කිලිනොච්චිය දිස්ත්‍රික් මහරෝහලේ අලුත උපන් බිළිඳුන් දෙදෙනෙකුගේ මරණ සහ මළ දරු උපත් දෙකක් පසුගිය සතියක කාලය තුළ වාර්තා වී තිබුණි.
උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ටී සත්‍යමූර්ති මහතා පැවසුවේ අදාළ මරණවලට හේතුවූ කරුණු නිශ්චිතව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කෙටි කාලයක් තුළ බිළිඳු මරණ 04ක් මෙලෙස වාර්තා වීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවය.
මේ වනවිට ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් ඒ සඳහා පත් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.