරකයින් විශාල ප්‍රමාණයක් පැමිණෙනවා. අපිට ඒක ලොකු හයියක්. ඔබ දන්නවා අපි ආර්ථික වශයෙන් බංකොළොත් වෙලා හිටියේ. ඒ තත්ත්වයෙන් මිදෙන්න නම්, අපි සංචාරක කර්මාන්තය…

Read More

දිවයිනේ පෙනහලු පිළිකා ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන බව වැලිසර ජාතික ළය රෝහලේ උර කුහර සෛල ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා පැවසීය. විශේෂයෙන්ම පිරිමින් තුළ පෙනහලු පිළිකා ඇතිවීම ඉහළ බව ද ඔහු කීය. වැලිසර ළය රෝහලේ ශ්‍රවනාගාරයේ පැවැති මාධ්‍ය හමුවක දී ඉද්දගොඩ මහතා මෙසේ පැවැසීය. මෙම මාධ්‍ය හමුව ජත්‍යන්තර පෙනහලු පිළිකා දිනය වෙනුවෙන් පැවැත්විණි. පෙනහලු පිළිකාව සම්බන්ධයෙන් ජනතාවට තිබෙන්නේ ඉතා අල්ප අවබෝධයක් බව ද විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා පැවැසීය. වැලිසර ළය රෝහල, කොළඹ ජාතික රෝහල සහ මහනුවර ජාතික රෝහල්වල දත්ත අනුව පසුගිය අවුරුදු 5-10 තුළ රටේ පෙනහලු පිළිකාව කැපී පෙනෙන අයුරින් වර්ධනය වී ඇති බව පෙන්නුම් කරන බව ඔහු…

Read More

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයන්ට , ඔවුන්ගේ රියැදුරු බලපත්‍රය සහ වීසා කාළය අනුව මෙරටට වලංගු වන රියැදුරු බලපත්‍රයක් විනාඩි 05 ක් වැනි සුළු කාළයකින් ලබා ගැනීමේ පහසුකම සහිත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ශාඛා කාර්යාලක් ඊයේ විවෘත විය . වසරකට වඩා වැඩි කාළයක් මෙරට රැදී සිටින විදේශීය සංචාරකයන්ට , ඔවුන් සතුව බර වාහන සදහා ද රියැදුරු බලපත්‍ර තිබේ නම් ඔවුන් සදහා ද , ත්‍රිරෝද රථ පැදවීම සදහා ඉන්දියාව වැනි රට වල සිට මෙරටට පැමිණෙන සංචාරකයන් සදහා ද , ඔවුන්ට එම රටවල රියැදුරු බලපත්‍ර තිබේ. නම් ඔවුන් සදහා ද මෙම ශාඛා කාර්යාලයෙන් රියැදුරු බලපත්‍ර ලබා ගත හැකිය . විද්‍යත් තැපෑල මගින්…

Read More

වත්කම් බැරකම් ප්‍රකාශ පසුගිය ජුනි මස 30 වැනිදායින් පසු බාර නොගන්නා ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එම ප්‍රකාශ බාරදිය යුතු රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරයි. එම ප්‍රධානීන් සම්බන්ධයෙන් කොමිෂන් සභාව විසින් නීතියට අනුව කටයුතු කෙරෙනු අැත මේ අතර වත්කම් බැරකම් ප්‍රකාශ බාර නොදුන් නිලධාරීන් සිටී නම් හැකි ඉක්මනින් එම ප්‍රකාශ තමා ආයතන ප්‍රධානීන්ට බාරදී තමන්ට නියම විය හැකි පරිපාලන දඩ මුදල අවම කර ගන්නා ලෙස එම කොමිසම දැනුම්දෙයි ප්‍රමාද වූ වත්කම් සහ බැරකම් ප්‍රකාශ සම්බන්ධයෙන් පසුගිය ජුනි මස 30 වැනිදා සිට අගෝස්තු 31 දක්වා පනතේ ප්‍රකාරව ෙෙදනිකව දඩ මුදලක් අය කෙරේ. එය එක්…

Read More

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට එහි ඇතැම් ප්‍රධානීන්ගෙන් පසුගිය කාලයේදී සිදුවී ඇතැයි පැවැසෙන විවිධ හිංසන ක්‍රියා සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය පත් කරනු ලැබ සිටින්නීය. ඇය මෙරට ප්‍රධාන පෙළේ ආන්දෝලනාත්මක නඩු විභාග ගණනාවක් මෙහෙයවූ ජ්‍යෙෂ්ඨ පළපුරුදු විනිසුරුවරියකි. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක සභාව ගෙන ඇති තීරණයක් අනුව මෙම පත් කිරීම කරනු ලැබ ඇත්තේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසිනි. හිටපු මහාධිකරණ විනිසුරුවරිය මේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 11 වැනිදා විමර්ශන ආරම්භ කිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු සහ උතුරු – මැද පළාත්වල අහස වළාකුලින් බරව පවතිනු ඇත. උතුරු, උතුරු – මැද සහ නැගෙනහිර පළාතවල පස්වරු 1.00 පමණ පසු තැනින තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිසත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

Read More

මොරටුව දිසා විනිසුරු තිලිණ ගමගේ මහතාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගිය සිකුරාදා (01) කටයුතු කර ඇත. වැඩ තහනම් කිරීමේ ලිපිය අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතාගේ අසනින් යුතුව දිසා විනිසුරුවරයාට යොමු කර ඇති බව පැවසේ. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තිලිණ ගමගේ මහතා සම්බන්ධයෙන් සිදුකරමින් පවතින විනය පරීක්ෂණයක් හේතුවෙන් මෙම වැඩ තහනම සිදු කර ඇත. පසුගිය ජුනි මාසයේදී අධිකරණ සේවා කොමිෂන් සභාව තිලිණ ගමගේ මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර එම චෝදනා පත්‍රයට අනුව දින 21ක් ඇතුළත නිදහසට කරුණු දක්වන ලෙසට දැනුම් දී ඇත. තිලිණ ගමගේ මහතා විසින් “සකුරා” නැමැති අලි පැටවකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මහාධිකරණය…

Read More

2025 ශ්‍රේණි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව මාස 09කින් ප්‍රමාද වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඉදිරි දින කිහිපය තුළදී ස්ථාන මාරු ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලබාදෙන විසඳුම් මත හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවා ඉදිරි ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරන බවත් එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අභිනව විධායක සභාව සහ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති අතර එහිදී මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ බවත් ඔහු සඳහන් කළේය. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්මාණය කර ඇති අනවශ්‍ය ගැටලුකාරී සහ ගැටුම්කාරී වාතාවරණය මෙහිදී විශේෂ අවධානයට ලක්වූ…

Read More