විදුලිබල හා බලශක්ති ක්ෂේත්රවල ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් මෙරට චීන වාණිජ මණ්ඩලයේ බලශක්ති ක්ෂේත්රයේ සමාගම්වල නියෝජිත පිරිස දැනුවත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
මෙරට චීන තානාපති කාර්යාලයේ ඉල්ලීමකට අනුව කළ දැනුවත් කිරීමේදී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, හරිත හයිඩ්රජන් ව්‍යාපෘති, තෙල් සහ ගෑස් ගවේෂණය, නව පිරිපහදු, ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව රජයේ ප්‍රතිපත්ති සහ ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා සදහන් කළේය.
මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ නිළධාරීන්, විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය, විදුලිබල මණ්ඩලය, ලෙකෝ ආයතනය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ඛණිජ තෙල් සංස්ථාව, ඛණිජ තෙල් ගබඩා පර්යන්තය, ඛණිජ සංවර්ධන අධිකාරිය නියෝජනය කරන නිළධාරීනිලධාරීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
එම දැනුවත් කිරීමේ හමුව ඊයේ (29) එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.