අස්වැසුම හඳුන්වා දීම සමෘද්ධි ව්‍යාපාරය අඩපණ කිරීමට රජය ගත් තීන්දුවක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
ඊ (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ, ලබන සතිය වනවිට ආබාධිත, වකුගඩු රෝගී හා වැඩිහිටි දීමනා යළි ලබා දීම ආරම්භ කරන බවයි.
මේ අතර, ලබන සැප්තැම්බර් මාසයට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු සමාලෝචනයට පෙර ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය අවසන් කරන බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.