පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මධ්‍යම පළාතේ හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කලාපවලට අයත් සියලුම පාසල් වසා තබන්නේ ද, නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීම එම පාසල්වල විදුහල්පතිවරුන් වෙත පවරා තිබේ.
ඒ අනුව අදාළ පාසල්වල විදුහල්පතිවරුන්ට පවතින අහයපත් කාලගුණික තත්ත්වය යටතේ එම පාසල් පවත්වන්නේද නැතිද යන්න තීරණය කළ හැකි බවට පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරයා සඳහන් කළේය.

