ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන් වර්ජනයකට

0
162

ඉන්ධන ප්‍රවාහන රථවලට කිලෝ මීටරයකට ගෙවන මුදල ඉහළ දැමුවත් මෙතෙක් එම මුදල නොලැබෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

අදාළ මුදල මේ මස 27 වන දින වන විට නොලැබුණහොත් යම් යම් වෘත්තිය ක්‍රියාමාර්ග දියත් කර ඔක්තෝම්බර් 06 වන දින මධ්‍යම රාත්‍රී 12.00 ඉන්ධන ප්‍රවාහනය කිරීමෙන් ඉවත් වන බවද එම සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා සඳහන් කළේය.

පසුගිය වසරේ ජූනි මාසයේ සිට බලපැවැත්වෙන ලෙස එම වසරේ සැප්තැම්බර් 14 වන දින කිලෝමීටරයකට ගෙවන මුදල ඉහළ දැමූ බවද සිල්වා මහතා පවසා සිටියේය.