තලාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනකු, අපේක්ෂකයන් පස් දෙනකු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු 55 දෙනෙක් සමගි ජන බලවේගය සමග පෙරේදා (28දා) එක් වූහ.
තලාව ප්‍රාදේශීය සභාවේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනකු වන චන්ද්‍රසිරි දිසානායක සහ ධර්මසිරි තිලකවර්ධන, මෙවර මැතිවරණයට තරග කිරීම සඳහා නාම යෝජනා භාරදුන් දනුශ්ක දුලාජි දිසානායක, එම් මුණසිංහ , චමින්ද ගුණපාල , සෝමසිරි දිසානායක , බී.සී. ගුණපාල යන මහත්වරු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරී ප්‍රාදේශීය සංවිධායකවරුන් ඇතුළු ක්රියාකාරකාරීහු 55 දෙනෙක් අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී, සජබ සහකාර ලේකම් රෝහණ බණ්ඩාර මහතා හා අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායිකා මල්ලිකා දිසානායක ඉදිරියේ සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වය මෙසේ ලබා ගත්හ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින ඉහළ නිලධාරීන් පක්ෂය සම්පූර්ණයෙන් වළ දමා හමාර බවත් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් විශාල මෙහෙයක් කරන සජිත් ප්‍රේමදාස මහතා සමග අත්වැල් බැඳ ගෙන සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවීම සඳහා තම කණ්ඩායම කැපවීමෙන් කටයුතු කරන බවත් එම පිරිස් මෙහිදී පැවසූහ.