වවුනියාව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල හිටපු සාමජිකයින් පිරිසක් ඊයේ එක්සත් ජාතික පක්ෂයට එක් වී තිබෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ හිටපු සභාපතිවරයෙක් වූ කසුන් සුමතිපාල ද ඒ අතර සිටින බවයි අප ප්‍රාදේශීය වර්තාකරු සඳහන් කළේ.
එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බංඩාර වවුනියාව දිස්ත්‍රික්කයේ අද සිදු කළ සංචාරයක දී එම පිරිස පවසා ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සදහා තමන් මේ පක්ෂයට එකතුවන බවයි.
එමෙන්ම වවුනියාව දිස්ත්‍රික්කයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ප්‍රේමරත්න සුමතිපාල ද මෙලෙස එක්සත් ජාතික පක්ෂයට එකතු වූ බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරයා රට සංවර්ධනය කරා ගෙන යන වැඩපිළිවෙලට සියලු පාර්ශව එක්ව සහයෝගය දැක්විය යුතු බවයි වැඩසටහනට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළේ.
මෙම අවස්ථාවේ දී වැලිඔය ප්‍රදේශය නියෝජනය කළ පළාත් පාලන සභිකයින් තිදෙනකු ද එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සහයෝගය දැක්වීමට එම පක්ෂයට එකතු වූ බවයි වාර්තා වන්නේ.