ජාතික සංහිඳියා වැඩසටහන පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින් දැනුවත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුවක් ලබන 26 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් නායකයින්ට මේ සඳහා ආරාධනා කර තිබෙනවා.