කොව්ඩ් සමයේදී මුස්ලිම් ජනතාවගේ දේහ ආදාහනයට නියෝග පැනවීමෙන් සිදුවූ අපහසුතාව ගැන ඉස්ලාම් ජනතාවගෙන් තමා සමාව ඉල්ලා සිටින බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23) පැවසීය.
මුස්ලිම් ජනතාවගේ දේහයන් ආදාහනය කිරීමෙන් ඒ ජනතාවට සිදුවූ අපහසුතාවය ගැන සමාව ඉල්ලා සිටීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
විජයදාස රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.
මමත් විදේශ කටයුතු ඇමතිතුමාත් ඊයේ අපි කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කළා. කොවිඩ් සමයේදී මුස්ලිම් අයගේ දේහ අාහනයේදී අනුගමනය කරපු බලහත්කාර ප්‍රතිපත්තිය ගැන කතා කළා. අපි ඒක ඉදිරිපත් කළේ ජල සම්පාදන අමාත්‍යාංශය දීපු වාර්තාව අනුවයි. ඒ අනුව එම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලීමේ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා. අපි ඒ තීරණයට වගකිවයුතු අය නොවුණත් එදා ආණ්ඩුවේ තනතුරු නොදැරුවත් ඒ අවස්ථාවේදී වෙච්ච දේ පිළිබඳව ඉස්ලාම් ජනතාවට කණගාටුව පළ කරනවා.