හොරණ සහ තෙලිකඩ දොඩංගොඩ ප්රදේශ වල ඊයේ (31) සිදු වූ රිය අනතුරු දෙකකදී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 76 හැවිරිදි මානාන බුලත්සිංහල ප්රදේශයේ පදිංචි ව සිටි කාන්තාවක් සහ හෑගොඩ, බූස්ස ප්රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලයෙකි.
හොරණ බුලත්සිංහල මාර්ගයේ බැල්ලපිටිය හංදිය අසලදී හොරණ දෙස සිට මතුගම දෙසට ධාවනය වූ පුද්ගලික බස්රථයක් මාර්ගයේ මගීන් බස්සවා නැවත ඉදිරියට ධාවනය කිරීමේ දී එම බස් රථයෙන්ම බැස්ස මෙම කාන්තාව බස් රථයට ඉදිරියෙන් මාර්ගය හරහා මාරුවීමට යාමේ දී මෙම අනතුර සිදුව ඇත.
අනෙක් අනතුර සිදුව ඇත්තේ දොඩංගොඩ, තෙලිකඩ ප්රදේශයේ දී වක්වැල්ල දෙස සිට දොඩංගොඩ දෙසට ධාවනය වූ යුද හමුදාවට අයත් ට්රක් රථයක් ඊට ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙනි .
අනතුරෙන් මෙම පුද්ගලයා බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේන පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
බස් රථයේ සහ ට්රක් රථයේ රියදුරන් අත්අඩංගුවට ගෙන ඇත.