සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් හෙළිදරව් කිරීමත් සමග තමන් ඇතුළු පිරිසකට මේ වන විට මරණ තර්ජන එල්ල වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන ඊයේ (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
මෙම මර්ජන තර්ජන සමගි ජන බලවේගයේ තමන් හා සෞඛ්‍ය කමිටු ලේකම් කවින්ද මාකලන්ද ඇතුළු සාමාජිකයින්ට එල්ල වී ඇති බවටයි ඔහු පැමිණිල්ලේ සදහන් කර ඇත්තේ.
දුරකථන අංකය නොපෙන්වන ඇමතුමක් හරහා මෙම මරණ තර්ජන එල්ලවන කරන අතර එම තර්ජන මගින් තම පවුල් වල සාමාජිකයින්ගේ ජීවිත වලටද මරණීය තර්ජන එල්ල කරන බවට මන්ත්‍රීවරයා වැඩිදුරටත් තම පැමිණිල්ලේ සඳහන් කර සිටියා.