මහින්ද රාජපක්ෂ මහතා නිල නිවසින් ඕනෑම වෙලාවක ඉවත්ව යෑමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (20) පැවසීය.
එතුමා මහින්ද රාජපක්ෂ වීම නිසා නිල නිවසින් ඉවත් යෑමට සූදානම් බවත් වර්තමාන ජනාධිපතිතුමාට එම නිවස කාට හෝ විකුණාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහත්මයා ඉවත්කිරීමට අවශ්‍ය නම් එය ලිඛිතව දැන්විය හැකි බවත් නාමල් රාජපක්ෂ මහතා කීය. එම නිවස ඉල්ලා ගත් දෙයක් නොවන අතර එය ව්‍යවස්ථානුකූලව හිටපු ජනාධිපතිවරයාට ලැබුණු දෙයක් බව ද නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.