ලොවම අවධානයෙන් පසුවන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා චීනයේ ‘ග්‍රේට් හෝල් ඔෆ් ද පීපල්’ (Great Hall of the People) මන්දිරයේදී මීට ස්වල්ප වේලාවකට පෙර ආරම්භ විය.
දෙරටේ නායකයින් අතර පැවැත්වෙන මෙම තීරණාත්මක සාකච්ඡාව සඳහා විශාල මාධ්‍ය පිරිසක් සහ ආරක්ෂක අංශ සූදානමින් සිටින අතර, ජනාධිපති ට්‍රම්ප් ඇතුළු අමෙරිකානු දූත පිරිස මේ වන විට ප්‍රධාන සම්මන්ත්රණ ශාලාවේ අසුන්ගෙන සිටින බව වාර්තා වේ.
චීන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරන පරිදි, මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා ජනාධිපති ට්‍රම්ප් සමඟ අමෙරිකානු රජයේ ප්‍රබල නිලධාරීන් පිරිසක් එක්ව සිටිති.

