හැටන් අධ්‍යාපන කලාපය හැර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් අද (05) සිට යළි විවෘත කිරීමට නියමිතය.
පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති විය හැකි ආපදා සැලකිල්ලට ගෙන අදාළ දිස්ත්‍රික්කයන්හි සියලුම පාසල් වසා දැමීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගනු ලැබීය.
මේ අතර අයහපත් කාලගුණ තත්ත්වයෙන් දිස්ත්‍රික් 9ක පුද්ගලයින් 11,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පවුල් 3,014 කට අයත් පුද්ගලයින් 11,832දෙනෙකු මෙලෙස පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
ආපදා අනතුරුවලින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.
එමෙන්ම ආපදා අනතුරුවලින් නිවාසයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තවත් නිවාස 290කට අර්ධ හානි සිදුව ඇති බව සඳහන්ය.
ඊයේ (04) සවස 6ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයට අනුව සුරක්ෂිත මධ්‍යස්ථාන 51ක පුද්ගලයින් 3,538දෙනෙකු තාවකාලිකව නවතා සිටී.

