සමගි ජනබලවේගය පක්ෂයේ වාර්ෂික සම්මේලනය අද (11) පැවැත්වේ.
එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ අද පස්වරු 01ට පමණ බොරැල්ල කැම්බල් පිටියේදී පක්ෂ සම්මේලනය ආරම්භ වන බවය.
25,000 ක පමණ පිරිසක් ඊට සහභාගිවනු ඇති බව ඒ මහතා ප්රකාශ කළේය.
එළඹෙන පළාත් පාලන මැතිවරණයට ශක්තියක් වෙන පරිදි මෙම සම්මේලනය සංවිධානය කර තිබෙන බවද ඔහු පවසයි.
එමෙන්ම සජබය සමග මිත්ර පක්ෂ රැසක නායකයිද මේ සඳහා සහභාගිවීමට නියමිත බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.