ඉදිරි දින කිහිපය තුළ ඉන්ධන මිලෙහි සැලකිය යුතු වැඩීමක් සිදුකළ යුතු බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, ඩීසල් ලීටරයක මිල රුපියල් 600ක් දක්වා වැඩි කළ යුතුව ඇති බවය.
ඊයේ (25) රාත්‍රී ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහන සමඟ එක්වෙමින් ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.
“දළ වශයෙන් ඩීසල් මිල රු 600කට වත් යන්න අවශ්‍යයයි. මැයි 6 වෙනිදා දත්තවලට අනුව පෙට්‍රල් මිලත් අඩුම වශයෙන් රු 20කින් රු 30කින් වැඩි වෙන්න ඔ්නේ. නමුත් ඒක සහනාධාරයක් දීලා යම් කිසි ප්‍රමාණයකට බැලන්ස් කරගන්න පුළුවන්. තෙල් මිල වැඩි කරේ නැතුව හිටියෝත් සිදුවන දේ තමා දැන් වෙන්නේ. රුපියල අවප්‍රමාණය වෙන්න බලපානවා. රුපියල අවප්‍රමාණය වුණොත් මොකද වෙන්නේ තෙල් මිල ආයම වැඩිවෙනවා. මේ චක්‍රය තමා කලින් පාරවල ගියේ. ඒක තමා ආර්ථික අර්බුදයට යන ගමන් මාර්ගය. උද්ධමනයට විශාල බලපෑමක් ඇති කරනවා. හැබැයි තෙල් මිල වැඩිකරන්නේ නැතුව රුපියල අවප්‍රමාණ වුණොත් උද්ධමනයට ඊට වඩා බලපෑමක් ඇති කරනවා…”
ඉන්ධන මිල ඉහළ දැමීමේ දී තෝරාගත් සමාජ ස්ථරයන් සඳහා ඉන්ධන සහනාධාරක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බව ද එම සාකච්ඡාවේ දී ධනනාත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

