ශ්රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම මලල ක්රීඩකයකු වන හිටපු කෙටි දුර ධාවන ශූර සුගත් තිලකරත්න මහතා ජාතික ජනබලවේගයේ ජාඇල ආසන බලමණ්ඩල රැළියේදී ඊයේ (6) පළමු වරට දේශපාලන වේදිකාවට අවතීර්ණ විය.
ශ්රී ලංකා මලල ක්රීඩකයන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයා ද වන ආසියානු පදක්කම් ලාභී ‘විදුලිපුර ධාවකයා’ යන නාමයෙන් හදුන්වන සුගත් තිලකරත්න මහතා ජාඇල රැළිය ඇමතීම ද කැපී පෙනුණි.