Lanka24x7

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023
    Facebook Twitter Instagram
    Lanka24x7
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka24x7
    Home»Local News»පහ වසරේ දියණියට අතවර කළ පියා අත්අඩංගුවට
    Local News

    පහ වසරේ දියණියට අතවර කළ පියා අත්අඩංගුවට

    By 24x7December 28, 2022No Comments2 Mins Read163 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වසර දෙකකට අධික කාලයක සිට තම පියාගෙන් සිදු වන අතවර ඉවසා ගත නොහැකි වූ වයස අවුරුදු 12ක බාලවයස්කාර දැරියක් කිලෝමීටර 12ක දුරක් ගෙවා තනිව ගල්නෑව පොලිසිය සොයා පැමිණ ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කළ බවත්, ඉන් අනතුරුව ප්‍රදේශයෙන් පළා යමින් සිටි සැකකාර පියා අත්අඩංගුවට ගත් බවත් ගල්නෑව පොලිසිය පවසයි.

    මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිට මීට මාස තුනකට පමණ පෙර ගල්නෑව ප්‍රදේශයට තාවකාලිකව පදිංචියට පැමිණි සිටි 35 හැවිරිදි හිටපු යුධ හමුදා සෙබළකු බව පොලීසිය කියයි.

    සිද්ධියට මුහුණ පෑ දැරිය පස්වන ශ්‍රේණියේ දී වැඩි වියට පත්ව ඇති බවත්, එතැන් සිට වයස අවුරුදු 10 (2019) සිට මේ දක්වා පියා විසින් අවස්ථා ගණනාවක දී තමන්ව අතවරයට ලක් කළ බව දැරිය සිදු කළ ප්‍රකාශ වල සටහන්ව ඇතැයි පොලිසිය කියයි.

    මීට දින පහකට පමණ පෙර දැරියගේ මව කුලියට තේ දලු නෙළීම සඳහා ගම්පොල ප්‍රදේශයට ගිය අවස්ථාවේදීද සැකකාර පියා  විසින් දැරිය අවස්ථා කීපයකදී දැරිය අතවරයට ලක් කර ඇති අතර මෙලෙස පියාගෙන් දිගින් දිගටම සිදු වන අතවරයන් ඉවසා ගත නොහැකි වීම හේතුවෙන් එම දැරිය ඊයේ (26දා) ගල්නෑව පොලිසියට පැමිණ සියල්ල ප්‍රකාශ කළ බව පොලිස් ප්‍රකාශකයකු පැවසීය.

    මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් එම නිවස කරා වහා පිටත්ව යන විටත් සැකකාර පියා ප්‍රදේශය අතහැර පලා යමින් පලා යමින් සිට ඇති අතර, පසුව පොලිස් උපායදූතියක් මාර්ගයෙන් දැඩි පරිශ්‍රමයක් යොදා ඉපලෝගම පොලිස් වසමේ සඳුන්ගම දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

    අත්අඩංගුවට ගත් සැකකරු  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණු අතර සිද්ධියට මුහුණ පෑ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

     

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    24x7
    • Website

    Related Posts

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023
    Top Posts

    ජනපති ඡන්දය තියන දවස කියයි

    March 7, 2023420 Views

    රුපියල ශක්තිමත් වූ හේතුව හෙළිකරයි

    March 4, 2023399 Views

    පනාගොඩ සෙබලාගෙ ගිනි අවිය නැතිවීම ගැන සීඅයිඩී විමර්ශන

    March 6, 2023396 Views
    Don't Miss

    මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

    March 29, 2023072 Views

    අද (29) උදෑසන 6 වන විට කොළොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කළ…

    චෝදනා පත්‍රයට පිළිතුරු යැවූ බව ජනක කියයි

    March 29, 2023

    බිත්තර ගැන අලුත්ම ආරංචිය මෙන්න

    March 29, 2023

    විදුලි බිල ගෙවාගත නොහැකි ආගමික ස්ථාන වෙතට දැනුම්දීමක්

    March 29, 2023
    Facebook Twitter YouTube
    All rights received © 2023 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.