නියමිත කාලයට ඡන්ද විමසීම් නොපැවැත්වීම අපරාධයක් බවත් අගෝස්තු ලෝක තරුණ දිනයට කලින් හෝ එසේ නොමැතිනම් සැප්තැම්බර් 15 දාට යෙදෙන ලෝක ප්රජාතන්ත්රවාදී දිනයට ප්‍රථම මැතිවරණය පවත්වාවියැයි තමන් අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
“මොන තත්ත්වයක් උඩ හරි නියමිත කාලය තුළ ඡන්ද විමසීම පවත්වන්නේ නැති එක අපරාධයක්. ඒ වගේම කනගාටුදායක තත්ත්වයක්. රටක නොවිය යුතු දෙයක්. මේ ප්රශ්නය විසඳගන්න පුළුවන් කොහොමද කියන එක තමා අද තියෙන ගැටලුව. ඒ හැකියාව තියෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවටයි, මුදල් අමාත්‍යාංශයටයි, මහ භාණ්ඩාගාරටයි එකතුවෙලා මිසක් මාධ්‍යවලටවත්, අපටවත්, රටේ සාමාන්‍ය ජනතාවටවත් නෙමෙයි.
නියෝජන ප්රජාතන්ත්රවාදය නැතිවීමක් තියෙනවා. ප්රජාතන්ත්රවාදය කියන එකට නියෝජන ප්රජාතන්ත්රවාදය ප්රජාතන්ත්රවාදය විතරක් නෙමෙයි ආර්ථික නිදහස, සංස්කෘතික නිදහස, ආගමික නිදහස, මුලික අයිතිවාසිකම්වල තියෙන සියලු කරුණු ඇතුළත් වෙනවා.
ඇත්තටම මැතිවරණ නැහැ කියන්නේ, ප්රජාතන්ත්රවාදය නැහැ කියන එක. මම බලාපොරොත්තු වෙනවා අඩුම ගානේ, අගෝස්තු මාසයේ ලෝක තරුණ දිනයට කලින්වත් එහෙම නැත්නම් සැප්තැම්බර් 15 ලෝක ප්රජාතන්ත්රවාදි දිනය වෙද්දිවත් මේ ඡන්ද විමසීම තියයි කියලා.
ප්රශ්නය – ඔබතුමා තමයි මේ රටේ සාර්ථකවම මැතිවරණ ගණනාවක් පැවැත්වූ සාර්ථකම පුද්ගලයා. ඇයි මේකට සහායක් දීලා කරන්නේ නැත්තේ ?
එහෙම එකක් නෑ. මම තමා ජගතා, මට විතරයි කරන්න පුළුවන් කියන මතයේ මම නෑ. මම පොර නෙමෙයි. මට වඩා පොරවල් ඉන්නවා…