අයිස් මත්ද්‍රව්‍ය මෙරට තුළ ව්‍යාප්තිය ආරම්භ වී වසර තුනක් වැනි කෙටි කාලයක් ගත වුවද එම කාලය තුළ සෙසු මත්ද්‍රව්‍ය වලට සාපේක්ෂව අයිස් මත්ද්‍රව්‍ය වල සීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසනවා.
මෙම වසරේ ජනවාරි මස පළමු වන දා සිට පළමුවනදා සිට ජූලි මස 15 වනදා දක්වා වනදා දක්වා කාලය තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 389ක් සමග සැකකරුවන් තිස් 2361 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම එම කාලය තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 32.7ක් සමග සැකකරුවන් 10,757ක් අත්අඩංගුවට ගෙන ඇති අතර හෂීස් කිලෝ 98.8ක් හා කොකේන් කිලෝ 5.3ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.
මේ අතර ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක විය යුතු මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ අලස් ගේ ප්‍රධානත්වයෙන් ලබන මස 04 වනදා විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.
මත්ද්‍රව්‍ය නිවාරණයට අදාල නිලධාරීන් 100 දෙනකුගේ පමණ සහභාගීත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙන බව සඳහන්.