Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Featured»බුද්ධි අංශ හෙළිදරව්වක් – හඳුන්නෙත්ති කී කතාව
    Featured

    බුද්ධි අංශ හෙළිදරව්වක් – හඳුන්නෙත්ති කී කතාව

    By LFNFebruary 17, 2023No Comments2 Mins Read87 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බුද්ධි අංශ වාර්තා අනුව මාලිමාව මෙවර සියයට 80කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් මැතිවරණයෙන් ජයගන්නා බව රජයට දැනුම්දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

    අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුනිල් හඳුන්නෙත්ති මහතා.

    “රනිල්ගේ, ගෝඨාභයගේ, රාජපක්ෂලාගේ, ඒ වටේ ඉන්න හෙන්චයියලාගේ පරාජය නළලේ ලියලා ඉවරයි. බුද්ධි අංශ විසින් ඒගොල්ලන්ට දීලා තියෙන වාර්තා සියල්ල කියන්නේ මොකක්ද. ? ජනතාව දිනන විසඳුම මාලිමාව ජනතාව පිළිඅරගෙන අවසානයි. ප්‍රතිඵලය සියයට 80ට වැඩියි කියන පණිවුඩය දැන් දීලා තියෙන්නේ. මැතිවරණ කොමිසමටත් අයිතියක් තියෙනවා. මැතිවරණය පවත්වන්න. මැතිවරණයට අවශ්‍ය මුදල් දෙන්න. භාණ්ඩාගාරයට අයිතියක් තියෙනවා. අද අපිට හුඟක් දෙනෙක් කතාකරලා කියනවා. සහෝදරයා අපි සල්ලි එකතු කරලා දෙන්නම් ලු. අපි සල්ලි එකතු කරලා දෙන්නම් ලු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න. නෑ අවශ්‍ය නෑ. මේ රටේ ජනතාව එච්චර කරදර වෙන්න ඕන නෑ. නිදහස් උත්සවේ ටොයිලට් හදාගන්න පැය දෙකකට එක්කෝටි හතළිස් දෙලක්ෂයක් ගියා. රනිල් වික්‍රමසිංහට පැය දෙකක් තටමන්නේ නැතුව ඉන්න බැරි වුණා. නිදහස් උත්සවේට ගියපු ගාණ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න යන ගාණ. ඒක හින්දා දෙන්න ඕන නෑ මේගොල්ලොන්ට හොරකම් කරන එවුන්ට දෙන්න ඕන නෑ. ඒගොල්ලෝ ඡන්දය දිනනවා නම්, ඒගොල්ලෝ කැමති එකෙක් දිනනවා නම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මේ තියෙන්නේ මාලිමාව දිනන හින්දා, මාලිමාව දිනවන්නේ නැතිවෙන්න ගහන ගුණ්ඩුව. ඒක පරාජය කරනවා, සහතික ලෙස ඒක අපි පරාජය කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023418 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක්

    March 24, 2023087 Views

    ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒ,…

    මෙරට බැංකු පද්ධතිය ස්ථාවරයි

    March 24, 2023

    අත්දෙක කපාගෙන ගිය සැකකරු භාරවෙයි

    March 24, 2023

    පාරිභෝගිකයින්ට සතොසෙන් සහනයක්

    March 24, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.