ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට සහයෝගය පළකරන බව දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විනයාගර් මූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා පැවසීය.
ඒ මහතා එසේ පැවසුවේ පානදුර තල්පිටිය එක්සත් ජාතික පක්ෂ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනි.
තවදුරටත් අදහස් දැක්වූ කරුණා අම්මාන් මහතා මෙසේ දේ පැවසීය.
අපි අපේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාව අගය කළ යුතුයි.ඔහුට විතරයි රට ආපසු ගොඩනඟන්න පුළුවන්. හැමෝම අතීතය දන්නවා. හිටපු ජනාධිපතිවරයා සෑම ක්ෂේත්රයක්ම විනාශ කළා.
හැබැයි රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා වැඩ භාර ගත්තට පස්සේ තමයි අපි හොඳ තත්ත්වයකට ඇවිත් ඉන්නේ. විශේෂයෙන්ම උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව ඔහුට ඡන්දය ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒක ගැන කිසිම ගැටළුවක් නැහැ.සියලුම ජනතාව ජනාධිපතිවරයාට සහාය ලබා දෙන්න සූදානමින් ඉන්නවා .ඒකයි මමත් ඔහුට සහයෝගය දක්වන්නේ අපේ පක්ෂයත් ජනාධිපති රනිල් වික්රමසිංහට සහයෝගය ලබා දෙනවා