අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීමේ සහ 2027 අයවැය යෝජනා පිළිබඳ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ ආයතන විසින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල භෞතික සහ මූල්‍ය ප්‍රගතිය මෙන්ම ඉදිරි සැලසුම් සහ 2027 අයවැය යෝජනා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

