පානදුර දකුණ පොලිස් වසමේ දුම්රිය පොළ පාර අසලදී නඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
ඊයේ (19) සවස් කාලයේදී 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවුඩයක් මත එම සිරුර සොයාගෙන ඇත.
මරණකරු උස අඩි 05යි අඟල් 02ක් පමණ කෙට්ටු සිරුරකින් හෙබි වයස අවුරුදු 60ක පමණ පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.
කොණ්ඩය පැසුනු ස්භාවයකින් යුක්ත වන අතර උඩුකයට සුදු පැහැති දික් ඉරි සහිත අත්කොට කමිසයක්ද යටි කයට දුඹුරු පැහැති හරස් ඉරි සහිත සරමක්ද හැඳ සිටින බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.