ගෝමරන්කඩවල කරගහවැව ගම්මානයට ඊයේ (06) සවස අලි රංචුවක් කඩා වැදී තිබෙනවා.
එම අලි රංචුව එළවීමට නිලධාරීන් පිරිසක් ඉදිරිපත් වී ඇති අතර එහි සිටි සිවිල් ආරක්ෂක බළකායේ භටයෙකුට වල් අලියකු පහරදී තිබෙන බවයි අප ප්රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
අලියාගේ පහර දීමෙන් සිවිල් ආරක්ෂක නිළධාරියා එම අවස්ථාවේදීම මිය ගිය බව ගෝමරන්කඩවල පොලීසිය සඳහන් කළා.
මෙසේ මියගොස් ඇත්තේ ආනන්ද ගාමිණි නැමැති සිවිල් ආරක්ෂක බළකායේ භටයෙක්.
වනජීවී නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බළකායේ කණ්ඩායමක් කරගහවැව ගම්මානයට කඩා වැදුණු වල් අලි රංචුව එළවීමට උත්සහ කිරීමේ දී අදාළ නිළධාරියාට මෙම පහර දීම සිදු වී ඇතැයි ගෝමරන්කඩවල පොලිසියේ නිලධාරියෙක් වැඩිදුරටත් සඳහන් කළා.