ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (25) පැවති තරගයේදී අතිවිශිෂ්ට උඩපන්දු රැකීමක නිතර වූ කමිඳු මෙන්ඩිස් මේ වනවිට ඉන්දියාව තුළ වැඩි කථාබහකට ලක්ව සිටියි.
ඉන්දීය මාධ්‍ය මෙන්ම ක්‍රීඩා විචාරකයන්ද පවසා ඇත්තේ ඔහුගේ මෙම අසාමාන්‍ය දක්ෂතාව නිසැකවම මෙවර තරගවාරයේ මේ දක්වා හොඳම උඩපන්දු රැකගැනීම බවයි.
සන්රයිසස් හයිද්‍රබාද් වෙනුවෙන් ක්‍රීඩාකරන කමිඳු, ඩිවාල්ඩ් බ්‍රෙවිස් දවාගැනීම සඳහා මෙම විශ්මයජනක උඩපන්දුව රැකගනු ලැබීය.
චෙන්නායිහිදී පැවති මෙම තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට හයිද්‍රබාද් කණ්ඩායම සමත් විය.
එහිදී තුන්ඉරියව්වෙන්ම දක්ෂතා දැක් දැක්වීමට කමිඳු සමත් විය.
ඔහු පන්දු යැවීමේදී පන්දුවාර 3ක් යොමුකළ ඔහු ලකුණු 26කට එක් කඩුල්ලක් දවාගැනීමට සමත් විය.
එමෙන්ම පන්දුවට පහරදීමෙන්ද ඔහු පන්දු 22කින් ලකුණු 32ක් රැස්කළේය.